News Category
From Date
To Date
Maximum Number of Result

වීරයෝ හදන රටක්

Dec 31, 2025 at 12:13 PM
|

2025 දෙසැම්බර් මස 28 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 24 වැනි කොටස

නීති-රීති, යහපත් පාලනයක්, විධිමත් අධ්‍යාපනයක්, හොඳ ආර්ථික ක්‍රමයක් තිබුණු පමණින් ජාතියක් ශක්තිමත් වෙන්නේ නෑ. ඒ අරමුණ සාක්‍ෂාත් කරගන්න නම් මේ කටයුතු වෙනුවෙන් කැපවුණු මිනිස්සු ඉන්නත් ඕන. ඒ වැඩේ කරලා දෙන අය අතර ඉස්සරහින් ම වීරයෝ ඉන්නවා. වීරයෙක් කියලා කියන්නේ තමන්ගේ පුද්ගලිකත්වය සමාජය වෙනුවෙන් කැප කරන කෙනෙක්. සමහර මිනිස්සු සමාජය වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් පූජා කරනවා. තවත් සමහරු සමාජය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිත කාලය ම කැප කරනවා. මෙන්න මෙහෙම අයට අපි වීරයෝ කියලා කියනවා.

වීරයකුගේ චරිතය තුළින් මිනිස්සු අගය කරන කතන්දරයක් කියැවෙනවා. මෙහෙම කතන්දර තේරුම්ගන්න ලේසියි. පොඩි ළමයින්ට, අකුරු දන්නේ නැති අයට පවා මේ කතන්දර තේරෙනවා. පාඩම් පොතක තියෙන න්‍යාය, ප්‍රවාද, ලොකු තර්ක විතර්කවලට වඩා මේ කතා ඉතා හොඳින් ජනගත වෙනවා. මිනිස්සු මේ වීර චරිත ගැන කතන්දර තමන්ගේ ළමයින්ටත් කියලා දෙනවා. ඒ ආදර්ශ හිතට ඇරැගෙන ලොකු මහත්වෙන අය ඒවාට අනුව ජීවත්වෙන්න උත්සාහ කරනවා.

වීර කතා සන්නිවේදනය තනි තනි පුද්ගල මට්ටමිනුත් සමාජයක් විදිහට සංවිධානාත්මකවත් කරන්න පුළුවන්. තනි තනිව කරන සන්නිවේදනයට වඩා සංවිධානාත්මකව කරන සන්නිවේදනය බලවත්. එහෙම කාර්යයක් වෙනුවෙන් විශාල ශ්‍රමයක්, විවිධ හැකියාවන් සහ ප්‍රමාණවත් ධනයක් වැය කිරීමේ හැකියාව සංවිධානගත ක්‍රමයට තියෙනවා. ඉතින් සංවිධානාත්මක ක්‍රමයේ දී පිළි රූ හැදෙනවා, ස්මාරක හැදෙනවා, උත්සව පැවැත්වෙනවා, තව තවත් වැඩ ගොඩක් සිද්දවෙනවා.

චීනයේ බිහිවෙන වීරයන් අගයන්න, ඒ සඳහා උපකාර වෙන විවිධ මැදිහත්වීම් කරන්න ඒ රටේ ආණ්ඩුවත් මුල්වෙලා ඉන්නවා. වීරයන්ගේ නාමලේඛන ජාතික මට්ටමින් ප්‍රකාශයට පත් කරනවා. 2009 දෙසැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කරපු 1949 මහජන ජනරජය පිහිටු වූ දිනයේ ඉඳලා මේ දක්වා චීන සමාජය සලිත කරවීමට සමත් වූ වීරයන් සිය දෙනාගේ නාම ලේඛනයත් එහෙම එකක්. චීන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සමාජයට වීරයන් ගැන කියැවෙන ස්මාරක, කෞතුකාගාර හැදෙනවා. නවකතා, ළමා කතා, චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, චිත්‍ර නර්මාණ, ගීත, නැටුම් නිර්මාණය කරනවා. විවිධ ක්‍ෂේත්‍රවල කටයුතු සඳහා කැපැවුණු වීරයන්ගේ කතා ඉතාමත් ප්‍රබල විදිහට සමාජගත කරනවා.

මෑත කාලයේ දී, චීනයේ ඇගැයීමට ලක්වෙලා තියෙන වීර චරිත කීපයක් හරහා මේ වීරයෝ හැදිල්ල ගැන කියන්නම්.

