රටේ සෞඛ්‍ය සේවය දියුණු කිරීමේ මුවාවෙන් සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට ලබාදීම ආරම්භ කරලාද? - දෙවන පරපුර පක්ෂයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික වෛද්‍ය සිසිර ලියනගේ
රටේ සෞඛ්‍ය සේවයට කාටත් ලගාවියහැකි ආකාරයට දියුණුකිරීම රජයේ වගකීම නමුත් ඒ මුවාවෙන් රජයේ සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට ක්‍රමයෙන් ලබාදීමට ආරම්භ කිරීමක්දැයි සැකයක් ඇති බව දෙවන පරපුර පක්ෂයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"2026 /01/05 පැවති කැබිනට් මන්ඩල තීරන අනුව රජයේ රෝහල් වල රුදිර කාන්දුකරනය කිරීමට පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමටත් එය පෞද්ගලික අංශය සහ රජය එකට ආයෝජනය කිරීමට තීරනය කර ඇත. මෙය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්ව ඇත්තේ රජය දලජාතික නිෂ්පාදනය යෙන් 3%ක් යනකම් වැඩිකරන බවත් කිසිවිටෙකත් රෝගියාට තමන්ගේ මුදල් තත්වය අනුව සේවය ලබාගැනීමට බදාවක් ලෙස කටයුතු නොකරන බවත් ය.එසේ ඔවුන් ඉදිර්පත් කල පොහොසත් රටක් ලක්ශන ජීවිතය ක් යන ප්‍රතිපත්තිය යේ සදහන් ආකාරයට රජයේ ආයතන වලින් සේවය ලබාගන්නා විට මුදල් අය කිරීමට කටයුතු නොකරන ලෙස අවධාරණය කරමු.
මෙවැනි යෝජනා බොහෝවිට ගේන්නේ කුමක් හෝ සමාගමක් පසුබිමේ තියාගෙන විය හැක.
රටේ සෞඛ්‍ය සේවයට කාටත් ලගාවියහැකි ආකාරයට දියුනුකිරීම රජයේ වගවීමයි නමුත් ඒ මුවාවෙන් රජයේ සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශය ට ක්‍රමයෙන් ලබාදීමට ආරම්භ කිරීමක්දැයි අපට සැක ඇති වී ඇත.
ජනතා විමුක්ති පෙරමුන අතීතයේ පෙනීසිටියේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙනි ,ඒ වෙනුවෙන් 60000 කට අදික තරුනයන් තම ජීවිත පුද කර ඇත. එම පක්ශය ප්‍රදානත්වයෙන් පිහිටුවා ගත් රජය සෞඛ්‍ය සේවය පෞද්ගලික කිරීම හෝ ඒ සදහා පිම්බුරුපත් සකස්කිරීම කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දෙයකි.
පලමුව මහජනතාව ගේ සහ්භාගිත්වයෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස්කර ඒ අනුව කටයුතු කරන ලෙස අව්දාරනය කරන්නෙමු.
එලෙසම නික්ශේපන වල බැක්ටීරියා අඩංගුවීමෙන් යයි සැක කරන මරන පිලිබද පරීක්ෂණ වල වාර්තා මහ ජනතාවට බලාගැනීමට හැකිවෙන පරිදි ප්‍රසිද්ද කිරීමෙන් රජයේ සෞඛ්‍ය සේවයට ඇතිවෙන අවිශ්වාශය අවම කිරීමට කටයුතු කරන ලෙස අවදාරනය කරමු. අත්හිටුවීමට කටයුතු කරන ලද එම සමාගමෙන් නිපද වු අනිකුත් ඖෂධ වල පරීක්ෂණ වාර්තාද ප්‍රසිද්ධ කරන ලෙසද අවධාරණය කරමු.
ඒවා යටගසා දූශිත ඖෂධ මාපියාවට කත් අදින නිලදාරින්ගේ උගුලට අසු වී මෙම රජයද යටත්වීමට ඉඩ නොදෙන ලෙසද අවධාරණය කරමු."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..