News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනල්ලා අපේ රට හයිටි රාජ්‍යයක් කරන්ඩයි මේ හදන්නේ - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

Jan 9, 2026 at 12:34 PM
|

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින්  පසුගිය දිනෙක සිදුකළ ප්‍රසිද්ධ සාකච්ඡාවකි.

“මේක මේ ආණ්ඩුව ගෙදර යවන්ඩ කරන කතාවක් නෙමෙයි. ඒ නිසා මේවා ආණ්ඩු විරෝධී කතා හැටියට ගන්ඩ ඕනේ නැහැ. . මේවා ගන්ඩ ඕනේ දේශප්‍රේමි කතා හැටියට. මම මෙච්චර කාලෙකට කිසිම ආණ්ඩුවකින් වැලි කැටයක දෙයක් අරගෙනත් නෑ. ගන්ඩ බලාපොරොත්තුවකුත් නැහැ. අපි මේ හාමුදුරුවරු හැටියට කතාකරන්නේ ජාතික කාරණා. දෛනිකව එන අල ලූණු දේශපාලනික කතා අපි කතා කරන්නේ නැහැ. අධ්‍යාපනය වුණත් අපි නිතර කතා කරන්නේ නැහැ. අගමැතිනිය ගෙනත් තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්.

අගමැතිනියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා දැනටමත් හඳුන්වා දී ඇති  කරුණ අධ්‍යාපන ඇමතිතුමිය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ නියැළිලා ඉන්න කෙනෙක් විදිහට මම දන්නවා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. සාමාන්‍යයෙන් අවුරුදු දහයෙන් දහයට හෝ ඊට අඩු කාලයකදී විෂය නිර්දේශය වෙනස් කිරීම ප්‍රතිපත්තියක්. අධ්‍යාපනයේදී විෂය නිර්දේශ වෙනස් කරන්නේ එක් විෂය නිර්දේශයක් යමින් තිබියදී. තවත් විෂය නිර්දේශයක් අවුරුදු දෙකක් යමින් ක්‍රමිකව තමයි විෂය නිර්දේශයක් වෙනස් කරමින් යන්නේ. ඒ නිසා තමයි අපි විභාග ලියන කාලෙට නව නිර්දේශය සහ පැරණි නිර්දේශ දෙකක් තියෙන්නේ, එක හැමදාම තියෙනවා. එතකොට ඒ අතරවාරයේදී අධ්‍යාපනයේ ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කරනවා. මෙහිදී මොනවද වෙනස් කරන්නේ, මොන පදනමකින්ද වෙනස් කරන්නේ, වෙනස්  කරල තියෙන යෝජනාවලිය මොනවද කියලා බලනව.ඒක තමයි ගැටළුව, ඒ නිසා මේ කාරණාව හුදු ලාභ දේශපාලනික අර්ථයකින් ගන්නවට වඩා මේක තාක්ෂණික හා ශාස්ත්‍රීයව හැදෑරිය යුතුයි. ඒකට අපිට දැක්මක් තියෙන්න ඕනේ ඒ දැක්ම තමයි අද උගන්වන දේ ප්‍රයෝජනවත් වෙන්නේ තව කාලෙකින්.  ඉගෙනුම ලබන දරුවා සප්‍රයෝජන පුරවැසියෙක් බවට  පත්වන්නේ තවත් අවුරුදු කීපයකින්.

