News Category
From Date
To Date
Maximum Number of Result

අනූවසරක අතීතයේ සිට ලංකාව ගත් ණය

Dec 9, 2023 at 07:06 AM
|

දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම නිසා මේ වන විට රට ඉසිලිය නොහැකි ණය කන්දකට යට වී තිබේ. බලයට පැමිණෙන සෑම රජයක්ම රට ණයවීම පිළිබඳව පෙර පැවැති රජයට චෝදනා එල්ල කිරීම සිරිත වී ඇත. එහෙත් බලයට පැමිණීමෙන් පසු විවිධ කටයුතු සඳහා විදේශ ණය ලබා ගැනීම නිසා ලබාගත් ණය මුදල්වලට පොලී ගෙවාගත නොහැකි තත්ත්වයක් ද දැන් උද‌ා වී තිබේ.   

ශ්‍රී ලංකාව මේ වන විට දැරිය නොහැකි ණය කන්දකට යට වී තිබේ. වසර ගණනාවක් තිස්සේ වරින්වර ලබාගෙන ඇති විදේශ මුදල්වලට පොලිය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ද දැන් උද‌ා වී ඇත. විවිධ රටවල් සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (INTERNATIONAL MONETARY FUND) මගින් ණය ලබා ගැනීම සාමාන්‍ය සිරිත වී ඇත. 

විශේෂයෙන් ණය ලබා ගැනීමේ ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව මහත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. රට සංවර්ධනය කිරීමට ණය මුදල් ලබා ගැනීමේ ඉතිහාසය වසර අනූවකටත් වැඩි බැව් ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති ආකාරය විමර්ශනය කිරීමේ දී දක්නට ලැබේ.   

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ණය මුදලක් ඉල්ලුම් කරන ලද්දේ 1863 වසරේදීය. ලංකාව සංවර්ධනය කිරීම සඳහා තේ සහ කෝපි වගා කිරීමටත් ඒවා ප්‍රවාහනය සඳහාත් දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහාත් එම ණය මුදල ලබා ගැනීමට තීරණය විය. ඒ අනුව ඉල්ලුම් කළ මුදල පවුම් මිලියනයක් බැව් කියති.   

එද‌ා එම ණය මුදල ලබාදීම සඳහා බ්‍රිතාන්‍යය අනුගමනය කළ ක්‍රියා මාර්ගය පැහැදිලිව දක්වා තිබිණි. කිසියම් ව්‍යාපෘතියක් සඳහා ගනු ලබන ණය මුදල් එම ව්‍යාපෘතිය මගින්ම ආපසු ගෙවිය යුතු බවය. ඒ සමගම එය වසර පහකින් ගෙවා නිම කළ යුතු බව ද දන්වා තිබිණ. ඒ අයුරින්ම එම ණය මුදල හරියටම වසර පහකින් ගෙවා නිම කිරීමට ද ලංකාණ්ඩුව ක්‍රියා කළේය. එය කළ හැකි වූයේ ණය මුදල ඉල්ලුම් කිරීමත් සමගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමය. දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පළමු පස් පිඩැල්ල කැපීම සිදුවූයේ 1858 අගෝස්තු 3 වනද‌ා බැව් ද සඳහන් වී ඇත.   

ඒ වන විට උඩරට තේ සහ කෝපි වගාවන් ආරම්භ කිරීමට කටයුතු යොද‌ා තිබිණි. 1837 සහ 1841 වසරවල දී ඒ සඳහා ඉඩම් ලබා දීම ද සිදුකර තිබිණි. ශ්‍රී ලංකාවේ එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා විදේශීය සමාගමක් පවුම් විසිලක්ෂයක් පමණ ඉල්ලා තිබිණ. එහෙත් එය ආණ්ඩුවේ පාලනය යටතේ සිදු කිරීමට පවුම් දහතුන් ලක්ෂයකින් පමණ ඉදිකර ගැනීමට හැකි වූ බව ද කියති.   

මේ අයුරින් මහනුවර සහ කොළඹ අතර දුම්රිය මාර්ගය ඉදිකර ගැනීමෙන් පසු ආර්ථිකයට නව නැම්මක් ඇතිකර ගැනීමට පාලක පක්ෂයට හැකියාව ලැබිණි. පසුව මහනුවර සිට ගම්පොළ දක්වාත් දුම්රිය මාර්ගය දිගුකර ගැනීමට කටයුතු යෙදීය. ඒ වන විට විදේශිකයන් විසින් වගාකර තිබූ තේ සහ කෝපි අක්කර ලක්ෂයකට ආසන්න විය. එහෙත් 1877 සිට 1883 දක්වා කාල පරිච්ඡේදය තරමක දුෂ්කර කාලයක් උදාවිය. එනම් කෝපි වගාවට දරුණු රෝගයක් වැලඳීමය. මේ නිසා කෝපි වගාව අඩපණ වී යන විට විදේශිකයෝ කොකෝවා වගාව ද ආරම්භ කර එමගින් සංවර්ධනයක් ඇති කර ගැනීමට කටයුතු කළේය.   

කෙසේ හෝ සේවා නිදහස ලබන විට විදේශවලින් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් දශලක්ෂ 125 ක් වූ අතර එය ඒ වන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 17කට සීමා වී තිබිණි.   

 ශ්‍රී ලංකාවට ණය ආධාර ලැබීම සීඝ්‍රයෙන් ඉහළ ගියේ 1958 වසරෙන් පසුවය. චීනය, ඇමරිකාව, සෝවියට් දේශය සහ කැනඩාව වැනි රටවලින් ද වැඩි වශයෙන් ණය ආධාර ලැබිණි. 1950 සිට 1977 අතර කාලය තුළ දී විදේශ ණය ආධාර වර්ධනය වී 1976 වන විට රජයේ නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 ක් වූ බවත් ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 362 ක් පමණ වූ බවත් මහ බැංකු වාර්තාවලින් දක්නට ලැබිණි. 1977 න් පසුව විදේශ ණය ප්‍රමාණය අති සීඝ්‍රයෙන් තවත් ඉහළ ගියේය.   

වාරිමාර්ග කෘෂිකර්ම සහ විදුලිබල ව්‍යාපෘති සඳහා වන විට ණය ප්‍රමාණය ඉහළ ගොස් ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 19648 විය. 1997 ජූනි මාසය වන විට ලෝක බැංකුව මගින් විවිධ අංශ යටතේ ණය මුදල් ප්‍රදානය කළ කළ අතර එය ඇමරිකානු ඩොලර් දශලක්ෂ එක්දහස් නමසීයයක් පමණ වූ බැව් ද වාර්තා විය. 2000 වසර වන විට එය රුපියල් දශලක්ෂ 676045 ක් වූ අතර 2004 වන විට රුපියල් දශලක්ෂ 1119090 ක් බවට පත්වී ඇත. මේ අයුරින් රජය දැන් මුහුණ දී සිටින විදේශ ණය පිළිබඳව පසුගිය මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.   

‘2020 වසර අගවන විට නොපිය වූ විදේශීය සහනදායි ණය ප්‍රමාණය 2019 වසර අගවන විට පැවැති රුපියල් බිලියන 2967.5 සිට රුපියල් බිලියන 2988.1 දක්වා සියයට 8 කින් වැඩි වූ අතර එය සමස්ත විදේශීය ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 2019 වසර අගවන විට පැවැති සියයට 44.6 සාපේක්ෂව 2020 වසර අගවන විට සියයට 49.4 ක් විය’ යනුවෙනි.   

 මේ අතර විවිධ ව්‍යාපෘති අතරමග නතර කිරීම නිසා ඩොලර් මිලියන 500 ක් ගෙවීමට සිදුවී ඇති බවක් පසුගිය ඉරිද‌ා ලංකාදීපය මගින් අනාවරණය කර තිබිණ.   

රටට බලපා ඇති ණය වීම පිළිබඳව පැවැති සෑම රජයක්ම බලයට පත්වීමෙන් පසු පෙන්වාදීම සිරිතය. ඒ සෑම අවස්ථාවකදීම පෙර පැවැති රජයන් මගින් ගත් ණය නිසා රට ණය කන්දකට යට වී ඇති බැව් ප්‍රකාශ කරති. එහෙත් බලයට පැමිණීමෙන් පසුව නැවත නැවත ණය ගැනීම් නිසා ණය කන්ද තව තවත් විශාල වීම ද නොවැළැක්විය හැකිය.   

අප රට පත්වී ඇති ණය බර පිළිබඳව ප්‍රථම වරට අනාවරණයක් සිදු කළ හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේ දී අනාවරණය කළේ ණය බරින් රට බංකොලොත් වී ඇති බවය. ඔහු එම ප්‍රකාශය කළේ ද පෙර පැවැති රජය මගින් සිදු කළ ක්‍රියා මාර්ග නිසා ඒ තත්ත්වය ඇති වූ බවය. එද‌ා 1970 ජූනි මාසයේ දී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සිදු කළ ප්‍රකාශය එවකට පැවැති දවස පුවත්පත වාර්තා කළේ මෙසේය. 

