ජාතික අධ්‍යාපනයේ කාල රාමුව නිවැරදි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට යෝජනා කරමු - මහජන යුතුකම් කේන්ද්‍රය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී අධ්‍යාපනයේ කාල රාමුව නිවැරදි කිරීමට යෝජනා කරන බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.
මහජන යුතුකම් කේන්ද්‍රය මේ සම්බන්ධයෙන් දක්වා ඇති නිවේදනය පහළින්..
ජාතික අධ්‍යාපනයේ කාල රාමුව නිවැරදි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට යෝජනා කරමු
ලෝකයේ සෑම රටකම පාහේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන්නේ වයස අවුරුදු 16 අවසානයේ හෝ 17 දීය.
ඒ අනුව මූලික උපාධිධාරියකු වයස අවුරුදු 20 හෝ 21 දී බිහිවේ.
අපේ රටේ කොතලාවල වෛද්‍ය පීඨයට බදවාගන්නා අවම කාලය අවුරුදු 16 බව එහි බදවාගන්නා නිර්නායක වල සදහන්ව ඇත.
අප රටේ දැනට පවතින ජාතික හා පලාත් අධ්‍යාපන ක්‍රමයට අනුව, විශ්ව විද්‍යාල ජීවිතය පටන් ගන්නේ වයස අවුරුදු 20,දි වන අතර, මූලික උපාධිධාරියකු බිහි වන්නේ වයස 24 දීය,මෙයද වෙනස් විය හැක සීමාවාසික පුහුණුව ලබන්නේ නම්
වෛද්‍ය ක්ෂේත්‍රයේ උපාධිධාරියකු වී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වන විට වයස අවුරුදු 26 ත් 28 ත් අතර කාලයක් ගතවෙයි ( ඉපදුනු මාසය අනුව)
මෙසේ දරුවන් පාසල් සහ විශ්වවිද්‍යාල වලට හිර කරන කාලරාමුව නිවැරදි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අඩංගු විය යුතු විශේෂම කාරණයයි.
රටේ ඉදිරි දියුණුවට ඇවැසි හොදම කාලය ව්ශ්ව විද්‍යාල තුළ සිර කර ඇත.
ඉන්දියාව ශ්‍රි ලංකාව ඇතුළු සෑම විදේශීය රටකම, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වූ විභාගය ( London A level, Edexcel, Cambridge ආදී ධාරාවල) පැවැත්වෙන්නේ වයස අවුරුදු 16දීය
ඒ අනුව විදේශවල දරුවන් සහ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පාසැල්වල දරුවන් ( International schools) වයස 16 හෝ 17 දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අරඹයි.
එහෙත් ලක්ෂ 43 පමණ වන රජයේ පාසැල්වල දරුවන් උසස් පෙළ ( A level) විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන්නේ වයස අවුරුදු 20 දීය.
ඒ අනුව මෙරට 43 ලක්ශයක් වන බහුතර ජාතික හා පලාත් පාසැල් සිසුන් ජාත්‍යන්තර විෂය නිර්දේශය හදාරන දරුවන් සහ විදේශීය රටවල දරුවන් ට වඩා වසර 04 ක් හෝ 05 ක් සිටින්නේ පිටුපසින්ය
මේ විනාශ වන්නේ රටේ කාලයයි දරුවන්ගේ කාලයයි.
එම කාල රාමුවේම ගොදුරක් බවට පත්වු වියපත් දෙමාපියන් ගේ ධනයයි .
මෙම කාල රාමු නිවැරදිකිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එකතු කිරීමට කටයුතු කිරීම හැම දෙනාගේම යුතුකමයි , වගකීමයි.
43 ලක්ශයක් පෙලපාලි යා යුත්තේ තමන්ගේ දරුවන් ගේ ඉගෙනුම ලබන කාලය හා තමන්ගේ ධනය විනාශවීමට එරෙහිවයි.
එසේ නොවුනහොත් කවර ගුණාත්මක වෙනසක් සිදු කළද, බහුතරයක් වූ රජයේ පාසැල්වල ඉගෙන ගන්නා දරුවන්ට බරපතළ අසාධාරණයක් සිදුවෙයි.
මේ පිළිබඳව අවධානය යොමුකොට හැකිි ඉක්මනින් , මෙතෙක් පැවති මෙම වැරදි කාලරාමුව නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.
- මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?