මේ හදන්නේ නිරාගමික රටක් හදන්නයි.. මේවට ඉඩ දෙන්න හොද නෑ. - අස්ගිරි මහ නාහිමි
රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය අප්‍රසාදය පළ කරති.
අස්ගිරි පාර්ශවයේ මහානායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ධම්මරතන මහානායක හිමිපාණන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා රට නිරාගමික රාජ්‍යයක් කරා ගෙන යාමේ අවදානමක් පවතින බවය.
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අස්ගිරි සහ මල්වතු මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ මේ බව පැවසූහ.
අස්ගිරි පාර්ශවයේ මහානාහිමි සඳහන් කළේ මෙවැනි බරපතළ සංශෝධන සිදු කිරීමේදී මහානායක හිමිවරුන් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.
'මේ හදන්නේ නිරාගමික රටක් හදන්යි. මේ රට කනවා. මේවට ඉඩ දෙන්න හොද නෑ. අපි දැක්කෙත් නෑ. අපි දන්නෙත් නෑ"යැයි උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ.
අනතුරුව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මල්වතු මහා විහාරයට වැඩම කර මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළහ.
එහිදී මල්වතු මහානායක හිමියන් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සියලුම නිකායන්හි මහනායක හිමිවරු දැනුවත් කළ යුතු බවය.
මෙය පිලිබදව මහනාමිවරු සිව් දෙනාගේම අත්සන් ලිපියක් නිකුත් කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය නියෝජනය කරමින් තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්