අපි අහල තියෙනවා හිට්ලර් බලයට පත්වෙලා දහතුන් අවඅවුරුද්දකින් පස්සේ තමයි ඝාතනය ආරම්භ කරන්නේ.ඒකට දහතුන් අවුරුද්දක් ඔළුව වෙනස් කරලා තමයි ඒ ඝාතනය ආරම්භ කරන්නෙ.ඔහුගේ ඉලක්කයට යන්න පුළුවන් පිරිසක් හදලා තමයි ඊළඟ තැනට යන්නේ. ඔය ඇත්තො දන්නවා අපි කුඹුරක ගොයම් වගා කරලා තියෙනවා නම් ඒ සරුසාර අස්වැන්න තියෙන ගොයමේ වෙනත් දෙයක් වගා කරන්න ඕනෙ නම් ඉස්සෙල්ලාම කරන්නේ තියෙන ගොයම කපා දාන එකයි. ඊළඟට කරන්න ඕනේ අලුතෙන් මඩ කරන එකයි. තුන්වෙනි පියවර තමයි මඩ කරන ලද කුඹුරට පොහොර දාන එක. ඊට පස්සේ තමයි අලුත්ම පැලයක් රෝපණය කරන්න ලැබෙන්නේ. අන්න ඒ අලුත් පැළය රෝපනය කිරීම සඳහා වන පරණ ශෂ්‍ය භෝග කපා ඉවත්  කිරීමේ ක්‍රියාවලිය තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කෙරෙන්නේ. මේ අලුතින් ඇවිත් තියෙන ප්‍රතිසංස්කරණ හෝ සංශෝධන, හෝ මොනවා හෝ දිහා බලන්න ඕනේ ඊට පස්සෙ වෙන්නේ මොකක්ද කියන කාරණය,  ඊට පස්සෙ වෙන්නේ මොකක්ද කියන කාරණය හා  ඇත්ත යටින් ඇති,  යටි අරමුණ දැන හෝ නොදැන හෝ සිද්ධවීමට නියමිත කාරණාව මොකක්ද කියල.


අපේ රටේ හුඟක් ආණ්ඩු අධ්‍යාපන ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධව සංවේදීව කටයුතු කළා. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන කාලේ  රනිල් වික්‍රමසිංහ මහත්මයා අධ්‍යාපන ඇමති වශයෙන් හිටපු කාලේ ජේ .ආර් ජයවර්ධන මහත්මය ගෙනාවා දවල පත්‍රිකාවක්. එය හුදු මහජන සංවාදයට යොමු කරන ලද්දක්.  ජේ ආර් ජයවර්ධනය කියන්නේ කියන්නේ අපේ කාලෙ අපි දැක්ක ආඥාදායකයා.  ඒ ආඥාදායකයවත්   අධ්‍යාපනය හිතුමතේ වෙනස් කළේ නෑ .  මම මේක වෙනස් කරනවාමයි කියලා ජේ ආර් වත් කිව්වේ නෑ.ජේ ආර්ගේ බෑණනුවන් වන රනිල් වික්‍රමසිංහ මහත්තයවත් කිව්වේ නෑ. යෝජනාවල් ආවම විරෝධතා එන්ඩ ඉදිරිපත් කරලා ඒවා ආවම අකුල ගන්නවා.  ඊට පස්සේ එයාට ඕනේ කෑලි චුට්ට චුට්ට වෙන වෙනම ගේනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චන්ද්‍රිකා බණ්ඩාරනායක තුමිය ඉන්න කාලෙත් ආවා.  ඒවත් යෝජනාවලට විවෘත කළා.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු කාලෙත් යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතුවලට ආවත් ඒවා පොදු මහජනතාවට සාකච්ඡාවට ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා. දැන් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී කිසිම කෙනෙකුට කුමන ආකාරයෙන් හෝ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නෑ. දැන් මේ වෙනකොට රටේ මහජනතාවගේ අනාගතය පිළිබඳව පනතක් නොවන චක්‍ර ලේඛයක් මගින් අධ්‍යාපනය වෙනස් කරල පවර් පොයින්ට් මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට යෝජනා කරල තියෙනව. ගුරු පුහුණුව අරඹලා තියෙනවා.  අඩුම තරමින් පුහුණු ගුරුවරුන්ගේ අදහස්වත් සලකා බලලා නැහැ. ඒවාට කිසිම සාධනීය ඇහුම්කන් දීමක් නෑ. උඩින් ඇවිත් තියෙන යෝජනාවක් අනිවාර්යෙන් නිශ්චිත වශයෙන්ම පිළිපැදිය යුතුයි කියන තැනට ඇවිත්. එක වසර ,හය වසර දැන් මේව පටන් අරන් තියෙන්නේ පන්ති දෙක සඳහා මේ වන විට සියලු ලියකියවිලි හදල අවසන් අවසන්. ගුරු පුහුණුවත් අවසන්. ඒ සඳහා නිලලත් බලයලත් ආයතනත් දැන් තියෙනවා ඇත්ත වශයෙන්ම ඒ අදහස් සමෝදානයට ලක්වෙන බවක් පේන්නේ නෑ.. ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන ආයතන කොමිෂන් සභාව කියලා එකක් තියෙනවා. වටිනා දැන උගත් සම්භාවනීය පුද්ගලයන්ගෙන් සමන්විත ජාතික අධ්‍යාපන ආයතනය වගකීමෙන් තොරව කටයුතු කරන ආයතනයක් නෙමෙයි මේ සඳහා නිල ලත් බලයලත් ආයතන තව තියෙනවා.  මේ කිසිම ආයතනයක් අදහස් නැතුව ඊටත් වඩා උඩින් තමයි මේ අදහස් එන්නේ.  කොළඹ විශ්ව විද්‍යාලයේත් විද්‍යාලයේත් අධ්‍යාපන පීඨයක් තියෙනවා. ඉතාමත් වැදගත් බොහොම පෞරාණික අධ්‍යාපනය පිළිබඳව දැක්මක් තියෙන ආයතනයක්.  නව අධ්‍යාපනවේදීන් කියල පිරිසක් ඉන්නවා. අධ්‍යාපනඥයන් කියල පිරිසක් ඉන්නවා. විෂය ප්‍රවීණයන් කියලා පිරිසක් ඉන්නවා මේ ක්ෂේත්‍රයේ මහාචාර්යවරු කියල පිරිසක් ඉන්නවා, ප්‍රශ්න පත්‍ර බලන්⁣නෙ හදන්නෙ මේ මහාචාර්යවරුන්. මෙච්චර පුද්ගලයන් සම්පත් ඉන්න රටක් මේක. මෙකී සම්පත් පුද්ගලයන් සියලු දෙනා ඉද්දි එකී සම්පත් පුද්ගලයන්ට ප්‍රමාණාත්මක ඇහුම්කන් දීමක් නැතුව උඩින් එනවා මේක වෙනස් කරන්න කියලා. ඒ හින්දා තමයි මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යය. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි, දැන උගත් මිනිසුන්ගේ අදහස් අවශ්‍යයි , අත්දැකීම් සහිත ප්‍රජාවගේ අදහස් අවශ්‍යයි කියලා කියන්නේ. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි දැන උගත් මිනිසුන්ගේ අදහස් අවශ්‍යයි අත්දැකීම් සහිත ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි කියලා කියන්නේ. මේක බලහත්කාරයෙන් අපිට ඕනය කියන්න තරම් ලොකු ප්‍රශ්නයක්ද  නැහැ. අනිත් එක මේ රට දැවැන්තව මුහුණ දෙන ප්‍රශ්නයක්ද මේ එල් ජී.බී.ටී. කියු ප්‍රශ්නය කියලා කියන්නේ. දැවැන්තම අර්බුදය ලිංගික අර්බුදයද? දැවැන්තම අර්බුදය විෂය නිර්දේශයේ වෙනස් කිරීමද?වෙනස් කරනවානම් වෙනස් කරන්න ඕනේ මේ විදිහටද?

