කෝටිපතියන් වුණු නාකොටික් නිලධාරීන් ගැන පුළුල් විමර්ශනයක්..
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් කෝටිපතියන් වී ඇති බවට ලැබී ඇති තොරතුරු මත එම කාර්යාංශයේ 400 කට අධික සියලුම නිලධාරීන්ගේ වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වී තිබෙන චෝදනා මත එම කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂකවරුන් 05 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඔවුන්ට එරෙහිව පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය පිරිසිදු කිරීමේ මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමේ පරීක්‍ෂණ ද මේ වනවිට ආරම්භ කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරන නිලධාරීන් අතරින් 20 දෙනකුගේ වත්කම් වාර්තා මේ වනවිටත් ලැබී ඇති අතර, සෙසු සියලු නිලධාරීන්ගේ ද වත්කම් පරීක්‍ෂාව මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙන බව ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ, මෙම කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් වසර 20-25 ක් තිස්සේ එහි රාජකාරි කරමින් සිටින බවත්, ඔවුන් අතරින් බොහෝ නිලධාරීන්ගෙන් නිසි සේවයක් නොලැබෙන බවත්ය.
දීර්ඝ කාලයක් එකම ආයතනයේ රාජකාරි කරන නිලධාරීන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වන බවත් විමර්ශන සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔවුන් හරහා ජාවාරම්කරුවන් අතට පත්වන බවට තොරතුරු ලැබී ඇති බවත් එම උසස් නිලධාරියා කියා ඇත.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බව ද විමර්ශනයකින් හෙළි වී ඇත.
මත්ද්‍රව්‍ය තොග රැගෙන එන බහුදින ධීවර යාත්‍රා හඳුනා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතු VMS දත්ත පද්ධතියට පිටස්තර පුද්ගලයන් ඇතුළු වී එහි තොරතුරු ලබාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ ආකාරයට පිටස්තර පුද්ගලයන් 57 දෙනකු මෙම දත්ත ඒකකය වෙත ඇතුළු වී තිබෙන බව ද හෙළිදරව් වී ඇත.
එමෙන්ම දූෂණ චෝදනා මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් පසුගියදා ඉවත් කළ දූෂිත නිලධාරීන් පිරිසක් එම අංශයේ අතිශය රහසිගත තොරතුරු රැසක් පරිගණක පද්ධතියෙන් මකා දමා ගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි