ජනපතිගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් - විපක්ෂ නායක සජිත්
බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනාමාන කිරීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවසීය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙන බවත් එහි සඳහන් ආකාරයට බුදු දහම ආරක්ෂා කිරීම, සුරක්ෂිත කිරීම හා රැකගැනීම සිදු කිරීමත් සෙසු ආගම් හා සංස්කෘතීන්ට නිශ්චිත නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබාදීමත් සෑම විටම මේ රට ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාව ඒකීයභාවය රැක ගනිමින් සහෝදරත්වය සංහිඳියාව ප්‍රවර්ධනය වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඉදිරියට ගෙන යෑම පවතින රජයේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එහෙත් පසුගිය දිනක ජනාධිපතිවරයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර ඉන් ඔබ්බට ඇති ආගමික සිද්ධස්ථානය වන්දනාමාන කිරීම වෛරය ඇති කරන සිදුවීමක් බවට ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය තරයේ හෙළාදකින බවත් රට පුරා විහිදී ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කිරීමේ අයිතිය ජනතාවට ඇති බවත් ඔහු කීවේය. ඒවා සිදු වන්නේ වෛරය මුල් කරගෙන නොවන බවත් සොළොස්මස්ථාන වන්දනාමාන කරන විට අප රටේ විහිදී ඇති බොහෝ ප්‍රදේශවලට යන්න ජනතාව පෙළඹෙන බවත් ආගම් භේදයෙන් තොරව බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කරන බවත් උතුරේ සිට කැබිලිත්ත වන්දනා කරන්න එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ක්‍රිස්තියානි කතෝලික සිද්ධස්ථාන පවා වන්දනා කරන මොහොතක ආගමික කටයුතුවල නිරත වන විට කිසිදින වෛරය මුදුන් පත් වනවා යැයි නොසිතන බවත් සෑම කොටසකම කුඩා අන්තවාදී කොටස් සිටින බවත් ඔවුන්ට තැනක් නොමැති බවත් බුදු දහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමන කරන ජනතාව සිටින අප රට තුළ අන්තවාදයට තැනක් නැති බවත් අන්තවාදය නිර්මාණය වන මෙවැනි ප්‍රකාශ ද සිදු නොවිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.
ප්‍රදේශය පළාත කුමක් වුවත් ආගම් කටයුතු වෛරය මුදුන් පත් කර ගෙන සිදුවන බවට ප්‍රකාශ කිරීම වැරදි බවත් මෙය අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්