මේක හයිටි රාජ්‍ය ගැන කතාවක්. හයිටි රාජ්‍ය කියල කියන්නේ ඉතාමත් දියුණු රටක්ව තිබුණු කුඩාා රාජ්‍යයක් ඒ රටේ කළු උස මහත අඩි හයක් විතර උස මිනිස්සු හිටියා. ඒ රට රත්‍රන් තිබුණු බොහොම ධනවත් රටක්.  අවුරුදු අනූවක් විතර ඒ රටේ මිනිස්සු ආයු වැළඳුවා.එච්චර සැප සම්පත් තිබුන රටක් හයිටි රාජ්‍ය කියලා කියන්නේ. හයිටි ගිහින් ආපු හමුදා නිලධාරියෙක් මට කියපු තොරතුරු අනුව මම මේ කියන්නේ. හයිටි රාජ්‍යයේ පසේ තිබුණලු කිසියම් සුවිශේෂී ලෝහයක්. එ ලෝහය ගුවන් යානාවල තහඩු හදන්න ගන්න ලෝහයක් සහ තව තව දේ හදන්න ඉතාමත් වැදගත් වන ලෝහයක්.  මේ ලෝහය රටින් එක පැත්තක හොඳට තියෙනවා. ඒ රටේ උපන් උරුමක්කාරයන් මේ පිළිබඳව සංවේදී . ඒ නිසා අධිරාජ්‍යවාදී යම් යම් රටවල් ලෝහය ගැනීම සඳහා රටින් එක් පැත්තක් ජන ශූන්‍ය කලා. ඒ රටේ මහජනතාව රටින් එක පැත්තකට කළා. අපේ ගම්මාන වල හිටපු හමුදා නිලධාරීන් හයිටි රාජ්‍යයේ සේවයට ගියා පිළිබඳව තොරතුරු විමසා බැලුවාම මම ඇහුවා හයිටි රාජ්‍යයට ගියේ එහි යුද්ධයක් තියෙනවද කියල, ඊට පස්සෙ කියනවා නෑ යුද්ධයක් නෑ. එහෙනම් මේ රටවල ඉන්න හමුදා නිලධාරීන් වැඩි පඩියට ඇයි හයිටියට ගියේ?බැලුවම.  අර කියපු ස්වදේශිකයන් හයිටි බිමේ හිස් බිම්කඩට යන එන එක නතර කරන්න බොඩර් එකක් හදලා තමන්ගේ රටේ තමන්ට යන්න බැරි වෙන්න ලංකාව ඇතුළු විවිධ රටවලින් ගෙන්වාගත්තු හමුදා නිලධාරීන් ආරක්ෂාවට දාලා. ඊට පස්සේ මේ හයිටියේ එවකට තිබූ පාලනය වෙනස් කිරීමට විවිධ යෝජනා ඉදිරිපත් කළාම අර පස් කපන්න ඒ යෝජනා ඒ ආණ්ඩුව පිළිගන්නේ නෑ.ඒ නිසා ඒ ආණ්ඩුව පෙරලලා දාලා තමන්ට ඕනෙ ආණ්ඩුවක් ඒ රට කොල්ල කාල මේ රටේ පිහිටුවා ගත්තා. එදා ඉඳන් දිනපතාම හයිටියේ පස් කපලා ගුවන් යානාවලින්  තම තමන්ගේ රටවල් වලට ගෙනිහින් ඒ රටවල් වලදී අර ලෝහය අරගත්තා.හයිටියේ ඉන්න ජනතාව මේ කටයුත්තට එරෙහි වීම වැළැක්වීමට ඉස්සෙල්ලාම කලේ හමුදා බැරියර්  දාලා,බෝඩර් දාලා මිනිස්සුන්ව වළක්වන එක. ඊට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවක් ගෙනාවා. එහි පළවෙනි යෝජනාව වුණේ ළමයින්ට පාසල්  යැවීම අනිවාර්ය වේ යන කොන්දේසිය ඉවත් කිරීම. දෙවෙනි යෝජනාව වුනේ පාසැල් නිල ඇඳුම් අනිවාර්ය නොකිරීම, ඊලඟට ගුරුවරුන්ටද නිල ඇඳුම් අනිවාර්ය නොවේ යන්න ස්ථාපිත කළා.ඊට පස්සේ ලාභෙට බියර් වික්කා. මස්, තෙල්, පිටි,සීනි සහිත ආහාර ලාභ කලා , මිනිස්සු දිනපතාම ඒවා කෑවා. මහ පාරේ ලිංගික සංසර්ගේ යෙදුනත් කමක් නෑ කියන තැනට ආවා. ලිංගිකත්වය පාසලේදී කළත් කාටවත් විරුද්ධ වෙන්න බෑ කියන තැනට ආවා. අවසානයේදී අවුරුදු අනූවක් ආයු වැළඳු  ජනතාව අවුරුදු 45ට බැස්සා. ඒ රටේ හිටපු ශක්තිමත් ලස්සන මිනිස්සු ලෙඩ්ඩු.  ශක්තිමත් ලස්සන මිනිස්සු ලෙඩ්ඩු වුණා. ඒඩ්ස් ආදී රෝග වලට ගොදුරු වුණා. මේ තමයි රටක පොඩි පොඩි වෙනස්කම් වලින් කරපු ලොකු ලොකු දේවල්. වාක්‍ය දෙක තුනකට පුළුවන් රටක් විනාශ කරන්න. හයිටිය අද නැත්තේ හයිටි ජාතිකයන්ට පමණයි.

මේක හයිටිවාසින්  රටවල් විනාශ කරපු විදිහ ගැන අපිටත් කවදහරි කියන්න තියෙන කතාවේ කෑල්ලක්.මේක ඉතාම ගැඹුරින් කල්පනා කළ යුතු කාරණයක්. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් හරසුන් ජනතාවක් බිහිකරන්න ගෙනාපු යෝජනාවක්. එක වසරත් හය වසරක් තුළ තමයි දැනට මේ යෝජනා ඇවිදින් තියෙන්නේ. ජනවාරි හයයි ඉඳලා එක වසරටයි හය වසරටයි පෙළපොත් නැ.එහෙම කරන්නෙ බෑග් බරයි කියන යෝජනාවට. මේක නිකං ටෙලිනාට්‍යයකට නළුවෙක් අරගෙන වගේ නෙවෙයි  නළුවෙක් හින්ද ටෙලි නාට්‍යයක් හදලා වගේ. මේක ගේන්න තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්නේ. පෙළපොත් සම්පූර්ණයෙන් අහෝසියි.එතකොට ළමයින්ට පාඩම් කරන්න ඕන නෑ. හෝම්වර්ක් ඕනි නෑ. ළමයින්ට උගන්නන්න පත්‍රිකාවක් තියෙනවා. ඒකට කියන්නේ මොඩියුලය කියලා.

