රටේ අගමැතිනිය අධ්‍යාපන ඇමතිවරියගේ වගකීම් පසෙක තබා විජාතික ඒජන්තවරියගේ භූමිකාව රඟ දක්වමින් සිටිනවා..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දි මුළු රටේම අවධානයට ලක්වී අැත්තේ හය වසර මොඩියුලය සම්බන්ධයෙන් බවත්, මෙය ඉතා සූක්ෂම මෙහෙයුමක් මෙනේම විජාතික වුවමනාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සිදුවන්නත් බවත් දෙවන පරපුර පක්ෂයේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකා ෆාතිමා හර්ෂනි පවසයි.
දෙවන පරපුර පක්ෂ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඇය මෙසේද පැවසුවාය,
"අපි ආණුඩුවෙන් අහන්නේ මේ ප්‍රතිසංස්කරන හදන්න මොන අධ්‍යාපන විශේෂඥයෝද
ඉතිහාසයේ අන් කවර දාටත් වඩා මේ රටේ බරපතල ඛේදවාචකයකට මේ රට මුහුණ දීලා තිබෙන අවාසනාවන්ත කාලයක තමයි දෙවැනි පරපුරේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දි මුළු රටේම අවධානයට ලක්වෙලා තියෙන්නේ හය වසර මොඩියුලය ගැන. මේ ගැන කතා කරද්දි අපි හරි පරිස්සම් විය යුතුයි. මොකද ඉතා සූක්ෂම මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙනවා කොයි පැත්තෙන් හරි මේ විජාතික වුවමනාව ප්‍රොමෝට් කරන්න. කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා මේක සාමාන්‍ය බවට පත් කරලා හරි අපූරුවට විජාතික උවමනාව ඉටු කරන්න. මේ ආණ්ඩුව මේකෙදි අනුගමනය කරන්නෙ තෙලින් බැද්දත් කෝබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලින් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි ප්‍රතිපත්තිය.
කොහොම හරි අවසානයේදී වෙන්නේ ජාත්‍යන්තර උවමනාව ඉටු කරන එක. අද මේ රටේ අගමැතිනිය අධ්‍යාපන ඇමතිවරිය විදිහට ඒ වගකීම් සියල්ල පසෙක දමා විජාතික ඒජන්තවරියගේ භූමිකාවේ රඟ දක්වමින් සිටිනවා. අද ඒ මොඩිවුල ක්‍රමය අධ්‍යාපනයට ඇතුළත් කළ රටවල් මේ වෙනකොට එහි තියෙන අඩුපාඩුකම් ගැන පසු විපරම් කරනවා. දරුවන්ට ඇති කියවීමේ නොහැකියාව ලිවීමේ නොහැකියාව ගැන පසුතැවෙනවා. සමහර රටවල් මේ ක්‍රමයට සහ මුලින්ම තිත තියලා තියෙනවා. සැබෑ අධ්‍යාපන වෙනසක් කියමින් ආපු මේ දැන් මේකරන්නේ අනිත් ආණ්ඩු කළ හරියමයි.
මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දි මගේ මතකයට එන්නේ සද්ධර්ම රත්නාවලී අපූරු කියමන්. පය බරවායට පිටිකර බෙහෙත් බදිනාසේ, හිස සරසන්නට තොළ අඳුන් ගානාසේ. අන්න ඒ වගේ තමයි මේ මේ රටේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. කිසිම ගැලපීමක් නෑ. දැන් අපි කරන්න ඕනේ සිදුරු වුණ භාජනයට පැලැස්කර අලවනව වගේ සැබෑ අධ්‍යාපනයේ ක්‍රම වෙනසක් කිරිමයි. ඒ්ක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් විය යුතුයි. ඒවැනි ජාතික ප්‍රතිපත්තියක් ගැන මෙතෙක් කතා කරලා තියෙන්නේ දෙවැනි පරපුරේ අපේ නායකයින් රටේ අනාගත නායක උවදු විජේවීර පමණයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්