News Category
From Date
To Date
Maximum Number of Result

ජපානයේ න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට කරන ප්‍රකාශ පශ්චාත් යුධ පටිපාටියට බරපතල තර්ජනයක් එල්ල කරනවා- චීන විදේශ අමාත්‍යාංශය

Dec 23, 2025 at 09:32 AM
|

ජපානයේ දක්ෂිණාංශික හමුදාවන්ට බලගතු ප්‍රහාරක අවි සංවර්ධනය කිරීමට හෝ න්‍යෂ්ටික අවි ළඟ තබා ගැනීමට නිදහසේ ඉඩ දුන්නොත්, එය නැවතත් ලෝකයට ව්‍යසනයක් ගෙන එනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියෑන් ඊයේ(22) පැවසීය. ජ්‍යෙෂ්ඨ ජපන් නිලධාරියෙකු විසින් නුදුරේදී අත්පත් කර ගත හැකි න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයන් පිළිබඳව අදහස් දක්වන ලෙස මාධ්‍යවේදීන් කළ විමසුමකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

"ජපාන අගමැති සානේ ටකයිචිට සමඟ සමීපව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජපානයට න්‍යෂ්ටික අවි තිබිය යුතු බවට නිර්භීතව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චීනය කම්පනයට පත් වී ඇති බව ලින් පැවසීය. ජපාන ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ජපාන ජේෂ්ඨ නිලධාරියා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීම පවා ප්‍රතික්ෂේප කළේය. න්‍යෂ්ටික නොවන මූලධර්ම තුනට කළ හැකි සංශෝධන පිළිබඳව විමසූ විට, ජපාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ 'සියලු විකල්ප සාකච්ඡා කරනු ඇති' බවයි."

ජපාන අගමැති ටකයිචි, න්‍යෂ්ටික නොවන මූලධර්ම තුන සංශෝධනය කිරීමට සැලසුම් කරන බවට මීට පෙර පළවූ ජපන් මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගත් විට, ජපාන පාර්ශවයෙන් කරන ප්‍රකාශ පශ්චාත් යුධ ජාත්‍යන්තර පටිපාටියට සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ තන්ත්‍රයට එල්ල කරන ලද අභියෝගයක් මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර සාමය සහ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් සහ "සාමකාමී සංවර්ධනය" සඳහා ජපානයේ කැපවීමෙන් ඉවත් වීමක් බව ලින් ජියෑන් පැවසීය.

ජපාන පාර්ශවය කරන ප්‍රකාශ ජාත්‍යන්තර නීතිය යටතේ ජපානය මීට පෙර ඇති කරගත් බැඳීම් බරපතල ලෙස උල්ලංඝනය කරන බවත් ආසියා-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය දැඩි ලෙස අඩපණ කරන බවත් ලින් පෙන්වා දුන්නේය. "ජාත්‍යන්තර ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර එයට එරෙහිව දැඩි ලෙස විරුද්ධ විය යුතුයි." ලින් පැවසීය.

"ජපන් දක්ෂිණාංශික බලවේගවල නැවත හමුදාකරණය කිරීමේ අභිලාෂය හොඳින්ම පැහැදිලි වෙනවා." ලින් පැවසීය." තායිවානය සම්බන්ධයෙන් අගමැති ටකයිචිට නොවැම්බර් 7 වන දින මෙතරම් වැරදි සහ භයානක ප්‍රකාශ කිරීමට හැකි වූයේ මන්දැයි යන පැනයට ඉහත සිදුවීම් මගින් නන් අයුරින් පිළිතුරු ලැබෙනවා."

පසුගිය 18 වනදා, "Asahi Shimbun" පුවත් පත වාර්තා කළේ නම සඳහන් නොකළ ජපාන නිලධාරියෙකු "ජපානය න්‍යෂ්ටික අවි අත් පත් කරගත යුතු" බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බව පැවසූ බවයි. වාර්තාවට අනුව, ආරක්ෂක ප්‍රතිපත්ති සහ අදාළ කරුණු සම්බන්ධයෙන් ජපාන අගමැති ටකයිචිට උපදෙස් දීම කරනු ලබන්නේ අදාළ නිලධාරියා විසිනුයි.

පසුගිය 19 වනදා පැවති මාධ්‍ය හමුවකදී, ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි න්‍යෂ්ටික නොවන මූලධර්ම තුන සම්බන්ධයෙන් සිදු විය හැකි සමාලෝචනයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපන් පුරවැසියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සාමකාමී ජීවන රටාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු විකල්ප කිසිවක් බැහැර නොකර සාකච්ඡා කිරීම අවශ්‍ය බව පැවසූ බව, Jiji පුවත් සේවය වාර්තා කළේය.

මෙම නොසැලකිලිමත් සහ ප්‍රකෝපකාරී ප්‍රකාශ ජපානය තුළ සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ප්‍රතික්‍රියාවක් ඇති කර තිබෙන බව මාධ්‍ය වාර්තා පවසයි.

