විදුලිය අඩුවෙන් පාවිච්චි කරන අයගේ ගාස්තුව 300%කින් ඉහලට..
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ප්‍රතිපත්තිය සෑදීමට ගත් ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ එක් එක් පාර්ශ්වයන්ගේ වුවමනාවට බවය.
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ නාරායන ස්වාමි ශාලාවේදි පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සංවිධානය කර තිබූ වට මේස සාකච්ඡාවේදි අදහස් දක්වමින් ඔහු මෙලස පැවසුවේය.
එහිදී ඔහු කියා සිටියේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාසයකට විදුලි ඒකක 60 ට වඩා අඩුවෙන් භාවිත කරනවානම් ඒකක 0 ත් 30 ත් අතර පාරිභෝගිකයන්ට විදුලි බිල සියයට 300 කින් ද විදුලි ඒකක 30 ත් 60 ත් අතර පාරිභෝගිකයන්ට විදුලි බිල සියයට 200 කින් ද ඉහළ යන බවය.
එමෙන්ම 60 ත් 90 ත් අතර විදුලි එකක භාවිත කරන පාරිභෝගිකයන්ට විදුලි බිල සියයට 50 කින් ද ආගමික සිද්ධස්ථානයන්හි විදුලි බිල ද සියයට 500 කින් ඉහළ යන බවය.
මෙම ප්‍රතිපත්තියට අනුව ඒකක 180 ට වැඩියෙන් භාවිත කරන ඉහළ පෙළේ විදුලි පාරිභෝගිකයන්ට පමණක් විශාල සහනයක් ලැබී තිබෙන බවත් ඒ අනුව මෙම ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ සාමාන්‍ය මට්ටමේ ජනතාවට නොව ඉහළ පෙළේ අයට සහනයක් ගෙන දෙන්නට බව ඔහු මෙහිදී පැවසුවේය.
මෙහිදී අදහස් දක්වා සිටි බලශක්තිවේදී අශෝක අබේගුණවර්ධන පැවසුවේ රටට වඩා අවශ්‍ය විදුලිබල ප්‍රතිපත්තියකට වඩා බලශක්ති ප්‍රතිපත්තියක් බවත් ඒ සම්බන්ධයෙන් කිසිවකුට අවශ්‍යතාවක් නොමැති බවත්ය.
වර්තමාන ආණ්ඩුව විසින් මූලික තැනක් ලබාදෙන්නේ පුනර්ජනනීය බලශක්තියට නොවන බවත් මෙම ප්‍රතිපත්තිය කියවූ විට මෙම ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ලබාදෙන ස්ථානය සම්බන්ධයෙන් වැටහෙන බවත් මෙහිදී ඔහු පැවසුවේය,
ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ අඩංගු ඇතැම් කරුණු තනි පුද්ගලයකු මත පදනම්ව සකසා ඇති බවට එය කියවන විට සිතෙන බවත් ඒ අනුව පැවසිය හැක්කේ අද තියෙන්නේ මාලිමා ආණ්ඩුවක් නොව සියඹලාණ්ඩුවක් බවත් අශෝක අබේගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් පැවැසුවේය.
මෙම වට මේස සාකච්ඡාවේදි අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පෙන්වා දුන්නේ පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක් දක්වා ඉහළ නැංවීමට 2030 වසර වන විට කටයුතු කරන බවට පැවසූ ආණ්ඩුව ජාතික විදුලි බල ප්‍රතිපත්තියේ ඒ සම්බන්ධයෙන් දක්වා නොමැති බවත්ය.
එමෙන්ම ඔහු පැවසුවේ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසුව ද මාධ්‍යත් මහජනතාවත් යන දෙපාර්ශ්වයටම මේ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නොමැති බවය. මෙම අවස්ථාව සඳහා සිය අදහස් පළ කිරීම සඳහා විදුලි බල සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස්, විවිධ ආයතන නියෝජනය කරන පිරිස් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
- අශිකා ජයවීර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?