ලොව හොඳම විද්‍යාඥයන් 2% අතරට ගිය ආචාර්ය චන්න ජයසුමනට විශ්වවිද්‍යාල දොර වසයි...
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන නැවත එම ධුරයට පත්කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වෙයි.
2020 මහා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට මහාචාර්ය ධුරයෙන් ඉවත්වූ චන්න ජයසුමන නැවත 2024 දෙසැම්බරයේ සිය ධුරය සඳහා ඉල්ලුම්කර තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජයසුමන සේවය කළ දෙපාර්තමේන්තුවේ මේ වන විට එක් මහාචාර්යවරයෙකු පමණක් සේවය කළද පුරප්පාඩු පැවතියද ඔහු නැවත බඳවා ගැනීමට කටයුතු කර නොමැත.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ඉහළින් ලැබෙන නියෝග අනුව කටයුතු කිරීමට සිදුව ඇති බවයි. ආචාර්ය චන්න ජයසුමන මේ පිළිබඳ අධ්‍යාපන අමත්‍ය අගමැතිනි හරිනි අමරසූරියගෙන් ලිඛිතව විමසුවද ඊට ප්‍රතිචාර දක්වා නොමැත.
ආචාර්ය චන්න ජයසුමනගේ පර්යේෂණ සඳහා හතර වරක් ජනාධිපති සම්මාන හිමි වූ අතර 1958 වයස අවුරුදු 38දී මහාචාර්ය ධුරයට පත්ව ආචාර්ය සේනක බිබිලේ තැබූ වාර්තාව 2016 වසරේදී වයස අවුරුදු 36දී මහාචාර්ය ධුරයට පත්වෙමින් බිඳ දමන ලදි.
2019 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය පිරිනමන අන්තර්ජාතික සම්මානය මහාචාර්ය ජයසුමනට හිමි විය. එම සම්මානය හිමි වූ පළමු දකුණු ආසියාතිකයා ඔහුය. ඒ විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ නොසැලී කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ වෙනුවෙනි.
ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන විද්‍යාඥයන් වර්ගීකරණයේදී ලොව හොඳම විද්‍යාඥයන් 2% අතරට අඛණ්ඩව තෙවරක් තේරී පත්වීමට ඔහුට හැකි විය.
මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන්ට ආචාර්ය චන්න ජයසුමනගේ සේවය අහිමි කර තිබුණ ද ඔහු විදෙස් විශ්වවිද්‍යාල දෙකක ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..