‘මුදල් ඇමැති භාණ්ඩාගාරයේ දොර ඇර පෙන්වයි. ණය බරින් රට බංකොලොත් ජයග්‍රාහී සමගි පෙරමුණු රජයට පරාජිත රජය බංකොලොත් භාණ්ඩාගාරයක් ඉතිරි කර ගොස් ඇතැයි ද ඒ සමගම රටේ ජනතාව අඳුරු අනාගතයකට යොමුකර එම රජය චුත වී ගොස් ඇතැයි ද නව මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ප්‍රකාශ කරයි. 1969 - 70 වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් තුන්සිය හැත්තෑ හත්කෝටි පනස් ලක්ෂයක් වන අතර ආදායම් ප්‍රමාණය වී ඇත්තේ රුපියල් දෙසිය හැත්තෑකෝටි පනස්ලක්ෂයක් බැව් කී මුදල් ඇමැතිවරයා ආද‌ායමට වඩා වියදම් ප්‍රමාණය රුපියල් 107 කෝටියක් වීම උහුලන්නට බැරි බරක් යයි ද පැවැසීය.   

මෙම අතිවිශාල හිග මුදල පියවීම සඳහා පසුගිය රජය අය බදු මගින්වත් පියවරක් ගෙන නැත. ගෙන ඇති එකම පියවර විදේශීය බැංකු වලින් හා වෙනත් ආයතනවලින් ණය ආධාර ගෙන පරතරය පියවන්නට උත්සාහ දැරීම පමණක් බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.’ යනුවෙන් එහි සඳහන් විය. පනස් වසරකට පෙරත් අප රට මුහුණ දී තිබුණු ණය වීම මේ වන විට රටට කෙසේවත් ඉසිලිය නොහැකි තරමේ ණය කන්දක් බවට පත්වී තිබේ.   

ණය ලබා ගැනීමට විරුද්ධවීමට විරුද්ධ පාර්ශ්ව මගින් නිතර ප්‍රකාශ නිකුත් කිරීම ද සිරිතය. එහෙත් ණය ලබා ගැනීම ද නොකඩවා සිදුවන ක්‍රියාවලියක් බවට පත්වී ඇත.   

ශ්‍රී ලංකාව සංවර්ධන කාර්යයන් සඳහා ණය මුදලක් ඉල්ලීම නිසා මහත් ආනෝදා්ලනයක් ඇති වූ සිදුවීමක් 1929 වසරේ දී ඇතිවිය. එම ණය මුදල ලබා ගැනීමේ යෝජනාව ඉදිරිපත් වූයේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදීය. ණය ලබා ගැනීම සැලසුම් කර තිබුණේ එංගලන්තයේ ක්‍රවුන් ඒජන්ට් නම් සමාගමක් මගිනි. ණය මුදලේ ප්‍රමාණය වූයේ රුපියල් අටකෝටි පනස් ලක්ෂයක් පමණි.   

එවකට පැවැති ව්‍යවස්ථා සභාවට ණය මුදල ලබා ගැනීමේ යෝජනාව ඉදිරිපත් වූ වහාම එයට මහත් විරුද්ධත්වයක් එල්ල විය. එම ණය මුදල ලබා ගැනීම නුසුදුසු කාර්යයක් ලෙස විරුද්ධත්වය පළ කළ පිරිසගේ අදහස විය. ඒ පිළිබඳ 1929 ඔක්තෝබර් 11 වනද‌ා එවකට පැවැති සරසවි සඳරැස පුවත්පත මගින් පළකර තිබූ ඒ පිළිබඳ ප්‍රවෘත්තියේ සඳහන් වූයේ මෙසේය.   

ආණ්ඩුව ගන්නට යන ණය මුදල   

අපේ ආණ්ඩුව එංගලන්ත ආණ්ඩුවෙන් රුපියල් අටකෝටි පනස් ලක්ෂයක් ණය මුදලක් ගැනීමට අදහස් කරන බැව් සැලව තිබේ. මේ ගැන සලකා බැලිය යුතුය. දැන් ආණ්ඩුව මුදල් අතින් ඇතිවී තිබෙන අමාරුව මෙසේ ණය ගැනීමෙන් මඟහරවා ගැනීමට හැකිවේ යැයි සිතීමට ඉඩක් නැත. හැකිතරම් සකසුරුවම්කම නොයෙක් අතින් ඇතිකරගෙන ක්‍රියා කිරීම ණය ගැනීමට වඩා හැකි හැම අතින්ම යහපත් බැව් පෙනේ. මහජන මන්ත්‍රීවරයන් නොයෙක් අයුරින් වියදම් කපා හරින ලද්දේය. වැඩි බදු ඇති නොකර ණය නොගෙන රටේ පාලනය ගෙන යාම සඳහා මෙතරම් විශාල ණය මුදලක් නොගෙන ආණ්ඩුව ගෙන යාමට බැරිකමක් තිබේ යැයි සිතන්නට ඉඩක් නැත.’ යනුවෙනි.

lankadeepa.lk
තිස්ස ජයවර්ධන


සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.