දේශීය ණය රු. ට්‍රිලියන 20 ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වෙලා - ආචාර්ය කෙනත් ද සිල්වා
ශ්‍රී ලංකාවේ දේශීය ණය ඉකුත් 2025 වසරේ ජුනි මස වන විට රුපියල් ට්‍රිලියන 20 දක්වා ඉහළ ගොස් ඇතැයි, “ගෝලීය ව්‍යාපාර දාම” විශ්ලේෂකයෙකු වන ආචාර්ය කෙනත් ද සිල්වා, ලාංකීය ණය තත්ත්වය සම්බන්ධයෙන් කළ විශ්ලේෂණයක දක්වා ඇත.
2020 වසරේදී ලාංකීය දේශීය ණය, දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 09 ක් පමණ වී යැයි ඔහු සඳහන් කරන්නේ ය.
ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ ආර්ථික නැඹුරුවෙහි ණය ගෙවීමේ ශක්‍යතාව දියුණු කිරීමේ විසදුම් නොමැති බවත්, එමගින් දේශීය වත්කම් අහිමි කිරීමකට අප ලක්ව ඇති බවත් ආචාර්ය ද සිල්වා කියා ඇත. මේ ඛේදනීය ආර්ථික අව ගමන වසන් කෙරෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් “ස්ථාවරත්වය” පිළිබඳව ඉදිරිපත් කරන කතාවෙන් යැයිද ඔහු කියන්නේ ය.
ඔහු විසින් 2026 දක්වා වන ලාංකීය “ණය ගතිකය” සම්බන්ධයෙන් කෙරුණු ඇගයීමෙහි දක්වන අයුරු, ආයෝජන වෙනුවට ලබා ගත් ණය සඳහා වන පොලී එකතුවීමෙන් ගොඩ ගැසී ඇති ණය කන්දරාව, දේශීය ආර්ථිකයට එල්ල කරණුයේ මාරාන්තික ප්‍රහාරයකි.
ඔහු පවසන අයුරු, මෙවැනි දැවැන්ත දේශීය ණයක් එකතුවී ඇත්තේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අතිශය අසීරු ක්‍රියාවලියක්ද, ආක්‍රමණශීලි බදු ඉහළ දැමීම්ද දැඩි වියදම් කප්පාදුද ක්‍රියාත්මක කෙරෙන අතර ය. වර්ධනයක් නොමැති, එක තැන නතරව ඇති ආර්ථිකයක දේශීය ණය දෙගුණ වීම යනු “ප්‍රගතියක්” නොව, එය ශේෂ පත්‍රයෙහි “වියැකීමක්” නැතිනම් ආර්ථික “මිය යෑමක්” යැයි ආචාර්ය ද සිල්වා කියන්නේ ය.
මේ ණය ගැනීම් පලදායි වර්ධනයක් සඳහා යොදවා නොගෙන, ගනු ලබන ණය සඳහාවන පොලී ගෙවීමට යොදා ගෙන ඇතැයි ඔහු චෝදනා කර ඇත. ඉහළ ණය පොලී ගෙවීම සඳහාවන විශාල බලපෑම හමුවේ, ආණ්ඩුවට ණය පොලී ගෙවීමට දේශීය ඉතිරි කිරීම් යොදා ගැනීමට සිදුව ඇති අතර, පෞද්ගලික ණයට ගැනීම් සීමා කරමින් බැංකුවල ඉරණම මුළුමනින්ම වාගේ රාජ්‍ය මූල්‍ය අවදානමට හිලව් කර ඇතැයි, ඔහුගේ පැහැදිලි කිරීම වන්නේය.
විදේශ ණය තත්ත්වයද උග්‍රවී ඇතැයි ඔහු පෙන්වා දෙන්නකි. 2020 දී රුපියල් ට්‍රිලියන 15 ක් වූ විදේශ ණය, 2024 දෙසැම්බර වන විට රුපියල් ට්‍රිලියන 28 දක්වා වැඩි වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම් කාලයේදී ඩොලර් බිලියන 05.4 ක විදේශ ණය සමග, අලුතින් ගනු ලැබූ ණය හා ණය සඳහාවන පොලී එකතුවීම එයට හේතු ලෙස ඔහු සඳහන් කරන්නේය.
ලංකාවේ “ශුද්ධ ජාත්‍යන්තර ආයෝජන පිළිගැනුම” (NIIP – Net International Investment Position) අව ගමන් යෑම ආපසු හැරවීමට හැකි කිසිවක් ඒ මුදල් ණයට ගැනුමෙන් සිදු නොවුනි. ශේෂ පත්‍රය අවලංගු වීම, අවසන් වශයෙන් මේ NIIP සංඛ්‍යා දත්ත විසින් ඔප්පු කරන්නක් යැයි ආචාර්ය ද සිල්වා කියූවකි. 2020 වන විට NIIP අගය සෘණ අගයකට ආසන්න වූ ඩොලර් බිලියන 47.6 ක්ව තිබිණ. 2024 දී එය ඩොලර් බිලියන සෘණ 53.4 ක්ව තිබිණ. ඉන් පෙන් වූයේ විදේශ බැරකම් ඉහළ යාමත් විදේශ වත්කම් එකතුව ඉතාම අල්ප බවය.
එවගේම ඔහු අනවශ්‍ය විදේශ වැය කිරීම් සඳහාවූ ආණ්ඩුවේ මෑත තීන්දු දෝස දර්ශනයට ලක් කළේ ය. වාහන ආනයනය සඳහා වූ ඩොලර් බිලියන 02 ක් මුදා හැරීම එළෙස විශේෂයෙන් සඳහන් කෙරුණකි. විදේශ ඉපැයීම් ඇණහිට ඇති ආර්ථිකවල එවැනි විදේශ වැය කිරීම් හුදෙක් බැරකම්, වගකීම් තවත් සංකීර්ණ කරන්නේ යැයි කීවේය. නිෂ්පාදන හැකියාවට කිසිත් එකතු නොකෙරෙන බිඳෙන සුළු, යැපුම් ආර්ථිකයක් ලෙස ඉතිරි කෙරෙන්නේ යැයිද කීවේය.
එවැනි විචාර, විවේචන වෙනුවෙන් ඔහු තනි නොවුනි. යාපනය විශ්ව විද්‍යාලයයේ දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධ ආචාර්ය අහිලන් කදිරගාමර් ද එවැනි අදහස් දක්වා ඇත. එවගේම විද්වත් ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය හොවාඩ් නිකලස් කියා ඇත්තේ, වර්තමාන ප්‍රතිපත්තිමය රාමුව විසින් අමතනු ලබන්නේ, කෙටි කාලීන ණය ප්‍රශ්නය මිස, මූලික අවශ්‍යතාවය වන කාර්මීකරණය නොවන බවය. එබැවින් ණය ගෙවීමේ ස්ථාවරත්වයක් ලැබිය හැකි නිෂ්පාදන ක්‍රියාවලිය අතහැර ඇති බවය.
(2026 ජනවාරි 05 වන දින ඩේලි මිර පුවත් පතේ පළ වූ Global business cycle analyst slams IMF ‘stability’ narrative as domestic debt doubles to Rs. 20tn ලිපියෙහි සම්පිණ්ඩනයකි)
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
2026 ජනවාරි 06
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි