රුසියානු මාධ්‍ය ආයතනයකට සහ චීන සමාගම් දෙකකට බ්‍රිතාන්‍යයෙන් සම්බාධක..
රුසියාවට පක්ෂග්‍රාහී ලෙස තොරතුරු විකෘති කළ බවට චෝදනා එල්ලවන ආයතනකට සහ එක්සත් රාජධානිය සහ මිත්‍ර රටවලට එරෙහිව සයිබර් ක්‍රියාකාරකම් සිදුකළ බවට චෝදනා එල්ල වන චීන සමාගම් දෙකකට බ්‍රිතාන්‍යය සම්බාධක පනවා තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් යෙවෙට් කූපර් පවසන්නේ යුරෝපය පුරා, ප්‍රජාතන්ත්‍රවාදය අස්ථාවර කිරීමට, තීරණාත්මක ජාතික යටිතල පහසුකම් දුර්වල කිරීමට සහ අවශ්‍යතා අඩපණ කිරීමට නිර්මාණය කර ඇති භෞතික මට්ටටමේ සිට සයිබර් සහ තොරතුරු යුද්ධ දක්වා ක්‍රියාකාරකම් නිරීක්ෂණය වන බවයි.
විදේශ කාර්යාල ප්‍රතිපත්ති පත්‍රිකාවක් නිකුත් කළ නව සම්බාධක ලැයිස්තුවට රුසියානු මාධ්‍ය ආයතනයක් වන රයිබාර් ද ඇතුළත් වේ.
රයිබාර් යනු ටෙලිග්‍රෑම් නාලිකාවක් සහ භාෂා 28කින් අනුබද්ධිත ජාලයක් සමග ලොව පුරා මිලියන ගණනක් කරා ළඟා වන මාධ්‍ය ආයතනයකි.
එය ක්‍රෙම්ලිනයට පක්ෂව ගෝලීය සිදුවීම් පිළිබඳ සිදුවීම් හැඩගැස්වීම සඳහා ව්‍යාජ ‘පරීක්ෂණ’ සහ AI භාවිතයෙන් සකස් කරන ලද අන්තර්ගතයන් භාවිත කර ඇති බවට ද ඇය චෝදනා කළාය.
‘ස්වාධීන ආයතනයක් ලෙස වෙස්වලා ගෙන’ සිටින රයිබාර් වෙත රුසියාවේ පරිපාලනය මගින් අර්ධ වශයෙන් අරමුදල් සපයන බවත් ඔවුන් රුසියානු බුද්ධි අංශ සමඟ වැඩ කර ඇති බවත් ඇය පැවසුවාය.
රුසියානු GRU විදේශ බුද්ධි ඒජන්සියේ පෙරමුණක් ලෙස චෝදනා ලැබ සිටින ප්‍රව්ෆොන්ඩ් පදනමට ද සම්බාධක පනවා ඇත.
“රහසිගතව නිකුත් වී ඇති වාර්තාවලින් පෙනී යන්නේ ප්‍රව්ෆොන්ඩ් බටහිර ප්‍රේක්ෂකයන්ට ක්‍රෙම්ලිනය පිලිබඳ අදහස් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම වරදකරුවන් වූ රුසියානු ඝාතකයන් සහ ආයුධ ජාවාරම්කරුවන් සඳහා නීතිමය ආරක්ෂාවන් සඳහා අරමුදල් සපයන බවයි,” යනුවෙන් කූපර් පැවසීය.
සම්බාධක යටතේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ චින්තනයට සහ ඔහුගේ චින්තන පර්ෂදය වන භූ දේශපාලනික විශේෂඥතා මධ්‍යස්ථානයට බොහෝ සෙයින් බලපෑම් කළ බව සැළකෙන ජාතිකවාදී රුසියානු දාර්ශනිකයකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින්ට ද පහර වැදී ඇත.
මේ අතර එක්සත් රාජධානියට සහ මිත්‍ර රටවලට එරෙහිව ඔවුන්ගේ දැවැන්ත හා විචක්ෂණශීලී සයිබර් ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් චීනය පදනම් කරගත් i-Soon සහ Integrity Technology Group යන සමාගම් වෙත සම්බාධක පනවා තිබේ.
“මෙවැනි ප්‍රහාර අපගේ සාමූහික ආරක්ෂාවට සහ අපගේ මහජන සේවාවන්ට බලපානවා, නමුත් වගකිවයුත්තන් ඔවුන් ඉලක්ක කරන්නේ කවුරුන්ද හෝ කුමක් දැයි නොසළකා හරිමින් ක්‍රියා කරනවා. ඒ නිසා අපි එවැනි නොසැලකිලිමත් ක්‍රියාකාරකම් පාලනයකින් තොරව සිදු නොවන බවට සහතික වෙනවා,” යැයි ඇය පැවසුවාය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා