මාලිමා සභාවෙන් 2400ක කසල බද්දක්.. වෙලදසැල් වසා හර්තාල්..
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් (06) දින වෙළදසැල් වසා උද්ගෝෂනයක නරත විය.
2025 වසරේ සිට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් මසකට රු.200 බැගින් වාර්ෂිකව රු.2400ක කසල බද්දක් අය කිරිමට තිරණය කර ඇති බවත්, එම මුදල එක්වර වාර්ෂිකව ගෙවන වෙළදසැල්වල පමණක් වෙන් කර දෙන කැලිකසල ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කරන බවට තමන් වෙත දැනුම් දී ඇති බවයි උද්ගෝෂණයේ නිරතව සිටි බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියේ.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ආදායම් ලබන ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රාදේශීය සභාවක් බවත්, එවැන් ප්‍රාදේශීය සභාවක් මගින් කැලි කසල බද්දක් අය කිරිම අසාධාරණ බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් නගරයේ පොදු කටයුතු කිහිපයක් සිදු කර ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බවත්, තමන්ට දැනට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් ලබා දෙන පානීය ජලය පවා පිරිපහදු නොකර ලබා දෙන නිසා එම ජලය පානය කිරිමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වී ඇති බවද උද්ගෝෂණයේ නරත ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියහ.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට අංග සම්පුර්ණ කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයක් තිබෙන බවත්, එම ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ප්‍රදේශයේ එළවලු ගොවීන්ට සහන දායී මිලකට ලබා දී ආදායම් ලබා ගැනීමට අවස්ථාව තිබියදීත්, නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ටින්සින්, පුලියාවත්ත, බගවන්තලාව, කැම්පිය , ඇන්ෆීල්ඩ් , සංචිමලේ යන නගරවල ව්‍යාපාරික ප්‍රජාවගෙන් කසල බද්දක් අය කිරිමට ගත් තිරණය හකුලා ගන්නා ලෙසත්, තමන් කිසිසේත් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට කසල බද්දක් ගෙවන්නේ නැති බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.
පැයක පමණ කාලයක් වෙළදසැල් වසා උද්ගෝෂණය අවසන් කිරිමෙන් පසු යලිත් බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කරනු ලැබුවා.
අප මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවලට කසල බද්දක් අය කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාවරයා විසින් මීට ප්‍රථම නිකුත් කර තිබූ චක්‍රලේකනයේ සදහන් මුදලට වඩා අඩු මුදලක් කසල බද්ද වශයෙන් අය කිරිමට තීරනය කල බවයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යැමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට මෙම කසල බද්ද අනිවාර්යයෙන් අය කල යුතු බවයි සභාපතිවරයා කියා සිටියේ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරකරයා සහ මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්තුමිය දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
- lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි