ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත් ඒකක 0-30 අයගේ බිල 305%කින් වැඩි වෙනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ‘ජාතික විදුලිබල ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කළහොත් ඒකක 0 – 30 අතර විදුලිය පාවිච්චි කරන ජනතාවගේ විදුලි බිල 305% කින් ඉහළ යන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (09දා) සඳහන් කළේය.
මාලිමා ආණ්ඩුව විසින් හදනවා කියන ජාතික විදුලි බල ප්‍රතිපත්තියට මහජන අදහස් ලබාගැනීම ජනවාරි 09 වැනිදා අවසන් වුණා. මේකෙදි මේ අය යෝජනා කරනවා 2030 වසර වෙනකොට ඒකක බිංදුවත් තිහක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට ලබාදෙන සහනය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. ඒ කියන්නේ දැනට මෙම කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් ඒකක 30 ම පාවිච්චි කළාම ඔවුන්ගෙන් ස්ථාවර ගාස්තුව ද සහිතව අය කරන්නේ රුපියල් 215 ක බිලක්. මේ ගානට බිල හැදෙන්නේ දුප්පත්ම ජනතාවක් නියෝජනය කරන මෙම කාණ්ඩයට සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නිසයි.
දැන් මේ ආණ්ඩුව යෝජිත නව විදුලිබල ප්‍රතිපත්තිය හරහා ක්‍රමයෙන් මෙම සහනාධාරය නැති කරන්න හදනවා. ඒ කියන්නේ 2029 වන විට ඒකක තිහම පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගෙන් ස්ථාවර ගාස්තුවත් ඇතුළත්ව රු. 870ක් අය කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒකට ගැළපෙන විදියට ඒකක ගාස්තු හා ස්ථාවර ගාස්තු මේ අය ගණනය කරාවි.
අඩුවෙන්ම පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට මේ විදිහට 305 % ක මිල වැඩිවීමක් යෝජනා කළත් ඒකක 300ක් පාවිච්චි කරන අයගේ බිල 38% කින් අඩු කරන්න මේ අය යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වන විට ඒකක තුන්සියයක් පාවිච්චි කරන අයගේ මාසික බිල්පත රු. 13920යි. මේ අය යෝජනා කරන ක්‍රමය අනුව ඒකක 300 පාවිච්චි කරන අයෙක්ගේ නව බිල වෙන්නේ රුපියල් 8697යි. මාලිමා ආණ්ඩුව ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කොටම මේ විදිහට බිල වෙනස් වෙනවා. ඒ කියන්නේ පොඩි මිනිහට බර පටවලා ලොකු මිනිහගෙ බර අඩු කරනවා. සූරසරදියෙල් කළේ තියෙන මිනිහගෙන් අරගෙන නැති මිනිහට දෙන එක. ඒත් මේ ආණ්ඩුව කරන්නේ නැති මිනිහව හූරං කාලා තියෙන මිනිස්සුන්ට සහන දෙන එක. මේකටද ජනවරම දුන්නේ. ඒකක 30 ට අඩුවෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ දහනවයකට වඩා ඉන්නවා. ඒ අය මේ ආණ්ඩුව ගැන තීරණයක් ගන්න.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..