ට්‍රම්ප් තවත් රටවල් කිහිපයක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි..
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති පුරවැසියන් අයත් රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක් එක්කර ඇත.
ඒ අනුව පලස්තීනය, සිරියාව, බර්කින ෆාසෝ, මාලි, නයිජර් සහ දකුණු සුඩානය යන රටවල පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙරද ට්‍රම්ප් විසින් ජූනි මාසයේදී රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ලියවිල්ලක් ද අත්සන් තබා තිබුණි.
එහිදී ඔහු පවසා ඇත්තේ, "විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්" සහ අනෙකුත් ආරක්ෂක තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම තීරණය ගන්නා බවය.
එසේ තහනමට ලක් වු රටවල් වුයේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඉක්වටෝරියල් ගිනි, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.
ඒ අනුව, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දින නව ප්‍රකාශනයකට අත්සන් කරමින්, සම්පූර්ණ හෝ අර්ධ ගමන් සීමා පනවා ඇති රටවල් ලැයිස්තුව 19කින් 39කට පුළුල් කර ඇතැයි ධවල මන්දිරය සඳහන් කරයි.
එසේම, අර්ධ ගමන් සීමා පනවා ඇති නව රටවල් 15ක් ද ලැයිස්තුවට එක්කර ඇත.
එනම් ඇන්ගෝලා, ඇන්ටිගුවා, බාර්බුඩා, බෙනින්, අයිවරිකොස්ට්, ඩොමිනිකා, ගැබොන්, ගැම්බියා, මලාවි, මෞරිටානියා, නයිජීරියාව, සෙනෙගල්, ටැන්සානියාව, ටොන්ගා, සැම්බියා සහ සිම්බාබ්වේ යන රටවල්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා