News Category
From Date
To Date
Maximum Number of Result

පින්ලන්තය පෙන්වා ලංකාව හයිටියක් කරන්න හදන හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ..

Dec 22, 2025 at 07:35 AM
|

මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පැවැත්වෙන ගුරු පුහුණුවල සිදුවන දේවල් ගැන ඉතාම අපූරු තොරතුරු ගුරුවරුන් හරහා අපට දැන ගැනීමට ලැබෙනවා. 

මේ තියෙන්නේ සිංහල විෂය සඳහා පැවැත්වුණු දින හතරක වැඩමුළුවක එක දවසක් ගෙවී ගිය ආකාරය. 

උදේ 8 සිට 10.30 දක්වා එකම ගසකට නගින විවිධ සතුන්ගේ පින්තූරය සහිත චිත්‍රයක් පෙන්වමින් අධ්‍යාපනයෙන් සියලු දෙනා සමතුන් කළ යුතු ආකාරය පැහැදිලි කරනවා.ඒ අනුව මාළුවා,ජිරාෆ්, අලියා,කොටියා,වඳුරා ඇතුළු සියලු සතුන්ට ගහට නැඟ ගෙඩි කෑමට හැකි විය යුතුයි.මේක අධ්‍යාපනය ගැන කියන්න 1950 විතර ඉඳලා පතුරු ගහපු සෑහෙන පරන විකාර කතාවක්.හැබැයි ඒක මහා මැජික් එකක් වගේ ආපහු ඉදිරිපත් කරනවා. ඒකෙන් තමයි අධ්‍යාපනයට කරන විකෘතිය සාධාරණීකරණය කරන්නේ. 

ඊට පස්සේ දහයයි තිහට  තේ බොනවා. 

ඊට පස්සේ ගුරුවරු කණ්ඩායම් හයකට බෙදෙනවා.එක කණ්ඩායමකින් දෙන්නා දෙන්නා ඉස්සරහට ගිහින් දුරකථන සංවාදයක් කරන විදිහ රඟපාලා පෙන්නනවා.අනිත් අයට ඒවාට ලකුණු දෙන්න කියනවා.ඊට පස්සේ උපදේශකයෙක් මේ දුරකථන සංවාදවල අඩුපාඩු ගැන පෙන්වා දෙනවා. 

ඊට පස්සේ දවල් කෑම කනවා. 

ඊට පස්සේ ආපහු ගුරුවරු කණ්ඩායම්වලට බෙදෙනවා.බෙදිලා වෙසක් කාඩ්,උපන් දින කාඩ් වගේ ඒවා හදනවා.ඒවාට ඕන කතුරු,ගම්,පාට පාට කඩදාසි වගේ ඒවා ගුරුවරුන්ට ගෙදරින් අරගෙන එන්න කියලා තියෙන්නේ.මේ විදිහට වෙසක් කාඩ් හැදුවට පස්සේ ඒවා ඉස්සරහට ගිහින් පෙන්නනවා. පෙන්නලා ඒවායේ අඩුපාඩු ගැන කතා කරලා ලකුණු දෙන විදිහ ගැන කියනවා. 

ඊට පස්සේ හවස තේ බොනවා.අන්තිමට හවස පහ වෙන කල් කෙටි සමාලෝචනයක් කරනවා.එක දවසක් ඔය විදිහට ඉවරයි. 

දවස පුරාම කන  බොන එකට අමතරව ගුරුවරු කරලා තියෙන්නේ දුරකථන සංවාද රඟපාන එකයි, වෙසක් කාඩ් හදන එකයි. 

ඕක විතරක් නෙමෙයි.දවස් හතරෙන් වැඩි හරියක්ම වැය කරලා තියෙන්නේ ළමයි කරන්න ඕන දේවල් ගුරුවරු කණ්ඩායම් විදිහට බෙදිලා රඟපාන්න.ගුරුවරු සභාව ඉස්සරහට ගිහින් ළමයි වගේ හැසිරෙනවා.වෙසක් කාඩ් හදනවා.දුරකථන සංවාද කරනවා.අඬනවා.හිනාවෙනවා.සිංදු කියනවා.ඔය විදිහට දවස ගෙවෙනවා. 

