මොඩියුලයේ වෙබි අඩවියක නමක් තිබුනත් ඒකට යන්නැයි කොතැනවත් කියා නෑ..- අගමැතිනි මහ නාහිමිට කියයි..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසර විෂය නිර්දේශයේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ විමසා තේරුම් ගැනීම පිළිබඳ අභ්‍යාසයක් බව අධ්‍යාපන ඇමතිනි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
වෙබ් අඩවියක නම සඳහන් වුවද එම අඩවියට යන්නැයි කොතැනකවත් කියා නැති බවද ඇය පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
අදාළ පොතේ අන්තර්ජාල සබැඳියක් ඇතුළත් වී ඇති බවට තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වී එම පොත් ඉවත් කිරීමටත්, අදාළ වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කිරීමටත් පියවර ගත් බවත් ඇය පැවසුවාය.
මෙම වයස් කාණ්ඩයේ දරුවන් සඳහා වන පෙළපොත්වලට අන්තර්ජාල සබැඳි ඇතුළත් නොකරන ලෙස උපදෙස් දී තිබියදීත්, අලුත් පාඩමක් ලෙස මෙය පොතට එක්වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත්, ඔවුන්ගේ වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ගුරුවරුන් 5,000ක් පමණ පුහුණු කිරීමේදී පවා මෙය හඳුනා නොගැනීම බරපතල ගැටලුවක් බවත්, මේ සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ තුනක් ක්‍රියාත්මක වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
1 සිට 6 ශ්‍රේණි දක්වා වූ පෙළපොත් 106ක් නැවත පරීක්ෂාවට ලක් කරන අතර එහිදී හමුවූ අක්ෂර දෝෂ ඇතුළු අනෙකුත් අඩුපාඩු නිවැරදි කර ලබන මැයි මාසයේදී නව පොත් කට්ටල ලබාදීමට කටයුතු කරන බවද ඇය අවධාරණය කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..