
සෞදියේ අල් සෞද් කුමරු ගුවන් අනතුරකින් මිය යයි
සෞදියේ තලාල් බින් අබ්දුල් අසීස් බින් බන්ඩාර් අල් සෞද් කුමරු වයස අවුරුදු 62 දී මිය ගිය බව සෞදි රාජාණ්ඩුව ඊයේ(7) නිවේදනය කළේය. අරාබි මාධ්‍ය වාර්තා වලට අනුව කුමාරයා ගුවන් අනතුරකින් මිය ගිය බව පැවසේ.
සෞදි රාජකීය අධිකරණය කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කුමරුගේ අභාවය නිවේදනය කරමින් පවසා සිටියේ මියගිය රාජකීයයා වෙනුවෙන් අවමංගල්‍ය යාඥාවන් රියාද්හි ඉමාම් තුර්කි බින් අබ්දුල්ලා මුස්ලිම් පල්ලියේදී සිදුකරන බවයි.
තලාල් බින් අබ්දුල් අසීස් කුමරු බන්ඩාර් කුමරුගේ පුත්‍රයා වන අතර පළමු සෞදි රජු වන අබ්දුලාසීස් රජුගේ මුනුපුරා විය. 1961 දී උපත ලද ඔහු රාජකීය සෞදි ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු වූ අතර 2004 සිට 2012 දක්වා සෞදි බුද්ධි ඒජන්සිය වන ඝෛඵ් හි සහකාර බුද්ධි ප්‍රධානියා ලෙස සේවය කළේය.
අධිකරණයේ ප්‍රකාශය මගින් මරණයට හේතුව හෙළි නොකළ අතර, ලෙබනනයේ අල් මාෂාඩ් ප්‍රවෘත්ති ආයතනය වාර්තා කළේ ඊයේ(7) උදෑසම ගුවන් හමුදාව සමඟ කළ පුහුණු අභ්‍යාසයක් අතරතුර ඔහුගේ F-15 ප්‍රහාරක ජෙට් යානය කඩා වැටීමෙන් කුමරු මිය ගිය බවයි.
අබ්දුල්අසීස් කුමරු විවාහ වී සිටින්නේ නජ්ලා බින්ට් සාඩ් බින් මොහොමඩ් අල් සෞද් සමඟය.
ඔහුගේ එක් පුතෙකු වන තලාල් බින් අබ්දුලාසීස් කුමරු 2011 මැයි 26 දින සාරා බින්ට් ෆාඩ් සමඟ විවාහ විය. ඇය සල්මාන් රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ ෆහාඩ් බින් සල්මන් කුමරුගේ දියණියයි. ඔවුන්ගේ විවාහ උත්සවය 2011 ජූලි 2 දින මර්බෙල්ල හිදී පැවැත්විණි.තලාල් කුමරු රාජකීය සෞදි ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු වූ අතර 2023 දෙසැම්බර් 7 වන දින සෞදි රාජ්‍යයේ නැගෙනහිර පළාතේ සිදු කළ පුහුණු මෙහෙයුමක් අතරතුර හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මිය ගියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
