ජනාධිපති උතුරට ගිහින් පොංගල් බත් කන කොට අපේ හාමුදුරුවරුන්ට ලැබුණේ හිර බත්.. - ගම්මන්පිල කියයි
පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
"ත්‍රිකුණාමලයේ වෙරළ සංරක්ෂණ කලාපයක් තුල බුදු පිලිමයක් තැන්පත් කලා කියලා භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු නවදෙනෙකුට එරෙහිව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පැවරුවා. එහි ප්‍රතිඵලයක් විධියට ඒ අය දැන් රක්ෂිත බන්ධනාගාරයේ. ජනාධිපති උතුරට ගිහින් පොංගල් බත් කන කොට අපේ හාමුදුරුවරුන්ට ලැබුණේ හිර බත්. අපේ බලංගොඩ කස්සප හාමුදුරුවන් උපවාසයක යෙදිලා ඉන්න නිසා උන් වහන්සේට හිර බත්වත් නෑ.
මේක නිරාගමික ආණ්ඩුවක්. බෞද්ධ විරෝධි ආණ්ඩුවක්. වසර 2,300ක ශාසනික ඉතිහාසයේ බුදුන් වහන්සේව අත්අඩංගුවට ගත් ලක් ඉතිහාසයේ පළමු පාලකයා විධියට අනුර දිසානායක මැතිතුමා ඉතිහාසයට එක් වෙලා ඉවරයි. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසි කාලයේ දීවත් බුදු පිලිමයක් අත්අඩංගුවට අරන් පොලිසියේ රඳවා ගෙන නෑ. බෞද්ධයාට බුදු පිලිමයක් කියන්නේ ජීවමාන බුදුන් වහන්සේට සමානයි. බුදු පිලිමයට වඳින්නේ බුදුන් වහන්සේ වඳිනවා කියලා හිතා ගෙනයි. බුදු පිලිමයට බුද්ධ පූජාව තියන්නේ බුදුන් වහන්සේට දන් පිලිගන්නවා කියලා හිතා ගෙනයි. බුදු පිලිමයට මල් පහන් පූජා කරන්නේ බුදුන් වහන්සේ වන්දනා කරනවා කියලා හිතාගෙනයි. එහෙව් බුදු පිලිමය තමයි මාලිමා ආණ්ඩුව අත්අඩංගුවට ගත්තේ.
මේ බුදු පිලිමය තැන්පත් කලේ හන්දියක ගහක් යට නොවේ. රජයේ ලියාපදිංචි පන්සලක. නමුත් ලංකාව පුරාම වෙරළ සංරක්ෂණ කලාපයේ හෝටල්, ආපන ශාලා, වෙළඳසැල් තිබෙනවා. මේ එකක්වත් පේන්නේ නැති වෙරළ සංරක්ෂණේට පෙනුනේ ලියාපදිංචි පන්සලක බුදු පිලිමය විතරයි. ත්‍රිකුණාමලය වෙරළ විතරක්ම ගමු. මේ පන්සලට අමතරව තවත් ආගම් දෙකක සිද්ධස්ථාන වෙරළ සංරක්ෂණ කලාපයේ තිබෙනවා. හැබැයි මේ කිසිම අනවසර ඉදි කිරීමක් ආණ්ඩුවට පේන්නේ නෑ. එතකොට අවාසියා දෘෂ්ටියාබාධා. අපි ආණ්ඩුවට කියන්නේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් සැමට සම සේ ක්‍රියාත්මක කරන්න. එහෙම නැතිව බුදු දහම විනාශ කරන අවියක් බවට නීතිය පත් කරන්න එපා.
වත්මන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු බහුතරයක් ජවිපෙ භීෂණ සමයේ ජීවිතය බේරා ගත්තේ පන්සල්වල හැංගිලා. දන්බත් වලින් පෝෂණය වෙලා. සමහරු සිවුරු දරාගෙන ශ්‍රමණ වේශය අරගෙන බොරුවට මහණ වුණා ජීවිතය බේරා ගන්න. තමන්ගේ ජීවිතය බේරා දුන්නු තමන්ව පෝෂණය කළ පන්සලට මාලිමාව මෙතරම් වෛර කරන්නේ කෙලෙහි ගුණයක් නැති නිසා කියලයි අපට පේන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්