"දිට්වා" ගැන නොවැම්බර් 23 සිට 25 වතාවක් දැනුම් දුන්නා - කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය
නොවැම්බර් 23 වැනිදා සිට අවස්ථා 25කදී දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ඒ දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින්.
දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙවුණු දින කිහිපයේ විවිධ පාර්ශ්ව විසින් එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ පැවැති ආපදා තත්ත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිවැරැදි නොවන තොරතුරු විශාල ප්‍රමාණයක් සංසරණය වන අතර, එම අසත්‍ය තොරතුරු මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වයට හානි සිදුවන බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් කාලගුණික වෙනස්කම් සතියකට පෙර හඳුනා ගත හැකි වුවත් ඇතැම් අවස්ථා වඩාත් කෙටි පෙර හඳුනාගැනීම් සහිත වන බවයි.
දිට්වා සුළි කුණාටුව නිර්මාණය වීම සම්බන්ධයෙන් මෙරට විද්‍යාඥයින් ප්‍රථමවරට හඳුනාගෙන ඇත්තේ නොවැම්බර් මස 23 වැනිදා බවත්, එම තොරතුරු යුහුසුළුව ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
ඔවුන් අවධාරණය කරන්නේ ඉදිරි කාලයේදී පැවැතිය හැකි නව කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් නොවැම්බැර් 24 වැනිදා පවත්වා ඇති බවයි.
එමෙන්ම නොවැම්බර් මස 25 වැනිදා දිවයින ආශ්‍රිත අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවට ඇම්බර් වර්ණයේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එදිනම සවස ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වැසි ඇති විය හැකි බවට රතු වර්ණයෙන් නිවේදනයක් ද නිකුත් කළ බවත් එම සංගමය පෙන්වා දෙයි.
එම සංගමය පවසන්නේ අදාළ අනතුරු ඇඟවීම දිට්වා පද්ධතියේ මූලික අවස්ථාවේ නිකුත් කළ පළමු රතු අනතුරු ඇඟවීමේ නිවේදනය බවයි.
ගැඹුරු පීඩන අවපතය, දිට්වා සුළිකුණාටුව දක්වා වර්ධනය වීමේ රතු අනතුරු ඇඟවීමේ නිවේදනය නොවැම්බර් 27 වැනිදා නිකුත් කර ඇති බවත් එදිනම නවතම තොරතුරු සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් දැනුවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය අවධාරණය කරයි.
ඒ අනුව නොවැම්බර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් රතු නිවේදන 25ක් යාවත්කාලින කර ඇති බවටයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
''බීබීසී මාධ්‍ය මගින් 25 වැනිදා මිලිමීටර් 500ක වැස්සක් පුරෝකථන කළත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මිලිමීටර් 150ක වැසි තත්ත්වයක්'' බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනාවට ද ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පිළිතුරු ලබා දී තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ බීබීසී මාධ්‍ය මගින් දින කිහිපයකදී ලැබිය හැකි මුළු වර්ෂාපතනයේ එකතු කළ අගය මිලිමීටර් 500ක් පමණ විය හැකි බවට ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාව දැනුම් දෙන්නේ දිනකදී ලැබෙන වර්ෂාපතනය බවයි.
කෙසේ වෙතත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකිවල දින කිහිපයේ එකතු කළ වර්ෂාපතන අනාවැකිය මිලිමීටර් 600 - 800ක පමණ අගයක් පෙන්නුම්කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ
එමෙන්ම ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මස 13 හෝ ඊට ආසන්න දිනක දිට්වා සුළි කුණාටුවේ මූලික අවස්ථාව ගැන කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බවට පෙන්වා දෙන ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පවසන්නේ එය සම්පූර්ණ අසත්‍ය බවත් සති දෙකකට පමණ පෙර එවැනි නිශ්චිත අනාවැකි පළ කල හැකි කිසිදු ක්‍රමවේදයක් ලෝකයේ මේවන තෙක් සොයා ගෙන නොමැති බවයි.
එමෙන්ම පීඩන අවපාතය සම්බන්ධයෙන් නොවැම්බර් 24, 26 සහ 27 යන දිනවලදී දැනුවත් කිරීමේ හමු පැවැති බවත් එම අවස්ථාවන්වලට ආපදා කළමනාකරණ මධ්‍යථානය, වාර්මාර්ග දෙපාර්තමේන්තුව ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ජල කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිබල මණ්ඩලය, ධීවර දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් එක්වූ බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.
- hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.