අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නෑ - අධිකරණ සේවා සංගමය
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.
අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ ඇති මහජන විශ්වාෂය පළුදු කිරීමටත් එමඟින් නීතීයේ අධිපත්‍යයට බලපෑම් කිරීමට උත්සහ කරන නිශ්චිත මෙන්ම ඉලක්කගත විනාශකාරී උත්සහයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේද? යන්න පිළිබඳවද තම සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බවද අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට විඩිදුරටත් දැනුම් දී ඇත.
අධිකරණ සේවා සංගමයේ සභාපති පසාන් අමරසේන සහ සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මඟින් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට මේ බව දැනුම් දී ඇත.
අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය පලුදු කිරීමට උත්සහ දැරීම යන සිරස්තලය යටතේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට අදාළ ලිපිය යොමු කර ඇත.
විවිධ පාර්ශවයන් විසින් මෑත කාලයේ අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට උත්සහ කිරීම පිළිබඳ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි දැනුම් දෙන අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ තීරණ වලට කෙළින්ම හෝ අන්‍යාකාරයකින් බලපෑම් කිරීම සහ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරයකට හෝ අයාතනයකට අපහාස කිරීම මෙන්ම විනිසුරුවරුන්ට අපහාස කිරීමද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සිර දඬුවම් ලැබිය යුතු බවටද අවධාරණය කර ඇත.
අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ පොදු මහජනතාවට ඇති විශ්වාෂය පළුදු කිරීමටත් එමඟින් නීතීයේ අධිපත්‍යයට බලපෑම් කිරීමත් මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීමේ නිශ්චිත. ඉලක්කගත විනාශකාරී උත්සහයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේද? යන්න පිළිබඳ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට දැනුම් දෙන අධිකරණ සේවා සංගමය එවන් උත්සහයන්ට එරෙහිව ගතයුතු ක‍්‍රියාමාර්ග ගැනීමට සංගමය කිසිවිටෙකත් පසුබට නොවන බවටද දැනුම් දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?