පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය අනුව මෙරට අධ්‍යාපනය සැකසීම කළ නොහැකියි – SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යක්ෂ බුද්ධි නන්දන කහඳවල
පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය අනුව මෙරට අධ්‍යාපනය සැකසීම කළ නොහැකි බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන බුද්ධි නන්දන කහඳවල මහතා පවසයි. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් විසඳන්නට යන්නේ ලොව වඩාත් සාධාරණ විභාග ක්‍රමය බව ඔහු කියයි. SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යක්ෂවරයා වන කහඳවල මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මෙසේ අදහස් දක්වා සිටියේය.
අපේ රටේ වාතාවරණය දිහා බැලුවොත් දැනට නම් සුදුසු මෙතෙක් පැවත ආ විභාග ක්‍රමය දිගටම පවත්වාගෙන යෑමයි. මක්නිසාද සිංහල මාධ්‍යයෙන් ලිව්වත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිව්වත් දෙමළ මාධ්‍යයෙන් ලිව්වත් විභාග ප්‍රතිඵලය එකමයි. කොළඹ දරුවටත් මහියංගනේ දරුවටත් භේදයකින් තොරව තරග විභාග ජයගන්න පුළුවන්. ජාතික පාසලක් වුණත් ගමේ පාසලක් වුණත්, ජාත්‍යන්තර පාසලක් වුණත් දේශීය විභාගයන්හි දී ලබන ප්‍රතිඵලය එක හා සමානයි.
සංශෝධන අවශ්‍යයි. නව මානයන් සොයාගැනීම අවශ්‍යයි. ඒවා කඩිමුඩියේ කළ යුතු නෑ. බොහොම සෙමින් ඉවසීමෙන් යුතුව තමයි වෙනසක් සිදුකරන්න ඕන. ඒ වෙනස සියලු දරුවන්ට පහසුවෙන් අනුගත විය හැකි වෙනසක් විය යුතුයි. පළමුවෙන් කියන්න ඕන පින්ලන්තය සහ ශ්‍රී ලංකාව කියන්නෙ රටවල් දෙකක්. පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය මෙහෙට ගේනවා නම් පළමුවෙන් කරන්න ඕන ලංකාවත් පින්ලන්තයක් කරන එක. ඒ නිසා ඒව හුදු ප්‍රකාශ විතරයි.
අපි ලෝකයත් එක්ක බැලුවොත් චීනය, දකුණු කොරියාව වගේ රටවල පවතින්නෙත් අපේ රටේ විභාග ක්‍රමයට බෙහෙවින් සමාන විභාග ක්‍රමයක්. ඒ විභාග ඉතාම තරගකාරී විභාග. දක්ෂයින් තෝරාගැනීම සහ දක්ෂයින් ඉදිරියට රැගෙනයෑම සඳහා ඒ රටවල් මේ තරග විභාග ක්‍රමය සාර්ථකව යොදාගන්නවා.
අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමක තියෙනව කියන නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව වගේ රටවල් ගත්තොත් ඒවායේ නිශ්චිත ජාතික විභාග ක්‍රමවේදයක් නෑ. ඒ රටවල පෞද්ගලික පාසල් සහ රජයේ පාසල් ගත්තම ලොකු වෙනසක් තියෙනව. පාසල් අනුව විභාගවල ගුණාත්මක බව වෙනස් වෙනවා.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්