ලැයි නිං ඉපැදුණේ 1973 ඔක්තෝබර් 20 වැනි දා. 1988 වෙද්දිත් ඔහු පාසල් ශිෂ්‍යයෙක්. 1988 මාර්තු 13 වැනි දා ඔහු ඉගෙනගත් පාසල කිට්ටුව කැලෑවක ලැව් ගින්නක් ඇවිලෙන්න පටන්ගත්තා. ඒ ගින්න හින්දා ආශ්‍රිත ගම්මානත් ඒ කිට්ටුව තිබුණු චන්ද්‍රිකා රූපවාහිනී මධ්‍යස්ථානයේ පැවැත්මත් තර්ජනයට ලක්වුණා. ගිනි නිවන කණ්ඩායම්, ගම් වැසියන් එක්ක පාසල් ශිෂ්‍යයොත් ලැව්ගින්න නිවන්න දායකවුණා. ඉතාමත් දැඩි අධිෂ්ඨානයකින් ගින්න නිවන්න දායකවෙච්ච ලැයි නිං තමන්ට පැවැරුණු සීමාව ඉක්මවලා ඉස්සරහට ම ගිහිල්ලා ගින්න නිවන්න පටන්ගත්තා. එහෙම ඉස්සරහට ගිය ඔහු මහ ගිනි ජාලාවකට කොටුවුණා. ඒ ගින්නෙන් ඔහු මියගියා.

මේ වීර කතාව පැතිරෙන්න පටන්ගත්තා. ස-ඡුවන් පළාතේ ආණ්ඩුව දිවි පිදූ වීරයෙක් කියලා ලැයි නිංව නම් කළා. චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ තරුණ සංගමයේ මධ්‍යම කමිටුව විසිනුත් ජාතික අධ්‍යාපන කොමිසම විසිනුත් “ළමා වීරයා” කියලා ඔහුව නම් කළා. ලැයි නිංගේ කතාව පාසල් පාඩම් පොත්වලටත් ඇතුළත් කෙරුණා. මූලික නිල ඇගැයීම්වලට අමතරව ලැයි නිංගේ රූපය සහිත පෝස්ටර් පාසල් පංති කාමරවල ඇලෙව්වා. ඔහුව සමරන උත්සව සංවිධානය කෙරුණා. ඔහුගේ ස්මාරක ඉදි කෙරුණා. ඔහුගේ නම “ළමා පෙරගමන්කරුවෝ 10 දෙනා” අතරටත් එකතු කළා. චීනය කම්පනයට පත් කරපු 100 දෙනාගේ ලේඛනයට ඔහුගේ නමත් ඇතුළත් කෙරුණා. 2019 වසරේ දී පත් කරපු “සොඳුරුතම අරගලකරුවෝ” ලේඛනයටත් ලැයි නිංගේ නම ඇතුළත් කෙරුණා. මේ ලේඛනයේ 278 දෙනෙක් ඉන්නවා.

යුවන් ලුං-පිං කියන්නේ ලෝක ප්‍රසිද්ධ කෘෂි විශේෂඥයෙක්. එතුමා හඳුන්වලා දීපු දෙමුහුන් වී නිසා ලෝකයේ ආහාර ප්‍රශ්නය විසඳන්න ඔහුගෙන් ලැබුණු දායකත්වය ජාත්‍යන්තර වශයෙන් පවා අගය කෙරිලා තියෙනවා. නිතර සාගතවලින් පෙලිච්ච රටක් හින්දා චීන ජනතාව යුවන් ලුං-පිං සළකන්නේ දෙවියෙක් විදිහට. චීන සමාජය කම්පාවට පත් කරපු 100 දෙනාගේ ලේඛනයට ඔහුගේ නමත් ඇතුළත්. 1930 ඉපැදුණු යුවන් ලුං-පිං 2021 දී මියගියා. ඔහුගේ දේහය ගෙනියද්දි පාර දෙපැත්තට එකතුවෙච්ච මිනිස්සු හඬා වැටුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එතුමාගේ ගුණ ගයමින් පාර දෙපැත්තෙන් දිව්වා.

රන් ඡං-ශියා ඉපැදුණේ 1964 පෙබරවාරි මාසයේ. 1980 දී ඇය හ-නන් පළාතේ පොලිස් විද්‍යාලයට බැඳුණා. 1983 දී, ඇය පොලිස් ක්‍රියාකාරි සේවයට එකතුවුණා. පැවැරුණු හැම රාජකාරියක් ම හොඳින් ඉටු කරපු ඇය 2001 වසරේ දී තං-ෆං නගරයේ පොලිස් ස්ථානයේ ප්‍රධාන තනතුරට පත්වුණා. (ලෝක ප්‍රසිද්ධ ෂඕ-ලින් පන්සල පිහිටලා තියෙන්නෙත් මේ පොලිස් බල ප්‍රදේශයේ). ඒ තමයි හ-නන් පළාතේ පොලිස් ස්ථානයක ප්‍රධාන තනතුරට කාන්තාවක් පත්වෙච්ච මුල් ම අවස්ථාව.

