ඖෂධ හිඟයෙන් රට පුරා ප්‍රධාන රෝහල් රැසකට අසාධ්‍යයි.. නිර්වින්දන, ප්‍රතිජීවක, කුඩා දරුවන්ට දෙන වලිප්පුව පාලන ඖෂධත් හිඟයි- වෛද්‍ය චමල් සංජීව
දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක ඖෂධ හිඟය ඉස්මතු වන බවත් ඒ අතර නිර්වින්දන, ප්‍රතිජීවක, අක්ෂි ශල්‍යකර්මවලින් පසු ලබාදෙන ඖෂධ සහ කුඩා දරුවන්ට ලබාදෙන වලිප්පුව පාලන, ශ්වසන රෝග පාලන ඖෂධ ඇතුළු ඖෂධ රැසක් පවතින බවත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
බැක්ටීරියා විස සහිත බවට සැක සහිත වූ Ondesterone Injection ඖෂධය පසුගිය වසර සහ මෙම වසර තුළදී නිෂ්පාදනය කොට, මෙම වසර තුළදී රටට ගෙන්වා ගැනීමට කටයුතු කොට ඇත්තේ වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථාව වන බැවින්, මෙම ප්‍රසම්පාදන යාන්ත්‍රණය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදීමෙන් පසු අදහස් දක්වමින් පෙරේදා (27දා) පැවසීය.
එසේම ලංකාවට ඖෂධ ආනයනය කරන හෝ ලංකාව තුළ නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් මගින් ගෙන්වන ලද ඖෂධ දිගින් දිගටම ගුණාත්මකභාවය අඩුවන අවස්ථා පහකට වැඩි ගණන් පවා වාර්තා වෙද්දී එම ඖෂධ සමාගම් හා දේශීය නියෝජිතයන් සඳහා දිගින් දිගටම අවසරය ලබාදීමට වර්තමාන ඖෂධ නියාමන අධිකාරි පාලනය කටයුතු කොට ඇති බව ඉතා පැහැදිලි වන හෙයින් ද, එවන් ඖෂධ නැවත මිනිස් පරිභෝජනයට භාවිත කළ පසු දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා නිසා රෝගීන් මියගිය බවට සනාථ වන තොරතුරු පවතින බැවින්ද ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන පාලන මණ්ඩලය සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වන ලෙස එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා ඇතැයි ද ඔහු කීය.
පසුගියදා භාවිතයෙන් ඉවත් කළ තවත් ඖෂධ නවයකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වා මාස ගණනක් රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඒකකය මගින් භාර නොගෙන නිසි ප්‍රමිතියෙන් තොරව ගබඩා කිරීම නිසා රටට බලවත් ආර්ථික හානියක් සිදුවූ බවට සැකයක් පවතින බැවින් අදාළ සිදුවීමට වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වන ලෙස එමගින් ඉල්ලීමක් කොට ඇතැයි ද ඔහු පැවසීය.
බාල ඖෂධ සම්බන්ධ සිදුවීම ඉස්මතු වන විට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටු වාර්තාව අදටත් අභිරහසක් බවද ඔහු සඳහන් කළේය. දැන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ද අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේම ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම ප්‍රශ්න සහගත බව සඳහන් කළ හෙතෙම රෝහල්වල සිදුවන සැක සහිත මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විනිවිදභාවයකින් කටයුතු නොකරන බවද අවධාරණය කළේය.
බැක්ටීරියා විස සහිත එන්නත් අනාවරණය කොට දැනට සති දෙකකට ආසන්න කාලයක් ගතවන බැවින් අදාළ ඖෂධයේ සාම්පල ජාත්‍යන්තර ප්‍රමිතිගත රසායනාගාරයකට යැවීමට මේ දක්වා කටයුතු කර තිබේ දැයි සෞඛ්‍ය ඇමැතිවරයා රටට හෙළි කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තවද වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සහ ඖෂධ නියාමන අධිකාරියේ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් විගණන වාර්තා සම්බන්ධයෙන් ද, කොළඹ ජාතික රෝහලේ ප්‍රශ්න සහගත විගණන විමසුම් සම්බන්ධයෙන්ද, ඖෂධ නියාමනාධිකාරි තත්ත්ව පාලන රසායනාගාරයක් කඩිනමින් පිහිටුවීමේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා අමාත්‍යාංශය දරන පසුගාමීත්වය සම්බන්ධයෙන් ද එමෙන්ම වෛද්‍ය සැපයුම් ඒකකය දත්ත පද්ධතිය දැනට රෝහල්වල භාවිතා කරන ඖෂධවලට ගැළපෙන පරිදි යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් ද රටට වහා කරුණු අනාවරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
දිවයින පුරා ප්‍රධාන පෙළේ රෝහල් රැසක ඖෂධ හිඟය ඉස්මතු වන බවත් මේ අතර නිර්වින්දන ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ අක්ෂි ශල්‍ය කර්මවලින් පසුව ලබා දෙන ඖෂධ ශල්‍ය උපකරණ සහ කුඩා දරුවන්ට ලබාදෙන වලිප්පු පාලන ඖෂධ, ශ්වසන රෝග පාලන ඖෂධ ඇතුළු ඖෂධ රැසක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..