සාමාන්‍යයෙන් ශිෂ්‍යයා සහ විද්‍යාර්ථයා කියල දෙන්නෙක් ඉන්නවා. Piupil සහ student. මේකෙදි පාසල් පද්ධතියෙ ඉන්නෙ පියුපිල්ස්ල.students  ඉන්නේ study කරන්න. studentsලට සිංහලෙන් කියන්නේ විද්‍යඅර්ථින් කියලා. ශිෂ්‍යයන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ piupils ල  කියලා. සාමාන්‍යයෙන් අවුරුදු දාසය දාහත දහ අටක් විතර  වෙනකම්ම ඉන්නේ piupils ල ඒ කියන්නේ පාසල් දරුවෝ. ඒ අයට උගන්වන්න ඕනේ, කියලා දෙන්න ඕනේ. විශ්ව විද්‍යාලයට ගියහම තමයි විද්‍යාර්ථයින් වෙන්නේ. මේ විද්‍යාර්ථයන්ට කරන්නේ උගන්වන එක නෙමෙයි ඉගෙන ගන්න පසුබිම හා මාර්ග දර්ශකයන් ලබාදෙනවා.ඒ අයට ඉගෙන ගන්න නියමිත පැය ගණනක් සති ගණනක් මාස ගණනක් අවුරුදු ගණනක් නියම කරලා තියෙනවා. ඒ විද්‍යාර්ථකයින්ගේ පැය ගණනට කියනවා සම්භාර කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා creadits කියල. Creadit එකක් කියන්නේ පැය පනහක්. මේ පැය 50න් පහළොවක් උගන්වන්න ඕනේ.එතකොට තව පැය  තිස්පහක් ඉතුරු වෙනවා. ඒ පැය තිස්පහේදි ශිෂ්‍යයා අන්තර්ජාලයෙන්ද , පුස්තකාලයෙන්ද,වැඩිහිටි ශිෂ්‍යයන්ගෙන්ද, කුප්පිවලින්ද, අතිරේක කියවීම් වලින්ද ,එසයිමන්ට් වලින්ද, ප්‍රසන්ටේෂන් කිරීමෙන් ද සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙම තමයි වැඩිහිටි ශිෂ්‍යයන්ට උගන්වන විදිහ. විශ්වවිද්‍යාල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට අර පැය ගාන ඉගැන්නුවාම අදාළ ප්‍රශ්න පත්තරයට  ක්‍රෙඩිට් ගානට ලකුණු දෙන්නෙ ලකුණු හැටයි.ඉතුරු හතළිහ අදාළ ප්‍රශ්න පත්තරේට කලින් ශිෂ්‍යයා ගන්න ඕනේ.  එහෙම ගන්නේ ප්‍රසන්ටේෂන් වලට ලකුණු දහයයි, පන්ති කාමරවල විභාග වලට ලකුණු දහයයි. එසයිමන්ස්  වලට ලකුණු දහයයි.  තව quites කියලා එකක්  තියෙනවා ඒකට ලකුණු දහයයි. ඒ ලකුණු 40 අරගෙන ඉවර වෙලා තමයි ළමයා විභාගෙට වාඩිවෙන්නේ. ඒ කියන්නේ ලකුණු හතළිහෙන් විභාගෙ සමත් වෙලා තමයි විබාගයට  වාඩිවෙන්න. dictintionගන්න තමයි ඒ ලිඛිත විභාගයට වාඩිවෙන්නේ ඒ විශ්ව විද්‍යාලවල හැටි. ඒ ස්ටුඩන්ස්ලගේ හැටි. විද්‍යාර්ථයන්ගේ හැටි. මේ වැඩිහිටි ශිෂ්‍යයන්ට අදාළ කරුණ මේ එක වසරේ පුංචි ළමයින්ට අදාළ කර ගන්නේ කොහොමද?

