බලංගොඩ කස්සප හිමි උපවාසය අත්හැරීමට හේතුව මෙන්න..
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිදුවීමට අදාළව පෙරේදා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු බන්ධනාගාරගත කරනු ලැබ සිටින බළන්ගොඩ කස්සප හිමියන් ආරම්භ කළ උපවාසය ඊයේ සවස් භාගයේ අත්හැරීමට කටයුතු කළහ.
ඒ අසිරිමලේ සේනාසන සංකීර්ණයේ අධිපති පනාමුරේ තිලකවංශ හිමියන් වැඩමකර සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවය.
නැගෙනහිර ප්‍රදේශයේ බුදු දහමට සහ භික්ෂුන් වහන්සේට සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම උපවාසය අරඹා තිබිණි.
මෙසේ ත්‍රිකුණාමලය බන්ධනාගාරය තුළ උපවාසයක නිරත වන්නේ, බළන්ගොඩ කස්සප හිමියන් බැහැ දැකීමට ගිය අය උන්වහන්සේ වෙනුවෙන් ගෙනගිය දාන මානාදිය ද ප්‍රතික්ෂේප කර ඇත.
උපවාසයේ යෙදී සිටින බළන්ගොඩ කස්සප හිමියන් ඥාතියෙකු වෙත උපවාසය තුළින් ක්‍රියාත්මක කරවා ගැනීමට අදහස් කරන කාරණා කිහිපය හෙළිදරව් කොට ඇති අතර එම ඥාතියා ‘ ප්‍රකාශ කළ එම කාරණා පහත පරිදි වෙයි.
- ත්‍රිකුණාමලය මුහුදු කලාපයේ වෙරළ සංරක්ෂණ කලාපය තුළ ඉදිකර ඇති අනවසර අන්‍යාගමික පල්ලි, කෝවිල්වලටත් නීතිය ක්‍රියාත්මක කිරීම, සාම්බල්තිව් කලපුවේ අනවසර, බලහත්කාරී, අනීතික අත්පත් කර ගැනීම් හා ඉදිකිරීම් වෙනුවෙන් වහා නීතිය ක්‍රියාත්මක කිරීම, කන්දල්කාඩු වන රක්ෂිතය, ගෝමරන්කඩවල, මොරවැව යන මහා වන රක්ෂිත හෙළිපෙහෙළි කර අන්‍යාගමිකයන් විසින් ඉඩම් අල්ලාගෙන කරන නීති විරෝධී ජනපද කරණයට එරෙහිව නැගෙනහිර සිංහලයන්ට වෙමින් තිබෙන ඓතිහාසික අසාධරණයට,නීතිමය භාෂාමය, පරිපාලනමය, සංස්කෘතිකමය, ජනවාර්ගිකමය කොන් කිරීම්වලට එරෙහිව කටයුතු කිරීම.
- 1983දී නැගෙනහිරින් පලවා හැරී සිංහලයන් 97,000ක් දෙනා නැවත නැඟෙනහිර බිමේ පදිංචි කරවීමට ආණ්ඩුවට බල කිරීම. සම්පූර්ණයෙන් බහුතර සිංහලයන් වෙසෙන පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දමිළ ජාතික ප්‍රාදේශීය ලේකම්වරයෙක් පත් කිරීමට එරෙහිව කටයුතු කිරීම.
මේ අතර, භික්ෂුන් වහන්සේගේ උපවාසයට සහාය පළ කරමින් ඉහත සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ සිටින සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක මහතා ඇතුළු ගිහි පස්දෙනා සත්‍යග්‍රහයක නිරත වන බව එම සංවිධානයේ විධායක සභික ඓයිශ්චර්ය ගුණරත්න අධිකාරි පැවසීය.
උපවාසය අත්හැරීම සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් උන්වහන්සේගේ අත් අකුරින් ලියා ඇති ලිපිය පහළින්..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?