සිවුරු, කළුකෝට් අදාල නෑ.. ගැහුවොත් ගහනවා.. දැනට ලබාගෙන තියෙන්නේ ආණ්ඩු බලය විතරයි, රාජ්‍ය බලය ලබා ගන්න තමයි අරගලය කරන්නේ.. - ලාල් කාන්න
විපක්ෂයේ සිටීමට වඩා ආණ්ඩු කිරීම තමන්ට ඉතා සහනදායී බවත්, දේශපාලන සතුරන් එල්ල කරන ප්‍රහාර හමුවේ නිහඬව නොසිට සුදුසු මොහොතක පෙරළා ප්‍රහාර එල්ල කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ උත්සවයක් අමතමිනි.
ප්‍රකට සිනමාකරු අසෝක හඳගම මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ සිටිනවාට වඩා ආණ්ඩු කිරීම අපහසු බවට පළ වන අදහස් තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
1965 වසරේ සිට සිය පක්ෂය ගත කළ දීර්ඝ විපක්ෂ දේශපාලන යුගය අතිශය දුෂ්කර වූ බවත්, ද්‍රෝහීන් මැද තමන්ගේම සගයන් ඝාතනය වූ වටපිටාවක කළ දේශපාලනයට වඩා වර්තමානයේ ආණ්ඩු පාලනය තමන්ට "සනීප" බවත් ඔහු අවධාරණය කළේය.
තමන්ට එල්ල වන විවිධ විවේචන හමුවේ ඇතැම් විට නිහඬව සිටියද, සුදුසු මොහොතේදී ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ලාල්කාන්ත මහතා පැවසීය.
එහිදී තමන් පහර දෙන්නේ කාහටද යන්න හෝ ඔවුන් ඇඳ සිටින ඇඳුම (කළු කෝට්, ජාතික ඇඳුම හෝ සිවුර) තමන්ට අදාළ නොවන බව ඔහු සඳහන් කළේය,.
“දේශපාලනය කරන්න එනවා නම් ඒවා පැත්තකින් තියලා එන්න. මොනවා ඇඳගෙන හිටියත් අපි ගහනවා,” යැයි පැවසූ අමාත්‍යවරයා, සතුරෙකුට පහර දීමේදී එය නීත්‍යානුකූලද නැද්ද යන්න ලෙනින්වාදී ඉගැන්වීම් අනුව තමන්ට අදාළ නොවන බවද පවසා සිටියේය.
කැටපෝල සහ කාලතුවක්කු තමන් සතු සියලු බලය එකවර පාවිච්චි නොකරන බව ඉඟි කරමින් අමාත්‍යවරයා අපූරු උපමාවක්ද භාවිත කළේය. “කැටපෝලවලින් විදින්න ඕන ඒවට අපි කාලතුවක්කු පාවිච්චි කරන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
තමන් දැනට ලබාගෙන ඇත්තේ ආණ්ඩු බලය පමණක් බවත්, රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා වන අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?