තං-ෆං නගර පොලිස් ස්ථානයේ රාජකාරි කරපු අවුරුදු තුනක කාලය තුළ පැමිණිලි 3,467 ක් විමර්ශනය කරලා වැරැදිකරුවන්ට දඬුවම් ලබාදෙන්න ඇය මුල්වුණා. කලින් නොවිසැඳී තිබුණු අපරාධ සිදුවීම් පවා ඒ අතර තියෙනවා. ජනතාවගේ පැමිණිලිවලට තමන් ම සවන්දෙන දවසක් බවට හැම සෙනසුරාදාවක් ම පත් කළා. අපරාධ තොරතුරු හොයන්නත් මහජනතාව තුළ පොලීසිය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්නත් ඇය වෙස්වළාගෙන මිනිස්සු අතරට ගියා.

රන් ඡං-ෂියා හැම දා ම උදේ පාන්දර ඉඳලා මධ්‍යම රාත්‍රිය පහුවෙන කල් එක දිගට ම සේවය කළා. තමන්ගේ මුළු කාලය ම සේවයට කැප කරපු හින්දා ගෙදර ගිහිල්ලා ස්වාමියා සහ පුතා සමඟ ගත කරන්න ඇයට ඉඩක් ලැබුණේ කලාතුරකින්. දෙමව්පියන් අහිමිවුණු ගැහැණු දරුවකුගේ භාරකාරත්වය පවරාගත්ත ඇය ඒ ළමයා ඉගෙනගන්න පාසල පොලීසියේ මැදිහත්වීමෙන් වැඩිදියුණු කළා.

මෙහෙම වැඩ කරලා පොලීසියට ජනතාවගේ සහයෝගය ලබාගැනීමට රන් ඡං-ශියාට පුළුවන් වුණා. අපරාධ විසැඳීම පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් ලබාගැනීමටත් ඇය ක්‍රියා කළා. මේ සියලු කටයුතු හින්දා තං-ෆං පොලිස් බල ප්‍රදේශයේ ජනතාව ඇයව තමන්ගේ පවුලේ කෙනෙක් විදිහට පිළිගත්තා. 2004 වසරේ දී ඇය හදිසි අනතුරකින් මියයෑම නිසා මුළු ප්‍රදේශය ම කම්පාවට පත්වුණා. ඇයගේ අවමංගල්‍යයට ලක්‍ෂ තුනකට වැඩි ජනතාවක් සහභාගී වුණා.

මියගිහිල්ලා සති දෙකක් ගතවෙන්නත් කලින් “මහජන ආරක්‍ෂාව සැලැසීම පිළිබඳ පළමු පංතියේ වීරවරිය” කියන ඇගැයීම රන් ඡං-ශියාට පිරිනැමුණා. 2005 පෙබරවාරි මාසයේ දී, 2004 වසරේ දී චීන සමාජය කම්පනයට පත් කළ 11 දෙනාගේ ලේඛනයටත් ඇයගේ නම ඇතුළත් කෙරුණා. 2009 සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කරපු, චීන සමාජය කම්පනයට පත් කළ 100 දෙනා අතරට ඇයගේ නමත් එක් කෙරුණා. ඒ මාසයේ දී ම ප්‍රකාශයට පත් කරපු “නව චීනයේ ආදර්ශවත් නායක චරිත” ලේඛනයටත් ඇයගේ නම ඇතුළත් කෙරුණා. ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රවෘත්තිමය වටිනාකම් එකතු කළ අයගේ ලේඛනයට ඇයගේ නම ඇතුළත් කෙරුණේ 2018 දෙසැම්බර් මාසයේ දී. 2019 වසරේ දී, “සොඳුරුතම අරගලකරුවෝ” ලේඛනයටත් ඇයගේ නම ඇතුළත් කෙරුණා.

චීන ජනාධිපති හූ චින්-ථාඕ සහ අගමැති වන් චියා-පාඕ නිවේදන නිකුත් කරමින් රන් ඡං-ශියාගෙන් ජාතිය ඉගෙනගත යුතු බව කිව්වා. ඇයගේ සේවය ජනතාව අතරට සන්නිවේදනය කිරීම වෙනුවෙන් ඇය මිය ගිහිල්ලා මාසයක් ඇතුළත ගුණ සමරු ගීතයක් නිර්මාණය කෙරුණා. 2004 මැයි මාසයේ දී ම ඔපෙරාවක් නිර්මාණය කළා. 2004 ජුනි මාසයේ දී වේදිකා නාට්‍යයක් හැදුවා. 2004 ජුලි මාසයේ දී සංගීතමය නාට්‍යයක් හැදුවා. තවත් නාට්‍ය සහ ඔපෙරා මහ ගොඩක් නිර්මාණය කෙරුණා. 2005 වසරේ දී චිත්‍රපටයක් සහ කොටස් 21 කින් සමන්විත ටෙලි නාට්‍යයක් නිර්මාණය කෙරුණා.

වූ මං-ඡාඕ කියන්නේ අක්මා සැත්කම් පිළිබඳ ලෝ පතල වෛද්‍යවරයෙක්. 1922 ඉපැදුණු ඔහු මියගියේ 2021 මැයි මාසයේ දී. වයස අවුරුදු 97 දී තමයි එතුමා විශ්‍රාම ගත්තේ. එතුමා චීනයේ ඉහළ ම විද්‍යා සම්මානයෙනුත් පිදුම් ලැබූවා. චීන තාරකා විද්‍යාඥයන් විසින් 1995 වසරේ හඳුනාගත් කුඩා ග්‍රහලෝකයක් 17606  Wumengchao කියලා නම් කරලා තියෙනවා. “2011 අවුරුද්දේ චීන සමාජය කම්පනයට පත් කළ මිනිසුන්” ලෙසින් නම් කරපු 10 දෙනා අතර වූ මං-ඡාඕ මහාචාර්යතුමාත් ඉන්නවා. වයස අවුරුදු 96 දී පවා ඔහු සතියකට සැත්කම් තුනක් කරලා තියෙනවා.

1988 දී කුයි-චෝ පළාතේ ඉතාමත් දුෂ්කර ගම්මානයක ඉපැදුණු ලියු ශියු-ශියංට අයියලා අක්කලා හතර දෙනෙක් ඉන්නවා. ලියු ශියු-ශියංට වයස අවුරුදු 10 ක් වෙද්දි ඔහුගේ පියා මියගියා. ඒ පීඩනය මැද්දේ ඔහුගේ මවට පිස්සු හැදුණා. ඔහුගේ අයියලා, අක්කලා පවුල අත්හැරලා ගියා. ඉතින් ගෙදර හැම වැඩක්මත් අම්මා රැක බලාගැනීමත් ලියු ශියු-ශියං පවරාගත්තා. ඉස්කෝලෙට යද්දි ඔහු අම්මාවත් එක් කරගෙන ගියා.

මේ අභියෝග මැද්දේ ලියු ශියු-ශියං ඉගෙනගැනීමටත් කැපැවුණා. විවිධ රැකියාත් කළා. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය පළමු වතාවෙන් අසමත් වුනත් තවත් කැපැවෙලා දෙවැනි වතාවේ දී ඔහු ඒ අරමුණ සාක්‍ෂාත් කරගත්තා. අම්මා කරේ තියාගෙන ගිහිල්ලා විශ්වවිද්‍යාල කිට්ටුව පාරක් අයිනේ කුඩා මඩුවක් හදාගත්ත ලියු ශියු-ශියං ඒකේ නැවතුණා. විශ්වවිද්‍යාලයෙන් ලැබුණු මූලික ආධාරය ඇරෙන්න ඔහු වෙනත් කිසිම බාහිර උදව්වක් ගත්තේ නෑ. උපාධිය ලබාගත්තට පස්සේ ඔහුට විශ්වවිද්‍යාලයේත් පුද්ගලික ආයතනවලත් රැකියා ලැබුණා. ඒත් ඔහු ඒවා එපා කියලා අම්මාව කරේ තියාගෙන ආපහු ගමට ආවා.

ආපහු ගමට ආපු ලියු ශියු-ශියං ගමේ ඉස්කෝලේ හැදුවා. ඒකට ළමයි සම්බන්ධ කරගන්න ඔහු ගෙයක් ගෙයක් ගානේ ගියා. ක්‍රම ක්‍රමයෙන් ඔහු ඒ වැඩේ සාර්ථක කරගත්තා. ළමයි ඉහළින් විභාග සමත්වෙන්න පටන්ගත්තා. තමන්ගේ කෝරළයේ තුන්වැනියට වැඩිම ප්‍රමාණයක් සරසවි ප්‍රවේශ විභාගය සමත්වෙන පාසල නිර්මාණය කරගන්න ඔහුට පුළුවන් වුණා.

2020 වසරේ දී, ලියු ශියු-ශියංට “සොඳුරුතම ගුරුවරයා” සම්මානය හිමිවුණා. 2021 වසරේ දී, දෙමව්පියන්ට සැළැකීම පිළිබඳ ආදර්ශ චරිතය වශයෙනුත් ඔහුව නම් කෙරුණා. ඔහු පිළිබඳ විශාල මාධ්‍ය ආවරණයක් ලැබිලා තියෙනවා. ඒ සියලු ඇගැයීම්වලට වඩා තමන්ගේ ගම් ප්‍රදේශයේ ළමයි අතර තමන්ට ලැබිලා තිබෙන පිළිගැනීම ගැන ලියු ශියු-ශියං සතුටුවෙනවා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

=== === === === ===

පින්තූරය:- පොලිසියේ වීරවරිය: රන් ඡං-ශියා

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.