අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැරදි සිදුවෙලා තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරිය පවා පිළිගෙන තිබියදී නැවතත් එය ඉල්ලන්නේ ඇයි ? - මල්වතු මහනාහිමියෝ අසති
යම් වැරදි සිදුව ඇති බවට අග්‍රාමාත්‍යවරිය පවා පිළිගෙන තිබියදී නැවතත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන්නේ කුමන හේතුවක් නිසා දැයි මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්වහන්සේ ප්‍රශ්න කරති.
හය වසර ඉගෙනුම ලබනා දෙමව්පියන්ගේ සංවිධානය නාහිමියෝ බැහැ දැක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සංදේශයක් බාර දුන් අවස්ථාවේ නාහිමියෝ ඉහත අදහස් පළ කළහ.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නාහිමියෝ මෙසේ ද පැවසූහ.
“මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යම් වැරදි තිබෙන බව රජය පිළිගෙන තිබෙනවා. මීට සම්බන්ධ බව සඳහන් වෙන කීපදෙනෙක්ගේ රාජකාරි පවා අත්හිටුවලා තිබෙනවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකට කල් දාලා තිබෙනවා. ඉතින් එහෙම තිබියදී ඒකම නැවත දරුවන්ට ක්‍රියාත්මක කිරීම සඳහා ඉල්ලුම් කිරීම අපට ගැටළුවක්. එක කණ්ඩායමක් කියනවා. මේ ප්‍රතිසංස්කරණ දරුවන්ට අහිතකරයි නවත්වන්න කියලා. තවත් කණ්ඩායමක් ඉල්ලනවා ක්‍රියාත්මක කරන්න කියලා. අපට වැටහෙන විදියට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, උගතුන්, ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ කරගෙන මේ ප්‍රතිසංස්කරණ විධිමත් ආකාරයෙන් නියමිත පරිදි කළොත් හොඳයි නේද. ඕන තරම් ප්‍රවිණ ආචාර්ය මහාචාර්යවරු මේ රටේ ඉන්නවනේ."
මෙහිදී එම දෙමාපිය සංසදය මහා නාහිමි හමුවේ සඳහන් කළේ ලෝකයම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව මං මාවත් විවර කරමින් තාක්ෂණය හා එක්ව අනාගතයට උචිත දරුවන් බිහි කරනා වර්තමානයේ මේ රටේ දරුවන්ද සුපුරුදු සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව අනාගතයට මුහුණ දීම සඳහා සුදුසු දරුවෙක් බිහි කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්ය බවත් සුළු වැරදි කීපයක් ඉදිරිපත් කරමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කිරීම පිළිගත නොහැකි බවත් ඔවුහු නාහිමියන් හමුවේ සඳහන් කළහ.
මෙම කණ්ඩායම අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක සංදේශයක් භාරදුන් අතර උන්වහන්සේ පවසා සිටියේ මීට සම්බන්ධ සියලු දෙනාම එක්ව සාකච්ඡා කොට දරුවන්ට උචිත නිවැරදි තීරණයකට පැමිණිය යුතු බවයි.
මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මම සංගමයේ සාමාජික ජනනි තෙල්ලමුරේ කියා සිටියේ තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සඳහා සහාය නොදෙන ලෙස සියලුම විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් නොදමා මේ වසරේම ක්‍රියාත්මක කළ යුතු බව ද ඇය කීවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..