News Category
From Date
To Date
Maximum Number of Result

යාපනය තිස්ස විහාරයට එරෙහිව පැවැත්වූ විරෝධතාවයේ යටි අරමුණ සම්බන්ධව අරුන් සිද්ධාර්ථන් කරුණු හෙළිකරයි..

Dec 24, 2025 at 05:48 AM
|

යාපනය තිස්ස විහාරයට එරෙහිව  උතුරේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් පැවැත්වූ විරෝධතාවය පිළිබඳව සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් කරුණු හෙළිදරව් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහළන්..

මාධ්‍ය නිවේදනය

2025 දෙසැම්බර් 22

තායියිඩි තිස්ස විහාරයට අදාළ සිදුවීම්:

කුල අපවාදය, නීති කඩ කිරීම් සහ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ අභියෝග කිරීම.

2025 දෙසැම්බර් 04 වන දින, තායියිඩි තිස්ස විහාරයට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ සාමාජිකයින් දෙදෙනෙකු "පරයියා" යන නින්දිත කුල අපවාදය භාවිතා කරමින් පොලිස් නිලධාරීන්ට වාචිකව අපයෝජනය කළ බව දැක්වෙන තොරතුරු නිල වශයෙන් වාර්තාවී තිබේ.

කුල පදනම් කරගත් වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීම සඳහා 1957 වසරේදී පනවන ලද සමාජ ආබාධ වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකුට අවමන් කිරීම සඳහා කුල පදනම් කරගත් අපහාස භාවිතා කිරීම බරපතල අපරාධයකි. මෙම නීතිය යටතේ, මෙවන් කුල පදනම් කරගත් පීඩනයන් සඳහා වසර තුනකට නොඅඩු සිර දඬුවමක් නියම කළ හැකිය.

පොලිස් නිලධාරීන්ට එරෙහිව මෙම කුල අපවාදය භාවිතා කළ අයගෙන් එක් අයෙකු නීතිඥ නඩරාජා කාන්ඩිපන් මහතා බව තහවුරු වී ඇත. ඉහත සඳහන් පනත යටතේ අපගේ නීති කණ්ඩායම විසින් ඔහුට සහ අනෙක් පුද්ගලයාට එරෙහිව පියවරගැනීම සඳහා මූලික නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව,  විශේෂයෙන් පීඩිත ප්‍රජාවන්ගේ යහපත සහ අවබෝධය සඳහා මෙසේ වාර්තා කර සිටිමු.

ඉන් අනතුරුව, 2025 දෙසැම්බර් 21 වන දින, යාපනයේ කන්කසන්තුරේ, තායියිඩි හි පිහිටි ඓතිහාසික වශයෙන් වැදගත් තිස්ස රජමහා විහාරයට එරෙහිව විරෝධතා දැක්වූ සහ සටන් පාඨ කෑ ගැසූ පුද්ගලයින්, එම ඉඩම තමන්ට අයත් බව කියා සිටියහ. එසේ නම් ඔවුන් විසින් හිමිකම් පෑමට සඳහා පදනම්කරගත්  ඔවුන්ගේ හිමිකම් ඔප්පුවල පිටපත් ප්‍රසිද්ධ මාධ්‍යයට  නිකුත් කරන ලෙස අපි ඔවුන්ට විවෘතව අභියෝග කරමු.

තවද, ඔවුන්ගේ යැයි කියනු ලබන ඉඩම් හිමිකම තහවුරු කිරීම සඳහා හැකිනම් අධිකරණ ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙස අපි ඔවුනට දැඩිව අභියෝග කරමු.  යම් හෙයකින් එවැනි නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා ඔවුන්ට මූල්‍ය ප්‍රතිපාදන නොමැති නම්, එහි  සම්පූර්ණ නීතිමය වියදම් දැරීමට අපි සූදානම් බව  විනිවිදභාවයෙන් හා යහපත් විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කරමු.

මීට පෙර, පුතුකුඩියිරිප්පු හි මනත්කුලම් වැවේ ශිව දේවාලයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම පිළිබඳව අපි නැවත නැවතත් අවධානය යොමු කර ඇත්තෙමු. මෙම ජල කඳට යාබදව ජීවත් වන පදිංචිකරුවන් පහත සඳහන් ආයතන වෙත විධිමත් ලෙස පැමිණිලි කර ඇත:

• ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

• මන්තුවිල් ගොවි සංවිධානය

• මුලතිව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

• පුතුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාව

මෙම පැමිණිලි මත පදනම්ව, ඉදිකිරීම් නීති විරෝධී බව සනාථ කරන නිල ලේඛන ලබාගෙන ඇති අතර, මෙම ලේඛන මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කර ඇත. ඊට අමතරව, ඒ වෙනුවෙන් නඩු අංක KN/2023/Writ/4 යටතේ කිලිනොච්චි මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර එම නඩුව තවදුරටත්  විභාග වෙමින් පවතී.

ඒ හා සමානව, තායියිඩි තිස්ස විහාරය පිහිටා ඇති ඉඩමේ අයිතිය ඉල්ලා සිටින අය ද තම හිමිකාරිත්ව ලේඛන ප්‍රසිද්ධියේ හෙළි කර අධිකරණය හරහා නීතිමය සහනයක් ලබා ගත යුතුය. එසේ කිරීමෙන් පමණක් මෙම ඉඩම් හිමිකම් අව්‍යාජද නැතහොත් වංචනිකද යන්න ගරු අධිකරණයට මෙන් ම මහජනතාවට ද තීරණය කළ හැක.

