News Category
From Date
To Date
Maximum Number of Result

රජය එකඟ වූ එකඟතාවන් කඩකරලා - GOMA හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

Jan 6, 2026 at 08:37 AM
|

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුතු කළ මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වේ,

මාධ්‍ය නිවේදනය 

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග. 

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම යනු මෙරට ඕනෑම පාලකයකුගේ සහ රජයක අත්හළ නොහැකි වගකීමකි.

රට තුළ පැවති හෝ පවතින ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී වුවද, අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙරට සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීම කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්තිය සහ යාන්ත්‍රණය තුල ඉහළම ප්‍රමුඛතාවය ඉතිහාසය පුරා ලබා දී ඇත. 

එහෙත් පසුගිය නොවැම්බර් මාසයේදී ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය ‍ යෝජනාවලිය තුළ,  මෙරට සෞඛ්‍ය සේවයේ සැබෑ ගැටලු හඳුනා ගැනීමක් හෝ ඒවාට විසඳුම් ලබාදීමක් සිදු නොවුනු බව සියලු දෙනා ඒකමතිකව පිළිගත් කරුණකි.

ඒ අනුව නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දුන් යෝජනාවලිය පදනම් කරගනිමින්, සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමට සිදුවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කිරීම ඇතුලු ගැටලු වලට ඉල්ලා සිටි විසඳුම් ලබාදීම සඳහා එකඟ වූ කාල රාමුවක් ද සහිතව ලිඛිතව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කටයුතු කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂයේ තුන්වන වර කියවීමේ ස්වකීය පිළිතුරු කතාවේදී, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීමට, 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිමට, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීමට රජයේ ප්‍රතිපත්තිම එකඟතාවය ප්‍රකාශයට පත් කළ අතර, සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීමට එකඟ වු රජයේ ප්‍රතිපත්තිමය තීරණයද ප්‍රකාශයට පත් කරන ලදී.

එම ප්‍රතිපත්තින් ක්‍රියාවට නැංවීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ අවශ්‍ය සාකච්ඡා අද දින (2025. 01. 05) සිට ආරම්භ කිරීමටත්, මාස 03 ක කාලයක් තුල විසඳුම් ප්‍රකාශයට පත්කිරීමටත් ලිඛිතව එකඟතාවය ලබාදෙන ලදී.

එම එකඟතාවයන් ඉටු කිරීම උදෙසා ප්‍රමාණවත් කාලයක් ලබාදීමට රජය වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය ද එකඟ වූ නමුත්, එම එකඟතාවයක් පවා කඩ කරමින් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනී යයි.

වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අද දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සාකච්ඡා මාලාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද දැනුම්වත් කර තිබුනද, එම සාකච්ඡා පැවැත්වීම හෝ ආරම්භ කිරීම උදෙසා අවශ්‍ය මූලික පසුබිම් කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අදාල පාර්ශවයන් විසින් සිදුකිරීමට අසමත්ව ඇත.

සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ගැටලු විසඳීමේදී වඩා නම්‍යශීලී සහ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කටයුතු කලද, රජයේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇතුළු වගකිවයුත්තන්ගේ වෘත්තිමය නොවන සහ විශ්වාසය බිඳවැටෙන සුලු හැසිරීම සහ වැඩපිළිවෙල හේතුවෙන්, සෞඛ්‍ය පද්ධතියේ අනාගතය පිළිබඳ  අවදානමක් නැවත මතු වී ඇත.

ඒ තුල වත්මන් රජයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳවද සාධාරණ සැකයක් මතු වෙමින් පවති. 

රාජ්‍යකරණයේ මූලික හර පද්ධතින් පවා උල්ලංඝනය කරමින් රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය කඩ කරමින් දිගින් දිගටම කටයුතු කරන්නේ නම්, නැවත වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වුවද තීන්දු තීරණ ගැනීමට රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයට සිදුවනු ඇති අතර, පවතින ප්‍රවණතා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්, එළඹෙන බදාදා (07. 01. 2026) දින කැඳවීමට, අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේ තීරණය කරන ලදී.

රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බවද අවධාරණය කරමු.

ස්තූතියි.

මීට විශ්වාසී,

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,

ලේකම්. 


සම්බන්ධිත පුවත් | Related News

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු නිරාකරණය කරමින් පරිපාලනය වෙනස් කිරීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.
රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.