පාසල් අරඹන්න තව සතියයි: ‘කාලසටහන් ගැන තවම උපදෙස් දීලා නෑ’- විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය
නව පාසල් වාරය ආරම්භ කිරීමට තවත් සතියක්පමණක් තිබෙන නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය කාලසටහන් සැකසීමට හා ඒවා අනුමත කර ගැනීමට අවශ්‍ය උපදෙස් කොට්ඨාස සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙතෙක් ලබා දී නැතැයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.
විදුහල්පතිවරුන්ට කාලසටහන් සකස් කර අනුමත කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය සහාය නොදීමෙන් විදුහල්පතිවරු විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව ද එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව කීවේය.
ලබන 06 වන දා පාසල් ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බැවින් විදුහල්පතිවරු වෙනත් වර්ෂවලදී මෙන් පාසලේ කාලසටහන් සකස් කර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලවා අනුමත කර ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.
අධ්‍යාපනය අමාත්‍යාංශය අලුතෙන් පාසල් කාලසටහන සකස් කිරීමට පසුගිය මාසය ඇතුළතදී හතර වතාවක් චක්‍රලේඛ සංශෝධනය කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
2,3,4,5,6,7,8,9,10,11,12 හා 13 ශ්‍රේණිවලට අදාළව මෙම සංශෝධන සිදු කර ඇතැයි නිමල් මුදුන්කොටුව පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව කාලඡේදයක් මිනිත්තු 50 දක්වා වැඩි කිරීමටත් පෙරවරු 7:30 සිට පස්වරු 2:00 දක්වා පාසල් කාලය දීර්ඝ කිරිමටත් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට තම සංගමය විරෝධය පළ කරන බව ද ප්‍රධාන ලේකම්වරය කිවේය.
මිනිත්තු 40 කාලඡේදයට සකස් කළ විෂය නිර්දේශයක් මිනිත්තු 50 කාලඡේදයක ක්‍රියාත්මක කරන ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් විදුහල්පතිවරුන්ට දැනුම් දී නැතැයි ද හෙතෙම සඳහන් කළේ ය.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි