ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් - ඇමති නලින්ද කියයි
විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
දැනට මාස කිහිපයක සිට විගණකාධිපති ධුරය හිස්ව පැවතීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
"කාටවත් මේක අභියෝගයට ලක් කරන්න බැහැ. ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සුදුසුකම් ලැබිය හැකි අය තමයි ජනාධිපතිවරයා මේ නම් කරලා යවලා තියෙන්නේ. මේ සියලුදෙනාම චාටඩ් එකවුන්ටන්ලා. ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී ඉදිරිපත් කළා.. ස්ථීර විගණකාධිපතිවරයෙක් සඳහා නාමයෝජනා දෙකක්."
"මේ සියලුදෙනාම සුදුසුකම් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉල්ලා සිටින නිර්ණායකවලට සුදුසු පුද්ගලයින්. ඒ වගේම තවත් නම් 2ක් ඉදිරිපත් කළා.. විගණන දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න ජ්‍යේෂ්ඨතම විගණන නිලධාරීන්."
"මෙලෙස නම් ඉදිරිපත කරලා තිබියදීත් ව්‍යවස්ථාදායක සභාව ඒ අනුව කටයුතු නොකරනවා නම් ඉන් පෙන්නුම් කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය හෝ රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න හිතාමතාම ඔවුන් කටයුතු කරනවා කියන එක."
"ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් නැහැ..එවන නම් ව්‍යවස්ථාවේ ආකාරයට සුදුසු නම්, ඒ ඕනම කෙනෙක් විගණකාධිපති ධුරයට ගැලපෙනවා නම්, ඊට වඩා සුදුසු කෙනෙක් එළියේ ඉන්නවා යැයි පවසා ඒ නම් ප්‍රතික්ෂේප කරන්න."
"ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලයක් තිබෙනවා. ඒ අනුව තමයි ජනාධිපතිවරයා මෙතෙක් වැඩ කළේ. ඒ අනුව ඉදිරියටත් වැඩකටයුතු කරයි. ව්‍යවස්ථාදායක සභාවට අපි කියන්නේ ඔබට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කරන්න. රට ඉදිරියට ගෙනයෑම ගැන සිතා කටයුතු කරන්න. ඔබගේ පටු සීමාවන් ඇතුළේ කටයුතු කිරීම සුදුසු නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්