මෙම පියවර නොගෙන විරෝධතා පමණක් දිගටම සිදුකළහොත්, එවැනි ක්‍රියාවන් බුද්ධාගමට එරෙහිව, සංස්කෘතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීම සඳහා ගන්නා සචේතනික සහ ක්‍රමානුකූල උත්සාහයන් ලෙස සලකනු ලැබේ. වලංගු ගෙවීමක් සහිතව නීත්‍යානුකූලව මිලදී ගත් කන්දරෝඩෙයි ප්‍රදේශයේ  ඉඩමක බෞද්ධ විහාරයක් ඉදිකිරීම වැළැක්වීම සඳහා ද දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයින් විරෝධතා පැවැත්වීම මෙම ස්ථාවරය තවදුරටත් තහවුරු කරයි.

එවැනි ක්‍රියා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති ආගමික නිදහස සඳහා වන මූලික අයිතිය සෘජුවම උල්ලංඝනය කිරීමකි.

තවද, ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් කිහිපයක ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් කර ඇති සංවිධානයක් වන එල්ටීටීඊයට සම්බන්ධවූවන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල ඉදිකර ඇති නීති විරෝධී ස්මාරක, ප්‍රතිමා, අනුස්මරණ ව්‍යුහයන් සහ සුසාන භූමි කෙරෙහි අපි අවධානය යොමු කරමු.

නීති විරෝධී යැයි පවසමින්  තිස්ස විහාරය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින අය, මෙසේ බෞද්ධ ආගමික ස්ථානවලට එරෙහිව පක්ෂග්‍රාහී ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථමයෙන්, ත්‍රස්තවාදයට  සම්බන්ධ මෙම නීති විරෝධී ප්‍රතිමා, අනුස්මරණ සහ සුසාන භූමි ඉවත් කිරීමට පියවර ගත යුතුය.

මෙම සන්දර්භය තුළ, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මෑතකදී කන්දරෝඩයි සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශයක් කරමින්, එහි කිසිදු බෞද්ධ ස්ථානයක් නොමැති බව හා කිසිදු පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර නොමැති බව ප්‍රකාශ කළ බව ද සඳහන් කළ යුතුය. මෙම ප්‍රකාශය කිසිදු සත්‍යයකින් තොර පදනම් විරහිත ප්‍රකාශයකි.

පොන්නම්පලම් රගුපති විසින් රචිත "යාපනයේ මුල් පදිංචිය - පුරාවිද්‍යා සමීක්ෂණයක්" යන කෘතිය කියවන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා සිටිමු. එය,  1918 දී ශ්‍රීමත් ඊ. පීරිස් විසින් එහි සිදු කළ කැනීම් වලින් කන්දරෝඩයි අඩවියේ වැදගත්කම හඳුනා ගත් බව පැහැදිලිව ලේඛනගත කර ඇත. පසුකාලීන දශක කිහිපය තුළ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකර ඇති ක්‍රමානුකූල කැණීම් මඟින් යාපනය හුණුගල් සහ කොරල් ගල් භාවිතයෙන් ඉදිකරන ලද බෞද්ධ ඉදිකිරීම් ව්‍යුහයන්ගේ නටබුන් පොකුරු අනාවරණය වී තිබේ.

එපමණක් නොව, 1970 දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ කෞතුකාගාර පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් මුල් ජනාවාස මට්ටම්වල පූර්ව බෞද්ධ මෙගලිතික (ගල් වලින් නිමවා ඇති අනුස්මරණ ස්ථම්භයන්/ඉදිකිරීම් සහිත) අවධියක් හඳුනා ගන්නා ලදී.

බොහෝ ජාතික සහ ජාත්‍යන්තර පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් මගින් කන්දරෝඩයි යනු ක්‍රි.පූ. 4 වන සියවස දක්වා දිවෙන බෞද්ධ නාගරික ජනාවාසයක් බව නිශ්චිතවම තහවුරු කර ඇත. එබැවින් උතුරු පළාතේ බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට උත්සාහ කරන ඩයස්පෝරාවේ පිටුබලය ලබන එල්ටීටීඊ හිතවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ලද පුද්ගලයින්ට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

පාර්ලිමේන්තුවේදී රජය විවේචනය කිරීම හෝ හමුදාව කෙරෙහි අනුකම්පා සහගත භාෂාව භාවිතා කිරීම විශ්වසනීයත්වයේ දර්ශක ලෙස වරදවා වටහා නොගත යුතුය. බැටළුහම් පොරවාගත් වෘකයින්ගෙන් පරිස්සම් වන ලෙස විශේෂයෙන් ම සිංහල මහජනතාවට අපි අවවාදාත්මකව මතක්කර සිටිමු.

අරුන් සිද්ධාර්ථ්

දිස්ත්‍රික් සංවිධායක

සර්වජන බලය – යාපනය

සම්බන්ධිත පුවත් | Related News

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ප්‍රධාන පුවත්

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.