අලුත් ගල් අගුරු පරීක්‍ෂණ දෙකකින් අසමත්.. වාර්තා එන්න පෙර බොයිලේරුවට දමා පුච්චලා..
නොරොච්චෝල ලක්විජය බලාගාරයේ සිදුකළ විද්‍යාගාර පරීක්ෂණ දෙකකින්, මෙරටට ආනයනය කළ ගල් අඟුරු සාම්පල අසමත්ව ඇති බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.
ඒ මහතා කියා සිටියේ, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ගල් අඟුරු සමාගම විසින් සිදුකරනු ලබන විමර්ශන වාර්තාව අද දිනයේ නිකුත් වීමට නියමිත බවයි.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නෞකා දෙකක් ගෙන්වීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 700ක අතිවිශාල මූල්‍ය අලාභයක් දරා ගැනීමට සිදුව ඇති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ගිවිසගත් පරිදි නිවැරදි ගුණාත්මකභාවයෙන් යුතු ගල් අඟුරු ආනයනය කළේ නම් මෙම අනවශ්‍ය වියදම වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ඔහු සඳහන් කරයි.
එසේම, අදාළ සමාගමට මෙම සැපයුම් ඇණවුම ලබා දීම සඳහා වගකිවයුතු අමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරත වූ බවත්, මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය පිටුපස බරපතළ දූෂණයක් පවතින බවත් රණවක මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මෙම විෂය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසනු ලැබීය.
නව ගල් අඟුරු තොගයේ ප්‍රමිතිය සම්බන්ධ පරීක්ෂණ නිම කිරීමටත් පෙර, ඒවා කෙළින්ම බොයිලේරු වෙත යොමු කර දහනය කර ඇත.
මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ බලාගාරය සතුව ප්‍රමිතියෙන් යුතු පැරණි ගල් අඟුරු තොග පවතිද්දීය.
පරීක්ෂණ වාර්තා ලැබීමටත් පෙර, මෙලෙස හදිසියේ ගල් අඟුරු දහනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා වාර්තා කරන ලෙස කාරක සභා සභාපතිවරයා එහි සිටි නිලධාරීන්ට දැන්වීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?