න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම "ජපානයට කිසිසේත්ම ප්‍රයෝජනවත් නොවන" බව හිටපු ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය 20 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූ බව ජපන් මාධ්‍ය වාර්තා කළේය. ඉෂිබාට පෙර, ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකාතානි පසුගිය 19 වනදා  "මෙය සැහැල්ලුවෙන් සාකච්ඡා කළ යුතු දෙයක් නොවන බවත්, ජපාන රජය සුදුසු පරිදි ප්‍රතිචාර දැක්විය යුතු බවත්" පැවසූ බව ජපන් ප්‍රවෘත්ති ආයතනයක් වන Kumanichi වාර්තා කළේය.

චීනය හැරුණු විට,  ජපානයේ අසල්වැසි රාජ්‍යන් වන රුසියාව සහ උතුරු කොරියාව ද ජපානය න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් දක්වන ආකල්ප වලට විරෝධය පළ කළ අතර, රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ටාස් පුවත් සේවය වෙත පැවසුවේ "අපගේ ආකල්පය නියත වශයෙන්ම නිෂේධාත්මක වනවා පමණක් නොව ජපානය මිලිටරිකරණය කිරීම ඊසානදිග ආසියාවේ තත්වය වඩාත් නරක අතට හැරෙනවා යන්නයි". යනුවෙනි.

ජපානයේ සිදුවිය හැකි න්‍යෂ්ටික අවි සඳහා වන ඉල්ලීම් අතීතයේ පැවති අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් අතර කෙරෙන සාකච්ඡාවලින් ඔබ්බට ගොස් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ගේ විවෘත ප්‍රකාශ දක්වා මාරු වී ඇති අතර, එය තත්වයේ හදිසිභාවය අවධාරණය කරන අතර ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතිචාර වශයෙන් ඉතා සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව ලියාඕනිං සමාජ විද්‍යා ඇකඩමියේ මහාචාර්ය ලූ චාඕ ඊයේ(22) මාධ්‍ය වෙත පැවසීය.

ජපාන නිලධාරීන් කරනු ලබන න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම සම්බන්ධව ඉදිර්පත් කරන ප්‍රකාශ චීනයේ සහ අනෙකුත් කලාපීය බලවතුන්ගේ ප්‍රතිචාර පමණක් නොව ජපානයේ ප්‍රධාන හිතවතා වන එක්සත් ජනපදයේ ප්‍රතිචාර ද විමර්ශනය කරන අත්හදා බැලීමේ තවානක් ලෙස සේවය කරන බව මහාචාර්ය ලූ චාඕ තවදුරටත් පැවසීය.

"චීනය සහ රුසියාව මෙන් නොව, ඇමරිකා එක්සත් ජනපදය ජපානයට නිෂ්චිත විරෝධයක් ප්‍රකාශ කර නැහැ." විශේෂඥයා පැවසීය. "කෙසේ වෙතත්, වොෂින්ටනයේ ප්‍රතිපත්ති සම්පාදකයින් තීරණාත්මක ප්‍රශ්නයක් සලකා බැලිය යුතුයි. එනම් ජපානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගන්නේ නම්, ඔවුන් එක්සත් ජනපද නියෝග කීකරු ලෙස අනුගමනය කිරීමේ කාර්යභාරයෙන් සෑහීමකට පත්වෙනවාද? යන්නයි." මහාචාර්ය ලූ චාඕ අවධාරණය කළේය.

ජපානයේ න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීමේ අවශ්‍යතාවය දක්වන ප්‍රකාශ වලට විරෝධය එල්ල වූ විට, ජපානයේ නීගාටා ප්‍රාන්තය ඊයේ(22)ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන කෂිවාසකි-කරිවා න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට අනුමත කළේය. ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය සිදුවී දශකයකට වැඩි කාලයකට පසු මෙම තීරණය ගෙන ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කළේය. ප්‍රාන්ත සභාවේ තීරණයෙන් අදහස් වන්නේ 2011 මාර්තු මාසයේදී සුනාමියෙන් විනාශයට පත් ෆුකුෂිමා ඩයිචි බලාගාරයේ න්‍යෂ්ටික මෙහෙයුම් කටයුතු පළමු වරට ටෝකියෝ විදුලි බල සමාගම නැවත ආරම්භ කරන බව යැයි ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය අවධාරණය කළේය.

තාක්ෂණික වශයෙන් ගත් කළ, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ජපානයට න්‍යෂ්ටික ද්‍රව්‍ය සඳහා සම්බාධක පැනවිය යුතු බවත්, එහි න්‍යෂ්ටික ඉන්ධන යෙදීම් සහ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් සමීපව නිරීක්ෂණය කළ යුතු බවත්, එහි න්‍යෂ්ටික ගැටළු වල වර්ධනයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මහාචාර්ය ලූ යෝජනා කළේය.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.