දොස්තරලා අද සිට අඛණ්ඩ සටනක..
සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු අද (26දා) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ඊයේ (25දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
වෘත්තීය ක්‍රියාමාර්ග 5ක් ඉලක්ක කර මෙම ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ද හෙතෙම කීය.
මෙම වර්ජනය ළමා රෝහල, මාතෘ රෝහල, අපේක්ෂා රෝහල, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතය යන රෝහල්වල ක්‍රියාත්මක නොවන බව ද කියා සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.
"රෝහල් පද්ධතිය තුළ, සායන තුළ, බාහිර රෝගී ඒකක තුළ යම් ඖෂධයක් නැත්නම් ඒ නැති ඖෂධය බාහිර ඔසුසල්වලින් ගන්න රෝගීන්ට තුණ්ඩු නිකුත් කරන්නේ නැහැ.
ඒ වගේම රෝහල්වල නැති රසායනාගාර පරීක්ෂණ පිටත රසායනාගාරවලින් හෝ පෞද්ගලික රෝහල්වලින් සිදු කරන්න කියලා අපි තුණ්ඩු සහ නිර්දේශ නිකුත් කරන්නෙත් නැහැ.
දැනට අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව සපයන්න බැරිනම් ඊළඟට අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව සම්මත කරගෙන හෝ රජයේ රෝහල්වල නව ඒකක ආරම්භ කිරීමට අපි අද ඉඳලා අවස්ථාව දෙන්නේ නැහැ.
දේශපාලන වුවමනාවට දේශපාලන අවශ්‍යතාවයන් මත යම් සායන, යම් යම් සෞඛ්‍ය කඳවුරු පවත්වනවා. ඒ පවත්වන සෞඛ්‍ය කඳවුරු හා සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපේ සාමාජිකයන් යොදවන්නේ නැහැ. ඒ වගේම සහයෝගය දක්වන්නෙත් නැහැ.
යම් රෝහලක, යම් සායනයක, යම් බාහිර ප්‍රතිකාර ඒකකයක රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාගේ සහායට, සහායක නිලධාරියකු (චැපරෝන්) ලබාදෙන්නේ නැත්නම් ඒ රෝහල්වල, ඒ සායනවල බාහිර ප්‍රතිකාර ඒකකවල වෛද්‍යවරුන් එම ස්ථානවල වැඩ කරන්නේ නැහැ. ඒවයින් ඉවත් වෙනවා.
අපි අද ඉඳලා ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ නොකර ඉන්න නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැත්නම් මතක තියාගන්න ඔබ නිසයි මේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටෙන්නේ. ඒකෙ වගකීම සෞඛ්‍ය ඇමැතිවරයා හෝ රජය ගන්නේ නැත්නම් අඛණ්ඩව මේ සෞඛ්‍ය සේවාව බිඳවැටෙනවා."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..