ගුරුවරු විශාල පිරිසකගේ කාලය නාස්ති කරගෙන,කෑම බීම,වෙනත් දීමනා,දේශකයන්ගේ දීමනාවලට සැලකිය යුතු මුදලක් වැය කරගෙන මේ වගේ නාඩගම් තමයි දිගටම කරගෙන යන්නේ. 

ප්‍රතිසංස්කරණවලින් මොකද වෙන්නේ කියන්න, මොඩියුල්වල තියන දේවල් ගැන කියන්න,ලකුණු දෙන විදිහ ගැන කියලා දෙන්න වැය වුණු සුළු කාලය හැර දවස් හතරේ වැඩි හරියක් කරලා තියෙන්නේ මේ වගේ විකාරවලට කාලය නාස්ති කිරීම විතරයි. 

හරි වැරුද්ද කෙසේ වෙතත් ඒ අවශ්‍යම දේවල් ටික ඕන නම් එක දවසකින් කියන්න පුළුවන්.ඉතුරු දවස් ටිකේ වෙන කරන්න දෙයක් නැති නිසා ගුරුවරු කණ්ඩායම්වලට බෙදිලා ළමයි වගේ රඟපාන එක තමයි වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ. 

මේවායින් තමයි ආණ්ඩුව නවීන ලෝකෙට ගැලපෙන පට්ට දියුණුයි කියන අධ්‍යාපනයක් හදන්න ලෑස්ති වෙන්නේ. මේවා මොන තරම් විහිලුද කියලා පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා. 

හැබැයි මේ ගුරු පුහුණුවලට ගිහින් ආපු ඇතැම් ගුරුවරු තමන් මාර වැදගත් වැඩසටහනකට සහභාගි වුණා වගේ උද්දාමයකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හොඳ ගැන කතා කරනවා. 

ඇත්තටම ඔවුන් අධ්‍යාපනය ගැන හෝ ලෝකේ වෙනත් රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද ගැන කිසිම දෙයක් දන්නේ නෑ.කිසිම දෙයක් සන්සන්දනාත්මකව කියවලා හදාරලා නෑ.ගුරු පුහුණුවට කවුරු හරි ඇවිත් කියලා දීපු පට්ට බොරු ටික පරම ඇත්ත කියලා හිතාගෙන පම්පෝරි ගහනවා.ඒ දේශන තියපු අධ්‍යක්ෂවරු, උපදේශකවරු කරන්නෙත් කවුරු හරි තමන්ට කියපු දෙයක් ආපහු වමාරන එක විතරයි. 

ඒ කවුරුත් මේවා ගැන ස්වාධිනව අධ්‍යයනය කරලා නෑ.ඒ බොහෝ දෙනෙකුට ගූගල් එකට ගිහින් ඉංග්‍රීසියෙන් ලිපියක් කියවලා තේරුම් ගන්නවත් බැහැ.ඉතින් එහෙම ගුරුවරු තමයි අද මේ ප්‍රතිසංස්කරණ මාර මැජික් එකක් කියලා හිතාගෙන මේවා ගැන කතා කරන්නේ.ඔවුන්ගේ එකම දැනුම් මූලාශ්‍රය මේ ළාමක ගුරු පුහුණුව විතරයි. 

ඒ නිසා අපි ගුරුවරුන්ට කියන්නේ කරුණාකරලා මේ පුහුණු වැඩසටහන්වල කියන සුරංගනා කතා ඒ විදිහටම බාර නොගෙන පුළුවන් විදිහට ඒ කතාවල ඇත්ත නැත්ත හොයලා බලන්න.එහෙම නැති වුණොත් මේ බාල සෙල්ලම්වල අනාගත ප්‍රතිපල ඉතාම භයානක විය හැකියි.පින්ලන්තයක් ගැන සුරංගනා කතා කියමින් ලංකාව හයිටියක් බවට පත් කරන මේ ක්‍රියාවලියට හුරේ දැමීමට පෙර මේ ගැන ගැඹුරින් සලකා බැලීම අප කාගේත් වගකීමක්.

- විශේෂ ලියුම්කරුවෙකු විසින්

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.