හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ග්‍රීක බැදුම්කර නඩුවේ වාර්තාව මෙන්න..
බස්නාහිර පළාත්බද මහාධිකරණය අංක 06 හිදී මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතා ඉදිරියේ විභාග වූ HCB 303/24 දරණ නඩු තීන්දුවේ වාර්තාව අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද මාස 3ක් තුළ රු. 1,843,267,595.65/- (අලාභය) වන්දියක් ලෙස මහ බැංකුවේ ගිණුමට ගෙවීම කොන්දේසියට එකඟ වී නැති අතර වරදක් පිළිගැනීමක් නොකරන බවත්, එය සාමුහික තීරණයක් බවත් ප්‍රකාශ කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ සළකා බලන ලෙසට 1 වන චුදිත වන අජිත් නිවාඩ් කබ්රාල් ගේ ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා කළ ලිඛිත ඉල්ලීමක් මත කොමිෂන් සභාවේ සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අවධානයට ලක්වීමෙන් පසු , 1 වන චුදිතට එරෙහි අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට ගරු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
දූෂණ විරෝධී පනතේ 63 (2) සහ (3) වගන්ති යටතේ කොමිෂන් සභාව විසින් ගණනය කරන ලද රුපියල් මිලියන එක්දහස් අටසිය හතලිස් තුනක් සහ දෙලක්ෂ හැටහත්දාස් පන්සිය අනුපහයි ශත හැට පහක් (රු.1,843,267,595.65/-) වන මුදල වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් අංක 65911 දරණ ගිණුමට බැර කිරීම යන කොන්දේසිය මත අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට අවසර පතා ඇත.
කොන්දේසිය සපුරා ලීමට අපොහොසත් වුවහොත් 67 (5) වගන්තිය යටතේ නැවත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා බව අධිකරණයට දන්වා ඇත.
අනෙකුත් විත්තිකරුවන්: 2, 3, 5 යන චුදිතයන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව අධිචෝදනාවන් ඉල්ලා අස් කර ගැනීමට අවසර ඉල්ලා සිටින ලදී.
1 වන විත්තිකරු අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා , කොන්දේසි සහිතව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට එකඟ විය නොහැකි බව ප්‍රකාශ කළේය.
"අපි මේ වරද පිළිගන්නේ නැහැ" සහ "මේ කොන්දේසියට එකඟ වෙන්න බැහැ. අපි ගත්තේ නැති මුදලක්" යනුවෙන් නීතීඥවරයා අවධාරණය කළේය.
විත්තිකරු සම්බන්ධයෙන් අපරාධ චෝදනාවක් පවත්වාගෙන යාමට හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට නොමැති පසුබිමක් පවතින බවට අල්ලස් කොමිසමට දීර්ඝ සැලකිරීමක් ඉදිරිපත් කළ බව සඳහන් කළේය.
මෙම ගනුදෙනුව තනිවම ගත් තීන්දුවක් නොව, මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සාමුහික තීරණයක් බවත් , එය විත්තිකරුගේ දිනපතා රාජකාරියේ කොටසක් බවත් පෙන්වා දුන්නේය.
මුදල් මණ්ඩලය ගත් තීරණවලින් බහුතරයක් සාර්ථකව ප්‍රතිලාභ ලැබූ පසු, එක් ගනුදෙනුවක් පමණක් අලාභ වූ විට එම මුදල ආපසු ගෙවීමට 1 වන විත්තිකරුට පමණක් පැවසීම "අසාධාරණයි" යනුවෙන් නීතීඥවරයා කියා සිටියේය.
දූෂණ විරෝධී පනතේ 67 වගන්තියේ උප වගන්ති 2, 3 යටතේ කොන්දේසි දැමීම අනිවාර්ය නොවන බවත් , එම කොන්දේසිවලට එකඟ වුවහොත් පමණක් බැඳී සිටින බවත් නීතීඥවරයා අධිකරණයට කියවා සිටියේය.
2, 3, සහ 5 යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පැමිණිල්ල විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය යටතේ අධිචෝදනා ඉවත් කර ගැනීමට කරන යෝජනාවට සම්පූර්ණයෙන් එකඟත්වය පළ කළහ.
3 සහ 5 විත්තිකරුවන් මහ බැංකුවේ සේවය කළ රාජ්‍ය නිලධාරීන් බවත්, ඔවුන් රජයේ සේවකයින් ලෙස කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය.
ඔවුන්ට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යාමට තරම් නඩු නිමිත්තක් නොමැති බවට මූලික විරෝධතාවයක් ගෙන ආ අතර , මීට අදාළ ගනුදෙනු හා තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීන්දුවක් ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය.
2 වන චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ, විදෙස් සංචිතවල සිදු කර ඇති ආයෝජනය මුදල් මණ්ඩලයේ සහ පිළිගත් විදේශ සංචිත ආයෝජන මූලධර්මයන්ට අනුකූළව සහ වැඩි ප්‍රතිලාභයක් ලැබීමේ අරමුණින් ගත් තීරණයක් බවයි. ජාත්‍යන්තර පිළිගත් ප්‍රතිපත්තිවලට අනුකූලව ගත් තීරණයක් නිසා ඇති වූ අලාභයක් මත මෙම තැනැත්තන් අපරාධ වරදකට වරදකරු කිරීමට හෝ පුද්ගලිකව වන්දි ගෙවීමට අවශ්‍යතාවයක් නැත යන කරුණ පිළිගන්නා බවද නීතීඥවරයා පැවසීය.
ඒ අනුව 1 වන චුදිතට එරෙහිව පවරා ඇති අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට ඇති අවසරය සහ කොන්දේසිය මත , එම කොන්දේසියට 1 වන විත්තිකරුගේ එකඟතාවය නොලැබීම හේතුවෙන් එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව 2, 3, සහ 5 විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් අවසර ලබා දී ඇත.
නඩුවේ වාර්තාව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි