මහනුවරට දුම්රියෙන් යන්න අවුරුද්දක්වත් යාවි – නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විනාශ වූ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බව තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පෙනී යන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. සමස්ත දුම්රිය මාර්ග පද්ධතියට වූ හානිය රුපියල් බිලියන 340ක් පමණ බව ද ඇමැතිවරයා කීය.
පේරාදෙණිය කළු පාලම දැඩි ලෙස හානි වී නැතත් එම පාලමේ අඩිතාලම මෙන්ම රඹුක්කන – මහනුවර දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකට දැඩි හානි වී ඇති නිසා ඉන්ජිනේරුවන් මගින් නිසි තක්සේරුවක් කර රේල්පාර සකස් කළ යුතු යැයි ද ඒ මහතා කීය.
දුම්රිය මාර්ගය නිසියාකාරව වගකීම් සහිතව ඉදිකර දුම්රිය ධාවනය කළයුතු බවත් එසේ නොකර කඩිනමින් දුම්රිය මාර්ගය සකස් කර දුම්රිය ධාවනය කරවීම දුම්රිය මගීන්ගේ ජීවිත අනතුරට ලක්වීමට ඉඩ සැලසීමක් විය හැකි බවත් ඒ නිසා එවැනි තත්ත්වයක් ඇතිනොවන ලෙස කාලය කළමනාකරණය කර දුම්රිය මාර්ගය ඉදිකිරීම රජයේ වගකීම බවත් හෙතෙම කීය.
මේ වනවිට දුම්රිය මාර්ගවලට සිදුවූ හානිය රුපියල් බිලියන 340ක් පමණ බව දළ ඇස්තමේන්තු අනුව පෙනී යන්නේ යැයි ද එය අවසන් තක්සේරුව නොවන්නේ යැයි ද ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ තවත් ස්ථාන කිහිපයකම විශාල වශයෙන් නායයෑම් හේතුවෙන් කොටගල සිට අඹේවෙල දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම අතිදුෂ්කර බව දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉන්ජිනේරුවරු කියා සිටිති.
නායයෑමට ලක්වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින නානුඔය දුම්රිය ස්ථානයේ සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉන්ජිනේරුවන් සහ සේවකයන් කියා සිටින්නේ කොටගල, ග්‍රේඩ්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ අධික කඳු සහ බෑවුම් සහිත ස්ථානවල දුම්රිය මාර්ගයේ මීටර් 50 සිට 100 දක්වා කොටස් නාය ගොස් ඇති බවයි.
ග්‍රේඩ්වෙස්ටන් කඳුවැටියට පහළින් නායගිය ස්ථානයේ පස් පිරවීමට හෝ දුම්රිය මාර්ගය අලුතින් වෙනත් ස්ථානයකින් කැපීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් පවත්නා තත්ත්වය මත කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දිගු කාලයක් ගතවන බවත් ඉන්ජිනේරුවරු කියා සිටියහ.
දුම්රිය මාර්ගය නාය යෑමත් සමග දුම්රිය පීලි සහ සිල්පර කොටවලට දැඩි අලාභහානි සිදුවී ඇත.
නාවලපිටියේ සිට කොටගල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව සේවා දුම්රියක් 16දා කොටගල දක්වා ධාවනය කළ අතර තවත් සේවා දුම්රියක් බණ්ඩාරවෙල සිට අඹේවෙල දක්වා 15දා ධාවනය කර ඇත.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි