අශෝක රන්වල බීමතින් සිටියේ දැයි කළ පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නැහැ - පොලිසිය
සපුගස්කන්ද ප්‍රදේශයේ රිය අනතුර සිදුවූ අවස්ථාවේ හිටපු කථානායක අශෝක රන්වල බීමතින් සිටියේදැයි අනාවරණ කරගැනීම සඳහා සිදුකළ පරීක්ෂණයේ වාර්තා මෙතෙක් ලැබී නැතැයි පොලිසිය පවසයි.
අදාළ අනතුරින් තුවාල ලැබූ සත්මස් බිළිඳා සහ මිත්තණිය තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බිළිඳාගේ මව රෝහලින් පිටව ගොස් තිබේ.
බිළිඳාගේ පියා චෝදනා කරන්නේ අශෝක රන්වලගේ පාර්ශ්වයෙන් සිය දරුවාගේ තත්ත්වය සොයා බැලීමට කිසිවෙකු හෝ මෙතෙක් නොපැමිණි බවයි.
හිටපු කථානායක අශෝක රන්වල පැදවූ ජීප් රථය සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක හා මෝටර් රථයක ගැටී තිබු අතර,එහිදී මෝටර් රථයේ සිටි සත්මස් බිළිඳෙකු, ඇගේ මව සහ මිත්තණිය තුවාල ලබා බිළිඳා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් මව සහ මිත්තණිය කොළඹ ජාතික රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි.
ෙපසුව අධි රුධිර පීඩනය බව පවසමින් අශෝක රන්වලද කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ අතර බිළිඳාගේ ඥාතීන් චෝදනා කළේ ඔහු බීමතින් සිටි බවටයි.
අනතුර සිදුවන අවස්ථාවේ රන්වල මහතා බීමතින් සිටියේදැයි අනාවරණ කරගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් කිසිදු තරාතිරමක් නොබලා නීතිමය පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පුසුව අශෝක රන්වල අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසුව ඇප මත මුදා හැරිණි.
කෙසේවෙතත් ඔහු බීමතින් සිටියේදැයි අනාවරණ කරගැනීම සඳහා සිදුකළ පරීක්ෂණයේ වාර්තා තවමත් ලැබී නොමැති බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි