අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය අතිශයෙන් භයානකයි.. අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලා අනාගත දරුපරපුර වනසන උපායමාර්ග 6ක් මෙහි අන්තර්ගතයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මූලික හැඳින්වීමම වැරදී ඇති බවත් අගමැති හරිනි අමරසූරිය, අධ්‍යාපන ඇමැතිනිය ලෙස මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා ඇත්තේ ප්‍රතිසංස්කරණයක් ලෙස නොව පරිවර්තනයක් ලෙසින් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
හිරු නාලිකාවේ සලකුණ කාලීන් දේශපාලන වැඩසටහනට එක් වෙමින් ඒ මහතා පවසන්නේ මෙහි ඇත්තේ පොඩි අවුලක් බව පවසමින් ආණ්ඩුව මේ මොහොතේ මානසික යුද උපක්‍රමයක් භාවිතා කරමින් සිටින බවත් ය.
ලංකාවේ ප්‍රධාන අධ්‍යපන ප්‍රතිසංස්කරණ කිහිපයක් පැමිණි බවත්, 1946 දී පැමිණි නිදහස් අධ්‍යාපනයෙන්, මෙරට අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් කළ බවත්, 1972 දී සිරිමාවෝ මැතිනියගේ සමයේ පැමිණි ප්‍රතිසංස්කරණය මහජන සංවාදයකට ලක්කළ බවත්, 1981 දී පැමිණි ප්‍රතිසංස්කරණවලට විශාල විරෝධයක් පැමිණි බවත් ජේ.ආර් ජයවර්ධන ඒකාධිපති පාලකයකු වුවත් එයත් මහජන සංවාදයට යොමුකළ බවත්, චන්ද්‍රිකා මැතිනියගේ සමයේ පැමිණි ප්‍රතිසංස්කරණද පර්යේෂණ, දත්ත මත පදනම්ව වෙනස්කම් සිදුකළ බවත් ඒ මහතා පෙන්වා දෙයි.
නමුත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හිතුවක්කාර ලෙස රැගෙන ආ බවත්, අධ්‍යාපන ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපතිවරයා බවට නීතියක් තිබුනද මෙම ජනාධිපති එවැනි දෙයක් ඉදිරිපත් නොකළ බවත්, 2023 රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති රාමු අනුව මෙය පදනම් වන බව දක්වා ඇති බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කරයි.
මෙහි අන්තර්ගතය අතිශයෙන් භයානක බවත්, අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලා අනාගත දරුපරපුර වනසන උපායමාර්ග 6ක් මෙහි ඇති බවත් ඒ මහතා මෙහිදී හෙළිදරව් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්