පිලිපීන නාවුක යාත්‍රාව ගිලීමෙන් අවම වශයෙන් 15 දෙනෙකු මියයයි! 28 දෙනෙකු තවමත අතුරුදහන්!
මගීන් 332 ක් සහ කාර්ය මණ්ඩලයේ 27ක් සහිත පිරිසක් රැගත් පිලිපීන නාවුක යාත්‍රාව අද (26) උදෑසන පිලිපීන මුහුදේ ගිලී ගොස් ඇතැයි වාර්තාවේ. අනතුර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, අවම වශයෙන් 43 දෙනෙකු අතුරුදහන් වී ඇති බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පැවසූ බව මැනිලා ස්ටෑන්ඩර්ඩ් පුවත් පටහ වාර්තා කළේය. මේ අතර චීනයේ සින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ, අනතුරට ලක් වූ පුද්ගලයින්ගේ ජාතිකත්වයන් තවමත් තහවුරු කළ නොහැකි බව පිලිපීනයේ චීන තානාපති කාර්යාලය පැවසූ බවයි.
අන්තර් දූපත් භාණ්ඩ හා මගී නෞකාවක් වන එම්/වී ට්‍රිෂා කර්ස්ටින් 3, පිලිපීනයේ සැම්බෝන්ගා වරාය නගරයේ සිට සුලු පළාතේ දකුණු ජොලෝ දූපතට යාත්‍රා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බව පිලිපීන වෙරළාරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් ඒපී පුවත් සේවය වාර්තා කළේය.
යාත්‍රාව පෙරළුණු ස්ථානයට ආසන්නයේ පිහිටි බැසිලන් දූපත් පළාතේ ආණ්ඩුකාර මුජිව් හටමන් ඒපී පුවත් සේවය වෙත පැවසුවේ මගීන් සහ මළ සිරුරු දෙකක් පළාත් අගනුවර වන ඉසබෙලා වෙත ගෙන ආ බවයි.
අද(26) අලුයම බලුක්-බලුක් දූපතේ මුහුදේ වාණිජ මගී යාත්‍රාව ගිලී ගිය පසු පිලිපීන වෙරළාරක්ෂක බලකාය දැවැන්ත සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. පිලිපීන වෙරළාරක්ෂක බලකා නිලධාරීන් පැවසුවේ නෞකාව ඉරිදා රාත්‍රියේ සැම්බෝන්ගා වරායෙන් පිටත් වූ බවයි. එය මුහුදේදී අණතුරට මුහුණ දුන් අවස්ථාව වන විට සුලු හි ජොලෝ වෙත යමින් සිටි බව පිලිපීන මාධ්‍ය ආයතනයක් වන ABS-CBN ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.
පිලිපීන වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව සහ ධීවර බෝට්ටු සමූහයක් සමඟ බැසිලාන් පළාතෙන් ඔබ්බෙහි සෙවීමේ සහ ගලවා ගැනීමේ උත්සාහයන් සිදු කරන ලද බව AP පුවත් සේවය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා