ඉන්දියානු බෙහෙත් නිසා සිදුවූ මරණ ගැන විමර්ශන කරන්නැයි සී.අයි.ඩී.යට පැමිණිල්ලක්..
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් අංශය වෙත ඉන්දියාවේ මෑන් ෆාර්මසිඕටිකල් සමාගම (MAAN PHARMACEOTICAL LTD) විසින් සපයන ලද ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත් (ONDANSETRON INJECTION) භාවිත කිරීමෙන් හා ඉන්දියාවේ ඉකෝර් බයෝලොජික්ස් පුද්ගලික සමාගම (ICHOR BIALOGICS PVT-LTD) විසින් සපයන ලද හියුමන් ඉමියුනොග්ලෝබියුලින්, (HUMAN IMMUNOGLOBULIN) එන්නත් භාවිතයෙන් සිදුවූ මරණ පහ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත.
රජයේ රෝහල්වල දී පෙර කී එන්නත් භාවිතයෙන් සිදුවූ එකී මරණවලට අමතරව තවත් විශාල පිරිසක් විවිධ ආසාත්මිකතාවලට ගොදුරුවී ඇති බවත් සිය පැමිණිලි මඟින් කියා තිබූ හෙතෙම එකී ඖෂධ නිසි ප්‍රමිතියෙන් යුක්ත බව පවසමින් ඒවා ආනයනය කිරීමට ආධාර උපකාර කළ අනුබල දුන් සෙඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසට ද වැඩිදුරටත් ඉල්ලා තිබේ. ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරට සමාගමක් විසින් ආනයනය කළ වෛද්‍ය සැපැයුම් අංශයට සපයා තිබූ ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත් විෂවීම නිසා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දී රෝගීන් දෙදෙනකු මියගොස් තවත් රෝගීන් පිරිසකට විවිධ සංකූලතා ඇතිවූ බව පැහැදිලි වන බවත් එකී එන්නත් භාවිතය අත්හිටුවා තිබිය දී එලෙස භාවිත කර ඇති බවත් හෙතෙම එමගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට කියා තිබේ.
එකී මරණ සිදුවීමෙන් හා සාංකූලතා වාර්තා වීමෙන් පසුව නැවත භාවිතයෙන් ඉවත් කළ ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත සම්බන්ධයෙන් ඉන්දියානු සමාගමක් ඉදිරිපත් කළ වාර්තාවක් පදනම් කරගෙන ඒවා නැවත භාවිත කිරීමේ සූදානමක් පවතින බවද සුදත් ජානක ප්‍රනාන්දු මහතා එකී පැමිණීලි මගින් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?