අන්තවාදී බලපෑම් නිසා උතුරු නැගෙනහිර බෞද්ධ පුදබිම්වලට සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් දැනුවත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක්..
පුරාවිද්‍යා ස්ථාන සහ උතුරු නැගෙනහිර බෞද්ධ පුදබිම්වලට සිදුවී ඇති අන්තවාදී බලපෑම නිසා සිදුව ඇති විනාශය පිළිබඳව ඉක්මන් පියවර ගන්නා ලෙස බල කරමින් ජාතික_උරුමයන්_සුරැකීමේ මධ්‍යස්ථානය මඟින් මාධ්‍ය සාකච්චාවක් පවත්වන ලදී.
වත්මන් පාලනය පැමිණ කෙටි කාලයක් තුළ දී මෙම විනාශයන් සිදුවී ඇති බවටද එහිදී චෝදනා එල්ල විය.
1. මඩකලපුව, මන්මුනේ දකුණ, කෝරළේ පත්තුව, වාලච්චේන යන ප්‍රදේශවල පැරණි බෞද්ධ පුදබිම් කරා යෑමට මග පෙන්වන නාම පුවරු ගැලවීම (තාන්දාමලේ හෙවත් රහත්ගල, තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකච්චේනෙයි, සුරාවේලි, මුරුන්කන්ටිව්)
2. පැරණි බෞද්ධ පුදබිම් කරා යෑමට මග පෙන්වන නාම පුවරු ගැලවීම හා ඒ ස්ථානවල ව්‍යාජ ඉතිහාස කරුණු සඳහන් පුවරු සවි කිරීම (උදා - යාපනය කදුරුගොඩ විහාරය)
3. උතුරේ පවතින බෞද්ධ නටබුන් පැරණිම ස්ථානය වන කදුරුගොඩ විහාරයෙහි පුරාවිද්‍යා භූමිය ආවාසය සහිත භූමියෙන් වෙන්කොට වැටක් ගසා බෞද්ධ අනන්‍යතාවය යටපත් කොට සර්වාගමික මුහුණුවරක් ලබාදීමට කටයුතු කිරීම.
4. බෞද්ධ පුදබිම් කරා යෑමට මග පෙන්වන නාම පුවරු ගැලවීම හා ඒවා වෙනුවට සංචාකර අමාත්‍යංශය මැදිහත් වීමෙන් එම ස්ථාන කෝවිල් බවට දක්වමින් පුවරු සවි කිරීම. (වඩුන්නාගල හෙවත් වඩ්ඩමාන පබ්බත පුරාවිද්‍යා ස්ථානය)
5. සෑම පොහෝ දිනකම දෙමල අන්තවාදීන් විරෝධතා දක්වන උතුරේ ඉපැරණි සිද්ධස්ථානයක් වන තිස්ස විහාරය පිළිබඳව පසුගියදා ජනපතිතුමා යාපන දිසාවේ කළ සංචාරයේ දී වෛරී ප්‍රකාශයක් සිදුකිරීම හා එහි ඉඩම් අත්පත්කර ගැනීමේ සැලැස්ම
6. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඉතිහාස විෂයෙහි ජාතිකත්වය පිළිබිඹු කරන කාරණා ඉවත් කොට එය වෛකල්පිත විෂයක් බවට පත් කිරීම.
7. “රාමායණ මංපෙත” යනුවෙන් වන සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් යටතේ ඊළාම් මතවාද තේමා කරගත් චිත්‍රපට අපගේ පුරාණ නටබුන් මත රූපගත කිරීමට අවසර ලබාදීම.
8. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා තවමත් අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු ස්ථීරව පත් නොකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිෂ්ක්‍රීය තත්වයට පත්කිරීම.
9. පුරාවිද්‍යා ස්ථාන රැක ගනිමින් දුෂ්කර තත්වයක් යටතේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයට ඇප උපස්ථාන කරමින් ආරක්ෂාව සපයන ත්‍රිවිධ හමුදා අනුකණ්ඩ සහ සිවිල් ආරක්ෂක පිරිස ක්‍රමානුකූලව ඉවත් කිරීම.
10. උතුරේ බෞද්ධ නටබුන් වල ගවේෂණ, කැණීම් සහ රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම ඇමති වරයා විසින් නවතා දැමීම අතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණි.
ජාතික උරුමයන් සුරැකීම පිළිබඳ මධ්‍යස්ථානයේ ගරු සභාපති, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සෙගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විය.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..