ජුලී ගිය සතුටට ගම්මන්පිල කිරිබත් කයි..
අද පැවති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
අවුරුදු හතරක් පුරා රටට ලොකු ශාපයක් වෙලා සිටිය ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් අද ලංකාවෙන් යනවා. ඒ සතුට සමරන්නයි අද අපි කිරිබත් කාලා මාධ්‍යවේදින්ටත් කිරිබත් වලින් සංග්‍රහ කරන්නේ. ඇත්තෙන්ම අද රට පුරා කිරිබත් කාලා රබන් ගහලා සමරන්න ඕනි සතුටු දවසක්.
ජුලී චංග් 2022 පෙබරවාරි සිට 2026 ජනවාරි දක්වා අවුරුදු හතරක් ලංකාවේ තානාපති විධියට හිටියා. සාමාන්‍යයෙන් තානාපති කෙනෙක් ඉන්නේ අවුරුදු තුනයි. ජුලී අවුරුදු හතරක්ම තියා ගත්තේ වෙනත් කිසිම තානාපති කෙනෙකුට වඩා ලංකාව ඇමෙරිකාවේ අණසකට යටත් කරන්න ජුලී සමත් වුණු නිසා. 1980 දශකයේ ඉන්දියානු මහ කොමසාරිස් ජේ එන් ඩික්සිත්ගෙන් පසු ලංකාව තමන්ගේ පාලනයට නතු කර ගන්න සමත් වුණු එකම තානාපති ජුලී. 1991 දී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් ලංකාවේ පාලනයට ඇඟිලි ගහන්න ආවාත් එයාව ප්‍රතික්ෂේපිත පුද්ගලයෙකු නැතිනම් පර්සනා නන් ග්‍රාටා තත්වයට පත් කරලා ලංකාවෙන් පිට මං කලා. ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාට තිබුණු කොන්ද වත්මන් ජනාධිපතිතුමාට නැති නිසා ජුලී චංග් තමන්ට ඕනෑ දවසේ යනතුරුම එයාව ප්‍රතික්ෂේප කලේ නෑ.
ජුලී චංග් ඇමෙරිකාවේ වාසනාවට අපේ අවාසනාවට ලැබුණු තානාපති කෙනෙක්. ඇමෙරිකාවට ඕනෑ විධියට ලංකාවේ ඉතිහාසය ලියපු තානාපති කෙනෙක්. 2022 අරගලයේ දී තිරයේ පිටුපස අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය දෙකම කලේ ජුලී. ඒක කෙතරම් සූක්ෂමව කරා ද කිව්වොත් අපේ තරුණ දරුවෝ ඇමෙරිකානු තිර පිටපතේ තමන්ට පැවරුණු කොටස ඉටු කරන්න ගියේ රට බේරා ගන්න යනවා කියලා හිතලා ජාතික කොඩිය අතට අරන් ජාතික ගීය මුමුණමින්.
ඒ විතරක් නොවේ. 2024 දී 3% මාලිමාව රාජ්‍ය බලය ලබා ගන්න බලවේගය බවට සමාජය ඉදිරියේ පුම්බලා තැබීමේ ව්‍යාපෘතියේ මහ මොලකාරියත් ජුලී. ඒ වැඩේ කොච්චර ලස්සනට කලා ද කිව්වොත් අපේ රටේ ජනතාව ඇමෙරිකානු රූකඩයක් වුණු අනුර දිසානායකට ඡන්දය දුන්නේ පුනරුද යුගයක් උදා කරනවා කියන සත් චේතනාවෙන්. අවුරුදු 60ක් චීනය සෙවණේ හැදුණු වැඩුනු මාලිමාව බටහිර සුරතලෙකු කර ගැනීම තමයි ජුලී ලබපු විශිෂ්ටතම ජයග්‍රහණය. බලන්න මේ රූපය දිහා. මේ ඡායාරූපය තිබුණේ චුලී චංගේ එක්ස් ගිණුමේ. මේ ජුලී මාලිමා මූලස්ථානයට ආපු අවස්ථාවක්. බලන්නකෝ බුදු හාමුදුරුවන් ඉදිරියේ අනේපිඬු සිටුතුමා ඉන්නවා වගේ යටහත් පහත්ව ඉන්නා අපූරුව. මේ කීකරුකම තමයි මාලිමා නායකයා රටේ නායකයා වීමට බලපෑවේ.
මාලිමා ජයග්‍රහණයෙන් පස්සේ මුලින්ම අතුරුදහන් වුණේ ජුලීගේ එක්ස් පණිවිඩ. කලින් ආණ්ඩු තිබිය දී පාරකට පස් කන්දක් කඩා වැටුණත් අධිවේගි මාර්ගයට මොනරු ආවත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරලා එක්ස් පණිවිඩ නිකුත් කරපු ජුලී පසුගිය මාස 14ට චෝදනා මුඛයෙන් පණිවිඩ ලියන විධිය අමතක වුණු ගානටයි හිටියේ. මේ ආණ්ඩුවේ දූෂණ, මැරකම්, බැරිකම් කිසිවක් ජුලීට පෙනුනේ නෑ. ඇත්තෙන්ම මේ ආණ්ඩුවට විරුද්ධව ජුලී ප්‍රකාශයක් කලා නම් ඒක ජුලී එදිරිව ජුලී ප්‍රකාශයක් වෙන්න ඉඩ තිබුණා.
මීලඟ තානාපති එරික් මේයර් බුදු දහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබෙන නිසා මී ළඟ ජෝන් ඩොයිලි වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා එරික් ලංකාවට ඇවිල්ලා බුදු දහම ගැන භික්ෂූන් වහන්සේලා සමග සංවාද කරන කොට බොදු බැති සිත අවදි කරගත යුත්තේ ප්‍රවේශමෙන් කියලා අපි මතක් කරනවා. ජුලී චංගේ අල්ලේ නැටවුණු අනුර ජනාධිපතිතුමා එරික්ගේ අල්ලේත් නැටවෙන්නේ නැතිව දැන්වත් දෙපයින් හිට ගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?