වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝගේ ආරක්ෂක බලකායේ ප්‍රධානියා ධුරයෙන් ඉවත් කරයි..
වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝගේ ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් ෆැවියර් මාර්කානෝ තාබාතා ධුරයෙන් ඉවත් කර තිබේ.
ජෙනරාල් මාර්කානෝ ඉවත් කිරීමේ නියෝගය නිකුත් කරන ලද්දේ එරට නව අන්තර්වාර ජනාධිපති ලෙස පත් වූ ඩෙල්සි රොඩ්රිගස් විසින් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ජනාධිපති ආරක්ෂක බලකාය යනු එරට රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සඳහා පත් කර ඇති විශේෂ හමුදා ඒකකයකි.
මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී වෙනිසියුලා පාර්ශ්වයට සිදු වූ මරණ 100ක් බව පැවසෙන අතර, මියගිය පිරිස අතර එම ආරක්ෂක බලකායේ සාමාජිකයන් ද සිටින බව විශ්වාස කෙරේ.
මදුරෝගේ සමීපතම සගයෙකු ලෙස සැලකෙන නව අන්තර්වාර ජනපතිනිය මීට පෙර එරට උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළාය.
මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් වෙනිසියුලාව පාලනය කරන බවත්, තමන් රොඩ්රිගස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
ලොව විශාලතම තෙල් සංචිත සහිත වෙනිසියුලාවේ තෙල් සම්බන්ධයෙන් ඇමරිකානු ඉල්ලීම්වලට රොඩ්රිගස් එකඟ නොවන්නේ නම්, ඇයට මදුරෝට වඩා දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද ට්‍රම්ප් එහිදී අනතුරු ඇඟවීය.
වෙනිසියුලාව ඇමරිකාවට තෙල් බැරල් මිලියන 50ක් දක්වා ලබා දෙනු ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා පැවසුවද, වෙනිසියුලානු අන්තර්වාර රජය ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අන්තර්වාර ජනාධිපති ලෙස පත් කළ දින සිට රොඩ්රිගස්ගේ ප්‍රකාශයන් වරෙක දැඩි විරෝධයක් ද තවත් වරෙක සමගිශීලී ස්වරූපයක් ද ගෙන තිබේ.
මදුරෝ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී පැහැර ගැනීමක් ලෙස ඇය හෙළා දුටු අතරම, සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සඳහා තම රජය ඇමරිකානු රජයට ආරාධනා කරන බව ද ඇය පැවසුවාය.
ඇය රට පාලනය කරන ආකාරය සහ ඇගේ රජය තුළ යම් මතභේද පවතින්නේ ද යන්න පිළිබඳව වෙනිසියුලාව තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා