FB ඔස්සේ ජනපති විවේචන කලැයි රජයේ සේවකයෙකුගේ වැඩ තහනම් කරයි..
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) උතුරු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කළ කළමනාකරණ සහකාරවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
අදාළ නිලධාරියා විසින් Facebook සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ජනාධිපතිතුමාට සහ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකට අපහාස වන අන්දමේ සටහන් පළ කර ඇති බවට චෝදනා ඒල්ල කරමින් මෙම පියවර ගෙන ඇත..
ආයතන සංග්‍රහයේ XLVIII වැනි පරිච්ඡේදයේ 31.1 වගන්තිය ප්‍රකාරව මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී මූලික විමර්ශනයක් පවත්වනු ලැබේ.
නිලධාරියා සතු කාර්යාංශයට අයත් සියලුම ලේඛන, බඩුබාහිරාදිය සහ නිල හැඳුනුම්පත වහාම උතුරු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත භාර දිය යුතුය.
වැඩ තහනම් කර ඇති කාලසීමාව තුළ අදාළ නිලධාරියාට කිසිදු වැටුපක් හෝ දීමනාවක් ගෙවනු නොලැබෙන අතර වැඩ තහනම් කර ඇති කාලය තුළ සභාපතිවරයාගේ පූර්ව අනුමැතියකින් තොරව කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට හෝ කිසිදු ප්‍රාදේශීය කාර්යාලයකට ඇතුළු වීම තහනම් කර ඇත.
මීට අමතරව, අදාළ නිලධාරියා සිය ස්ථිර ලිපිනය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව පරිපාලන අංශය දැනුවත් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් වේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි