පිච්ච මල් විහාරය අවදානමක..
ගෝමරංකඩවල පුරාවිද්‍යා කලාපයට අයත් කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය පිහිට ශේෂ කඳු ගැටයේ එක් ස්ථානයක විශාල ගලක් ගැලවී තවත් කුඩා ගලක රැඳී තිබෙන බවත් එම විශාල ගල ගැලවී වැටුනහොත් පහළ ඇති දාගැබ් දාසය සහිත කැටයමකට හා ශිලා ලේඛනයට හානි සිදුවිය හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අයහපත් කාලගුණයක් සමග එක දිගට ඇදහැලුණු වර්ෂාව නිසා ඛාදනය හේතුවෙන් මෙම ගල ගැලවී කුඩා ගලක රැඳී තිබෙන අතර මෙම අවදානම නිසා එම විහාර භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට එන සංචාරකයන්ට හා වන්දනා කරුවන්ට එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඩබ්.යූ. සුරංග පෙරේරා මහතා පැවසීය.
මෙම ගල ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දී ඇති අතර එම නිලධාරින් පැමිණ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළ බවද සහකාර අධ්‍යක්ෂවරයා කීහ.
පෙර රජ දවස කණිකාර වෙල්ලික විහාරය යන නමින් හැඳින් වූ මෙම සමුද්‍රගිරි පිච්ච මල් විහාරය මෙහි ඇති නටබුන් දෙස බැලීමේදී අනුරාධපුර මුල් යුගයේ ආරාමයක් බවට පෙනී යන්නේ යැයි සහකාර අධ්‍යක්ෂවරයා කීහ. දැනට අවධානම් තිබෙන ශිලා ලිපිය සංස්කෘතික බසින් ලියවුණු ශිලා ලිපියක් බවත් මෙරටින් හමු වූ සංස්කෘත බසින් ලියවුණු පළමු ශිලා ලිපිය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මතය වේ. ක්‍රිස්තු පූර්ව හය සහ හත සියවස්වල මෙම ශිලා ලිපිය ලියන්නට ඇති බව වියතුන්ගේ මතයයි. රුවන්වැලි සෑය වන්දනා කිරීමට දුටුගැමුණු රජතුමාට පිච්චමල් ගෙන ගියේ මෙම ස්ථානයෙන් බව ජනප්‍රවාදයේ පවතී.
-ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්