එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර ඉහළ යන ආතතීන් කෙරෙහි ක්‍රෙම්ලිනයේ දැඩි අවධානය
එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර උත්සන්න වන ආතතීන් බරපතල අවදානම් ගෙන දෙන අතර "අනපේක්ෂිත වර්ධනයන්" ඇති කළ හැකි බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ඊයේ(18) පැවසීය.
වෙනිසියුලානු බොරතෙල් අපනයනය නැවැත්වීමේ අරමුණින් අර්ධ නාවික අවහිරයක් පුළුල් කරන බව නිවේදනය කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැරකස් මත පීඩනය තීව්ර කිරීමෙන් පසුව මෙම අනතුරු ඇඟවීම නිකුත් විය. කෙසේ වුවද වෙනිසියුලානු රජය ඊට විරෝධය පළ කර තිබේ.
රුසියාව වෙනිසියුලාව වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන බව අවධාරණය කරමින්, "ඇත්ත වශයෙන්ම, තත්වයේ අනපේක්ෂිත වර්ධනයක් වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස අපි කලාපයේ සියලුම රටවලින් ඉල්ලා සිටිනවා." යනුවෙන් පෙස්කොව් පැවසුවේය.
මීට පෙර, රුසියානු විදේශ අමාත්‍යාංශය ට්‍රම්ප් පරිපාලනයෙන් "තාර්කික සහ ප්‍රායෝගික ප්‍රවේශයක්" අනුගමනය කරන ලෙස ඉල්ලා සිටි අතර, වැරදි පියවර "මාරාන්තික වැරැද්දක්" විය හැකි බවත් තත්වය තවදුරටත් අවුලුවාලිය හැකි බවත් අනතුරු ඇඟවීය.
චීනය ද මේ වන විට රුසියාවට සමානව කනස්සල්ල පළ කර තිබේ. බීජිං විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් පැවසුවේ මහජන චීන සමූහාණ්ඩුව “සියලු ඒකපාර්ශ්වික ක්‍රියාවන්ට සහ හිරිහැර කිරීමට” විරුද්ධ වන බවත් “අනෙකුත් රටවල් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයක් ස්වාධීනව වර්ධනය කර ගැනීමට” වෙනිසියුලාවේ ස්වෛරී අයිතියට සහාය දක්වන බවත්ය.
ට්‍රම්ප් වෙනිසියුලාව අසල එක්සත් ජනපද නාවික හමුදාව එක් රැස් කිරීම සිදු කර ඇති අතර, වෙනිසියුලාව “දකුණු ඇමරිකානු ඉතිහාසයේ මෙතෙක් ස්ථානගත කරන ලද විශාලතම නාවික හමුදාවෙන් සම්පූර්ණයෙන්ම වට වී ඇති” බවට පාරම්බාමින්, කැරකස් “ඔවුන් කලින් අපෙන් සොරකම් කළ සියලු තෙල්, ඉඩම් සහ අනෙකුත් වත්කම්” ආපසු ලබා දෙන ලෙස බ්ලකර සිටියේය.
මේ අතර වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ වොෂින්ටනයට චෝදනා කළේ රටේ ස්වෛරීභාවය සහ සම්පත් යටත් කර එය යටත් විජිතයක් බවට පත් කරන “රූකඩ රජයක් පැනවීමට” උත්සාහ කරන බවයි. එවැනි ප්‍රතිඵලයක් වැළැක්වීමට තමා කැපවන බව ශපථ කළ අතර එක්සත් ජනපද පීඩන උපක්‍රමය “ම්ලේච්ඡත්වය” ලෙස හෙළා දුටුවේය.
ට්‍රම්ප් පරිපාලනය විසින් කැරිබියන් මුහුදේ ක්‍රියාත්මක වන මත් ද්‍රව්‍ය කාටෙල් සම්බන්ධ හෝ “මත්ද්‍රව්‍ය ජාල වලට අයත් ත්‍රස්තවාදී” යාත්‍රා ලෙස නම් කර ඇති යාත්‍රා වලට එරෙහිව සිදුවෙමින් පවතින එක්සත් ජනපද ප්‍රහාර නැවැත්විය යුතු බවට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ගෙන ආ යෝජනාවක් 210–216 ලෙස පරාජයට පත්විය. එලෙසම , එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් වු යුද්ධය ප්‍රකාශ නොකළහොත් හෝ එවැනි මෙහෙයුම් සඳහා අවසර දී නොමැති නම් “වෙනිසියුලාව තුළ හෝ විරුද්ධව” ඕනෑම නව මිලිටරි ක්‍රියාමාර්ගයක් අවහිර කිරීම අරමුණු කරගත් තවත් යෝජනාවක් ඡන්ද 211–213 ලෙස පරාජයට පත්විය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදෙස් විත්ති විචාරකයින් පවසා සිටියේ අමෙරිකානු සමාජය තුළ වෙනිසියුලාවේ නිදහස සම්බන්ධයෙන් වන අදහස තීව්ර බෙදීමකට ලක්ව තිබෙන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..