හිරු පොලිසියෙන් ගේම ඉල්ලයි..
ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම වාර්තා කිරීමට අදාලව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය, හිරු ප්‍රවෘත්ති අංශය ලිඛිතව සිය විරෝධය පළ කර ඇත.
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට මෙමගින් බරපතළ බාධා එල්ල වන බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
හිරු ටීවී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව යොමු කළ මෙම පිළිතුරු ලිපියේ අදාළ අපරාධයට අදාළව පොලිසිය විසින්ම පටිගත කරන ලද ඉතා වැදගත් සාක්ෂියක්, මාධ්‍ය මගින් අනාවරණය කරන තෙක්ම රටට හෙළි නොකිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටියි.
එවැනි ප්‍රබල සාක්ෂියක් අධිකරණයට හෝ මහජනතාවට ඉදිරිපත් නොකර වසන් කිරීමට පොලිසිය ගත් තීරණය පිටුපස ඇති පදනම අපැහැදිලි බව එම ලිපියේ සඳහන් වේ.
සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතාට එල්ල වූ ප්‍රහාරය සහ ගංජා වැටලීම අතර ඍජු සබඳතාවක් පවතින බවට වින්දිත නිලධාරියා කළ ප්‍රකාශ මගින් තහවුරු වන බව හිරු ටීවී පවසයි. පොලිස් විමර්ශනවලදී එවැනි සම්බන්ධයක් හෙළි වී නැතැයි යන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථාවරය හිරු නාලිකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
මෙම සිදුවීම් දෙක අතර පවතින සබඳතාව ඔප්පු කිරීමට අවශ්‍ය තරම් මූලාශ්‍ර සහ සාක්ෂි තමන් සතුව පවතින බව අවධාරණය කරන හිරු ටීවී ආයතනය, තමන් මෙම තොරතුරු රටට අනාවරණය කළේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් බව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි