මැලේසියානු හිටපු අගමැති නජීබ්ට තවත් වසර 15ක සිර දඬුවමක්..
මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් ඊයේ (26 ) තීන්දු කර තිබේ.
මැලේසියාව තුළ මෙතෙක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාවට චෝදනා එල්ල සිටින නජීබ් රසාක්, 2022 වසරේ සිට මේ වනවිට සිර දඬුවම් විදිමින් සිටී.
එම සිර දඬුවම 2028 දී අවසන්වීමට නියමිත පසුබිමට මෙම නව දඬුවම පනවා තිබීම සුවිශේෂය.
කෙසේ නමුත් නජිබ්ගේ නීතිඥවරයා පවසා ඇත්තේ තීන්දුවට එරෙහිව එළැඹෙන සඳුදා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවය.
මේ වනවිට 72 හැවිරිදි වියේ පසුවන නජිබ්ගේ ගිණුම්වලට ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ලැබී තිබීම ඔහුට එරෙහිව ඇති ප්‍රධානම චෝදනාව වේ.
ඔහු එරට රාජ්‍ය අරමුදලක් වන '1Malaysia Development Berhad' වෙතින් අවම වශයෙන් ඩොලර් බිලියන 4.5ක් සොරකම් කර ඇති බව සඳහන්.
ඒ අනුව පැය 5ක් පුරා ඊයේ පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විසිසුරුවරයා මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා 21කට නජීබ්ට වැරදිකරු කර ඇත.
සිර දඬුවමට අමතරව රිංගිට් බිලියන 11.39ක (ඩොලර් බිලියන 2.82) දඩ මුදලක් ගෙවීමටද නියෝග කර ඇති අතර, ඔහුගෙන් රිංගිට් බිලියන 2.08ක වත්කම් අයකර ගත යුතු බවටත් දන්වා තිබේ.
එම කටයුතු දෙකම ඉටුකිරීමට අපොහොසත් වුවහොත් අමතර සිර දඬුවම් පනවන බවටත් අදාළ අධිකරණ නියෝගයේ සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි