එකතුවට බාධාව මම නම් ඉවත්වෙන්න සූදානම් - රනිල් කියයි
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඊයේ (17) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්විය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු කමිටුවක් පත් කර ඇති අතර සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයවයි.
කෙසේ වෙතත් එම සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් නිල වාර්තාවක් තවමත් තමාට ලැබී නැතැයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා ඇති රනිල් වික්‍රමසිංහ මහතා අදාල සාකච්ඡා ඉතා ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයිද තවදුරටත් මන්දගාමීව ඇදගෙන යෑමට කාලයක් නැතැයි ද දැනුම් දී තිබේ.
ලබන වසරේ සිට විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු වන හෙයින් ඉහත සාකච්ඡා කඩිනම් කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු යැයි එම සාකච්ඡා වලදී එකඟතාවයකට පැමිණියහොත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට එය ගැටළුවක් නොවේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවාට තමාද කැමති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.
අදාළ සාකච්ඡා වලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයකුට නායකත්වය දිය යුතු යැයි යෝජනාවක් පැමිණිය හොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිම ගැටලුවක් නැතැයිද වික්‍රමසිංහ මහතා පවසා ඇත.
එවැනි එකතුවක් සඳහා තමා ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවද එජාප නායකයා පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි