ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමිතිය යටතේ ඖෂධ මෙරට තුළ ලියාපදිංචි කිරීමට ගන්නා ලද තීරණය අධූරදර්ශී සහ මිනිස් ජීවිත අනතුරට හෙළන තීරණයක් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
බ්‍රිතාන්‍ය හෝ යුරෝප ප්‍රමිතිය මඟ හැර ඉන්දියානු ප්‍රමිතියෙන් යුත් ඖෂධ මෙරට රෝහල් පද්ධතියට සහ වෙළඳපොළට මුදා හැරීමට වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය අදූරදර්ශී තීරණයක් බවත් මේ සම්බන්ධයෙන් වහා විමසා බලා ප්‍රමිතියෙන් යුත් ඖෂධ මෙරට රෝහල් පද්ධතිය තුළට මුදා හැරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ ඉන්දියාවෙන් ගෙන්වන ලද Ondesterone Injection නම් වමනය ඕකාරය ශල්‍යකර්ම හා නිර්වින්දන ක්‍රියාවලිය තුළ මතුවන අතුරු ආබාධ පාලනය කිරීමට ලබා දෙන ඖෂධයක් ආසාත්මික වීම නිසා රෝගීන් මිය යාම සහ එම ඖෂධය තාවකාලිකව භාවිතාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
අදාල ඖෂධ කුප්පි තුළ බැක්ටීරියා විස අඩංගුව පැවැති බව මහනුවර ජාතික රෝහලේ ශුද්‍ර ජීව විද්‍යා අංශය මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවී ක්‍රම මහතා. ජනමාධ්‍යවලට තහවුරු කොට තිබිණි.
මීට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාලන කාලයේදී මෙරටට ගෙන්වන ලද සහ රෝහල්වලට බෙදාහරණ ලද ඖෂධ තුළද මේ අන්දමට බැක්ටීරියාවිස අඩංගු වූ බව තහවුරු විය. මේ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල පාලන කාලයේදී මෙන් යළිත් වරක් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ බාල ඖෂධ පැතිර යාම සම්බන්ධව ජනතාව තුළ අවිශ්වාසයක් නිර්මාණය විය හැකි බැවින් ඖෂධ නියාමන අධිකාරිය මගින් ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමිතිය යටතේ ඖෂධ මෙරට තුළ ලියාපදිංචි කිරීමට ගන්නා ලද තීරණය අධූරදර්ශී සහ මිනිස් ජීවිත අනතුරට හෙළන තීරණයක් වන බැවින් වහාම ඒ සම්බන්ධව විමසා බලා ඉන්දියානු බාල බෙහෙත් රට පුරා ව්‍යාප්තවීමේ අවධානම පාලනය කිරීමට කටයුතු කරන ලෙසද ඒ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කලෙය.
මෙම ප්‍රශ්න සහගත බාල වමන ඖෂධය රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහතික වලට යටත්ව ආනයනය කොට ඇති බැවින් සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ම පුරුදු විමර්ශනයක් සිදුකිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතින්ද ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් පාලන කාලවලදී අමාත්‍යාංශයේ සේවය කළ දූෂණ චෝදනා එල්ල වී ඇති හා අකාර්යක්ෂම නිලධාරීන් තවදුරටත් අමාත්‍යාංශය ඉහළ තනතුරු දැරීමේ ආදීනව තමන් පෙන්වා දුන් බවත් දැන් එම කරුණු මහජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන තත්ත්වය කණගාටුදායක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.