අන්න එහෙම මොඩියුල් සිස්ටම් එකක් හදලා තියෙනවා. මොඩිවුල් කියන්නේ පොඩි පොඩි පත්‍රිකා. ඒව ගෙදර ගෙනියන්න බෑ. මේකෙන් අවසානය වෙන්නේ ළමයා ශාස්ත්‍රීය ඌනතාවයෙන් පෙලෙනවා.දේවල් දන්නේ නැති කෙනෙක් බවට පත්වෙනවා.කියවන්ඩ පොතක් නැති වෙනවා ගෙදර ගිහින් අම්මට තාත්තට දරුවන්ට කියලා දෙන්න දෙයක් නැති වෙනවා. කියල දෙන්ට දන්නේ නැති වෙනවා. ආනන්ද නාලන්දෙ දරුවෝ වගේම හොරෝව්පතානේ කහකහටගස්දිගිලිය දරුවොත් ,රෑ එළි වෙනකම් පැල් රකින දෙමව්පියන්ගේ දරුවොත් ඉන්නවා. මේ අයට කොහොමද මේක ගලපන්නේ?. මේක දිහා ශාස්ත්‍රීව බලන්න , මේක මහපොළොවේ පැල කරන්න පුළුවන් දෙයක්ද කියලා බලන්න. ළමයා පොතෙන් අයින් කිරීමෙන් අවසානයේ සිද්ධ වෙන්නේ මොකක්ද, රෑ එළිවෙනකන් කුප්පි ලාම්පුවෙන් පොතපත පාඩම්  කරපු, අම්මා තාත්ත ළඟට ගිහිල්ල කතන්දර අහපු සංස්කෘතිය නැතිවෙනවා. මේක කරන්නේ මොකටද ළමයා සතුටින් තිබීමට. එතකොට දැන් දරුවෝ ඉස්කෝලෙ ගිහින් සතුටෙන් නෙමෙයිද ඉන්නේ.එහෙමනම් කරන්න ඕනෙ පාසල සතුටුදායක තැනක් බවට පත් කිරීම. පාසල් ගෙනියන බෑග් එකේ පොත් ටික බර නිසා පොත් ඕනේ නෑ කියනවා. පොතක් නෑ වාර විභාග නෑ හැබැයි පහේ ශිෂ්‍යත්වය තියෙනවා. පහේ ශිෂ්‍යත්වයට අත තිබ්බොත් ආයු කාලය නැතිවෙන නිසා ඒකට අත තියන් නැතුව ඒක හයෙන් පටන් ගන්නවා.දැන් මේකෙදි දරුවන්ට කිසිම විබාගයක් නෑ ,ඇයි ඒ තරං විභාග ළමයින්ට හොඳ නෑ කියලා. හැබැයි ස්පෝර්ට්මිට් ති⁣යනවා. ඒවායේ ධාවන  තරඟ තියෙනවා. උස පැනීමේ ක්‍රීඩා තියෙනව, මළල ක්‍රීඩා තරඟ තියෙනවා. හැබැයි ඉගෙන ගැනීමට තරගයක් නෑ. අධ්‍යාපනික තරග සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම නෙමෙයි අපි පිළිගන්නේ. අධ්‍යාපනය ඇතුළේ යම්කිසි තරගකාරී බවක් තියෙන කොට තමයි ළමයෙකුට යම්කිසි අභිප්‍රේරණයක් ලැබෙන්නේ. එකී අභිප්‍රේරණය නැති කළ යුතු නැහැ.

අනිත් කාරණය තමයි මේකෙදි වාර විභාග ක්‍රමයක්  නෑ. හැබැයි ගුරුවරයාට පුළුවන් ළමයාට ලකුණු දෙන්න. විභාග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගුරුවරයාට පවරනවා. මේ රටේ හොඳ ගුරු බවතුන් ඉන්නවා තමයි, හැබැයි සියයට සීයම එහෙම නෑනෙ. සමහර ගුරුවරුන්ට ගුරුවරියන්ට බලපෑම් කරන දෙමව්පියෝ අදටත් ඉන්නවා. මේ වගේ වෙලාවට ටීචර් අපහසුතාවයට පත්වෙන අවස්ථා එනවා. ඒ වගේ මේ මහපොළොව දියුණු නැති තැනක පින්ලන්තය සහ ස්විස්ටර්ලන්තය ඔලුවෙ තියාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කර සකස් කිරීම කොයිතරම් ප්‍රඥාගෝචරද?

අඛණ්ඩ ඇගයීම් වලින්.  දැනුම තක්සේරු කරන්ඩ ඕනෙලු. දැන් මේවා කරන්ඩ ඉන්නේ ගුරුවරුන් මෙතන ඉන්නවා අලුත බැදිච්ච ගුරුවරුන් බෞද්ධ හා අබෞද්ධ ගුරුවරු, අපේ රටේ නැටුම් විභාගේ සමත් වෙලා ගිහින් ගණන් උගන්වන ගුරුවරු ඉන්නවා. පාසලක ඉන්න සියලුම ගුරුවරු එකී විෂයබද්ධ ගුරුවරු නෙමෙයි. විෂය ප්‍රවීණියෝ නෙවෙයි . දැන් මේ විදිහට එකේ ළමයි හ⁣යේ ළමයි ෆේල් කරන්ඩ බෑ පාස් වෙන්න ඕන ,ලකුණු ඇතත් නැතත් පාස්,  ඔහොම ඔහොම පාස් වෙවී ගිහිල්ලා අන්තිමට අධ්‍යාපනය passed away වේවි.

එක් මොඩියුලයක්  සඳහා ලකුණු හැත්තෑවක් ලැබෙන අතර ඉතුරු සියයට තිහ ගුරුවරයාට සුදුසු අධීක්ෂණයක් මගින් ලබාදීමට පුළුවන් කියල තමයි මේකෙ සඳහන් වෙලා තියෙන්නේ.එතකොට ගුරුවරයා තීරණය කරන්න ඕනේ උස නම් මෙච්චර දෙනවා, මිටිනම් වෙච්චර දෙනවා, සුදු නම් මෙච්චර දෙනවා ,කලු නම් මෙච්චර දෙනවා කියලා. මේකෙදි දරුවාගේ ශාස්ත්‍රීය භාවය කියවීමේ රුචිකත්වය පොතට තියෙන ගෞරවය නැති වෙලා යනවා.අපි මේකදි ආදර්ශයට අරන් තියෙන්නේ ළඟම සහ හොඳම ආදර්ශය යැයි හිතන ෆින්ලන්ත අධ්‍යාපනය. කෙල්ලන්ට අධ්‍යාපනයේ තමයි ලෝකයේ හොඳම අධ්‍යාපනය යැයි ඒගොල්ලෝ කියපු නිසා අපිත් ඒක පිළි අරන් තියෙනවා. ෆින්ලන්තයේ වැඩි දෙනා කරන්නේ මත්ස්‍ය කර්මාන්තය කියලා මම අහලා තියෙනවා. එහෙව් රටක අධ්‍යාපනය මෙහෙ කරන්න හදනකොට එහේ ඉන්න උප අගමැතිණියක්  කියනවා ඒ රටේ දරුවන්ගේ කියවීමේ සහ ලිවීමේ හැකියාව පහත වැටිලා කියලා. එතුමිය හොඳ නැතැයි කියපු දෙයක් තමයි මෙතුමිය හොඳයි කියාගෙන කරන්නේ. ඒ කාරණා අස්සේ මේක ඇතුළෙ තව දාලා තියෙනවා ලිංගික ප්‍රවර්ධනය. sex education කියලා එකක් තියෙනවා. ඒක තියෙන්න ඕනෙ දෙයක් තමයි. වයස අනුව අදාල ඡායාරූප සහිතව අදටත් ඒවා පාසලේ උගන්වනවා. ඒවට කවුරුත් විරුද්ධ උනේ නෑ. මේකට කියන්න ඒක නෙමෙයි. මේකට කියන්නේ සෙක්ස් promotion කියලා.

ඇත්තට හරි නම තමයි Abnormal sex behavior   promotion.මේක හැම කාලෙම තිබුණ තමයි. හැබැයි ඇයි මේක ප්‍රොමෝට් කරන්නේ ලෝක ජනගහනය අඩු කිරීමේ කිසියම් සැලැස්මකට අනුව. LGBTQ+  ඒවා ප්‍රොමෝට් කරන්ඩ කියන කාරණය තමයි මේ අය සමාජ අසාධාරණයට ලක්වෙනවා කියන එක. ඒවා ප්‍රොමෝට් කරන්න කියන කාරණය තමයි මේ අය සමාජ අසාධාරණයට ලක්වෙනවා කියන කාරණය. අයිතිය සහ අයිතිවාසිකම කියලා කියන්නේ දෙකක්. වෙනස තමයි ඔබට අයිති දෙයක් මට අයිති නෑ, මට අයිති දෙයක් ඔබට අයිතිත් නැහැ. අයිතිවාසිකම කියලා කියන්නේ ඔබ භුක්ති වින්ද දෙයක් මට භුක්ති විදින්න බැරි කමක් නැහැ කියන එකට. අධ්‍යාපනය කියලා කියන්නේත් අයිතිවාසිකමක්. ජීවත්වීම අයිතියක් නෙමේ අයිතිවාසිකමක්. අයිතිවාසිකම් භුක්ති විඳීම මේ රටේ කාටද අඩුවෙලා තියෙන්නේ? එහෙව් රටේ  මේ LGBTQ+ කියන අයට මොන අයිතිවාසිකම් ද නැති වෙලා තියෙන්නේ?ඒගොල්ලන්ට අධ්‍යාපන අයිතිවාසිකම් අඩුවෙලා තියෙනවද?ඒගොල්ලොන්ට යැපීම් පිළිබඳව අයිතිවාසිකම් අඩුවෙලා තියෙනවද. ?ඒගොල්ලන්ට රාජ්‍ය සේවා  වෘත්තීය සමිතිවලට බැඳීමේ අයිතිවාසිකම් අඩුවෙලා තියෙනවද? නැහැ. ඒ නිසා අයිතිවාසිකම් අඩුවෙලා නැහැ කාටවත්. ඒ නිසා කවුරු හරි කෙනෙක් තර්ක කරනවා නම් මේවා අයිතිවාසිකම් මේගොල්ලන්ට මේවා දෙන්න ඕනේ කියලා මොනවද තවත් දෙන්න ඕනේ අයිතිවාසිකම්?ශ්‍රව්‍යාබාධිත  දෘෂ්‍යාබාධිත කියලා දැම්මේ කනා කොරා කියන වචන අයින් කරන්න ඕන හින්දා .ඒ කාලෙ ඉඳලා එච්චර අයිතිවාසිකම් ගැන හිතපු රටත් මේක. මේ රටේ හදන්න ඕනේ දරුවෝ කවර ආකාරයේ දරුවොද.. අන්න ඒ ගැනයි අපි හිතන්න ඕනේ ආචාර්ය ධර්ම තියෙන දරුවො හදන්න ඕනේ.අපි හදන්න ඕනේ  සභ්‍යත්ව රාජ්‍යයේ උරුම ලක්ෂණ තියෙන දරුවෙක්. සහකම්පනය තියෙන දරුවෙක්. නීරෝගී දරුවෙක්, සබුද්ධික  ඥානය තියෙන දරුවෙක්. මේ තියෙන යෝජනාවලින් මෙහෙම දරුවෙක් බිහිවෙන්න එක යෝජනාවක්වත් නෑ. එහෙම දරුවෙක් බිහිවෙන්න තියෙන ඉඩකඩක් නැතිවෙලා යනවා. ඒ නිසා මේ යෝජනාවලින් නැති ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා. ඒ වගේම තියෙන ප්‍රශ්ණයකට උත්තරයක් හොයනවා. මේ සැලැස්ම ක්‍රියාත්මක වුණොත්, පළමු කාරණය තමයි මේ දරුවන් විනාශ වෙනවා දෙවන කාරණය තමයි මේ ආණ්ඩුව විනාශ වෙනවා”.

D.N. අභඅභයවර්ධන

- ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.